Morning 🌞
ජන්කුක් උදෙන්ම නැගිට්ටෙ ඇගෙන් දැනුන බර නිසා. හිමින් හිමින් ඇස් ඇරපු ජන්කුක් තමන්ගෙ ඇග උඩින් දැනුන බරට හේතුවක් උන කෙනා දිහා බැලුවා. ඔව් ඒ ටේහ්යුන්. ටේහ්යුන්ගෙ පියවිලා තියෙන දිග ඇස් පිහාටු ඇස් යටට වෙනකම්ම ගෑවුනා. තමන්ගෙ ඇග උඩට වෙලා ඒ පීච් පාට තොල් උල් කරගෙන තාමත් නිදන් ඉන්න පුංචි සුරදූතයා දිහා ජන්කුක් බලන් හිටියෙ ආදරේ සෙනෙහස උතුරන ඇස් වලින්. ජන්කුක් ටේහ්යුන්ගෙ කොණ්ඩ ගස් අතරින් ඇගිලි යැව්ව නිසා ටේහ්යුන් තවත් ඒ බෙල්ල අස්සෙ මූණ හංග ගත්තා.
වෙනදට සෙරීට ජන්කුක්ව ඇහැරවන්න මහන්සි ගන්න උනත් දැන් සෙරීට මහන්සි ගන්න වෙලා තියෙන්නේ යුන්ගිව නැගිට්ටවන්න. පොඩි කාලෙ ඉදලම යුන්ගිගෙ පුරුද්ද උනේ දවසෙම නිදා ගන්න එක. ඒ පුරුද්ද තාම නැති වෙලා නොගිය එකෙන් දුක් විදින්න උනේ නම් සේරීට. අදත් ඒ වගේම යුන්ගිව ඇහැර වන්න මහන්සි උන දවසක්.
👸 යුන්ගි... ඔයා ඔතනින් නැගිටිනවද නැද්ද???
සෙරී එහෙම ඇහුවත් ඊට යුන්ගිගෙන් ලැබුන ප්රතිචාරය උනේ නම් ගෙරවීමක් විතරයි.
👸 මේකාට මං කියන දේ ඇහෙන්නෙ නැද්ද? එහෙම නැත්නම්.... ඇහෙන්නෙ නැති ගානට ඉන්නවද?
තමන්ටම එහෙම මුමුණ ගත්තු සෙරී නැවතත් බැලුවෙ යුන්ගිගෙ දිහා.
🐱 මට ඔයා කියන දේ ඇහෙන්නෙ නෑ ඔම්මා... ඒක නිසා දැන් යන්න...
👸 යාහ් නැගිටිනවා ජන්ග් යුන්ගි!!! මං තමුන්ට මේ අන්තිම පාරට හොඳින් කියන්නෙ!?
🐱 ග්රෑක්...
නැවතත් ගෙරවිල්ලක් එලියට පිට කරපු යුන්ගි ඩුවට් එක අස්සෙ තවත් ඔළුව ඔබා ගත්තා.
යුන්ගිගෙ කාමරේ පහු කරන් ආපු ජිමින්ට සෙරී කාට හරි කෑගහනවා ඇහුන නිසා ඉස්සරහට තිබ්බ අඩිය නැවතත් පස්සට අරන් යුන්ගිගෙ කාමරෙ තුලට අඩි තිබ්බා.
🐥 ඇයි ආන්ටි...
ජිමින්ගෙ කට හඩ ආපු පැත්තට ඔළුව හරවපු සෙරී අතින් නලල පිරි මැද ගත්තා.
YOU ARE READING
𝑂𝑤𝑛𝑒𝑟 𝑂𝑓 𝐿𝑜𝑣𝑒 [ 𝑇𝑎𝑒𝐾𝑜𝑜𝑘 ] On hold
Fanfictionපණ මෙන් අදරේ කරපු කෙනා එකපාර අතුරුදහන් වුණොත්.....