Chapter 08

238 30 8
                                    

🐥 කුක්කෝඕඕඕ

උදේ පාන්දරම ජිමින් ජන්කුක්ගෙ කන ගාව ඉදන් කෑ ගහන සද්දෙ තමයි ඒ. ජිමින්ගෙ කෑ ගැහිල්ලට ජන්කුක් කොට්ටෙන් කන් දෙක වහ ගත්තෙ ජිමින්ගෙ ටකරන් සද්දෙ අහන් ඉන්න බැරි නිසා.

🐥 ඒයි කුක්කා අන්න උඹේ ජාතික පානය හියුන්ගි බිබී හිටියා මම එද්දි

ඒක කිව්ව ගමන් නම් ජන්කුක් අකුණක් ගැහුවා වගේ ඇඳෙන් නැගිටලා ජිමින්වත් පෙරලන් පහළට දිව්වා. 🤭

පඩිපෙළ වේගෙන් බැස්ස ජන්කුක් ජියෝන්ගේ ඇගේ ගෑවී නොගෑවි කුස්සිය දිහාවට දිව්වෙ ජියෝන්ට තවත් වතාවක් පපුවෙ අමාරුව හදවලා.

🤴 මොනාද ළමයිනේ කඩි කුලප්පුව හැදිලා වගේ හැමතැනම දුවන්නේ. දෙන්නම එකයි. අනේ ඉතින් සෙරීත් හැදුවනේ මෙහෙම වසවර්තියො දෙන්නෙක්ව.

ජියෝන් කලකිරීමෙන් වගේ තමන්ටම එහෙම මුමුණ ගත්තත් ජන්කුක්ට නම් ඒක හොඳටම ඇහුනා.

🐰 අප්පාආආ... තනි අතින් අත්පුඩි ගහන්න බැරියෝඕඕ....

🤴 යාහ්... කුක්...

එහෙම කියාගෙන ජන්කුක් කුස්සියට ආවේ තමන්ගේ ජාතික පානය අවසරයකින් තොරව බිව්ව එකට යුන්ගිව උල තියලා මරන හැටි ප්ලෑන් කරන ගමන්. ජිමින් කිව්වා වගේම යුන්ගි හිටියේ මිල්ක්ශේක් එකක් බොන ගමන්. ඔව් ඒ කුකීගේ ආසම බීම එක.

🐰 යාහ් එම්බල පුරුෂය කවුද තා හට මගේ බනානා මිල්කි එක බොන්න අවසර දුන්නේ. 🤨

යුන්ගි ජන්කුක් දිහා බලලා නැවතත් තමන් බල බල හිටපු පුවත්පතට අවධානය දුන්නෙ ජන්කුක් කියන දේවල් නොතේරුණ නිසා. ජන්කුක්ට ඒකෙන් තවත් තරහ ගියා. ඒ එයා ඊයේ බොන්න අරන් තියපු බනානා මිල්කි එක යුන්ගි බොනවා දැක්ක නිසා.

🐰 හියුන්ගියා... අනේ මගේ මිල්කි එක.. දෙනවා මෙහාට ඕක...

එහෙම කියලා ජන්කුක් යුන්ගිගේ අතින් බනානා මිල්ක් එක ඇඳලා ගත්තෙ හරියට පොඩි එකෙක්ට සෙල්ලම් බඩුවක් හම්බුනා වගේ. යුන්ගි බඩ අල්ලන් හිනා වෙවී හිටියේ කාලේකට පස්සේ තමන්ගේ මොළේ නැති මල්ලිව අවුස්සපු එකේ සතුට සමරන ගමන්.

𝑂𝑤𝑛𝑒𝑟 𝑂𝑓 𝐿𝑜𝑣𝑒 [ 𝑇𝑎𝑒𝐾𝑜𝑜𝑘 ] On holdWhere stories live. Discover now