ජිමින් උදේ හතරෙ ඉදන් නැගිට ගෙන ගෙදර මිනිස්සුන්ටත් නිදා ගන්න දෙන්නෙ නැතුව ඇඳුම් තෝරනවා. ජිමින්ගෙ ඔම්මා ඈනුනුත් ඇර ඇර ඇඳ උඩින් වාඩි වෙලා ජිමින් කරන පිස්සු වැඩේ දිහා බලන් හිටියා.
🐥 ඔම්මා අනේ මේක හොඳද කියන්නකො
👸 අයියෝ ජිමිනී ඔයා දැන් ඕක මගෙන් ඇහුවෙ 65378921 වෙනි වතාවට.
සෙලී කිව්වේ කම්මැලිකමෙන්.
👸 දැන් ඔයා මේ මෙච්චර උදේ පාන්දරින් ඇඳුම් තෝරන්නේ ඇයි? කෙල්ලෙක්වත් හම්බ වෙන්න යනවද?
සෙලී එහෙම ඇහුවම ජිමින් අතේ තිබ්බ ඇඳුමත් පැත්තකට විසික් කරලා බිමින් වාඩි උනේ කටත් උල් කර ගෙන.
🐥 ඔම්මා අනේ එයා කෙල්ලෙක් නෙවෙයි කොල්ලෙක්.
ජිමින් ටිකක් බයෙන් කිව්වත් සෙලී එක පාරටම හිනා වෙන්න ගත්ත නිසා ජිමින් බැලුවේ එයාගෙ ඔම්මට පිස්සුද එහෙම නැත්නම් තමන්ට පිස්සුද වගේ මූඩ් එකකින්.
👸 කවුරු උනත් මොකද කොල්ලො. ඒ කෙනා ඔයාට ආදරෙයි නම් අපිට ඕනි එච්චරයි. ඔයාගෙ සතුට විතරයි අපිට ඕනි.
🐥 I love you so much ඔම්මා...
👸 I love you too පැටියෝ
සෙලී එහෙම කියලා පහලට ගියේ උයන්න ඕනි නිසයි. ජිමිනුත් ඇදුම් තෝරන එක එපා උනු තැන වොශ් එකක් දාන්න ගියේ පැය ගානක්වත් වතුරෙ ඉන්නවා කියන අදහසින්ම තමයි. පැය එක හමාරකට විතර පස්සේ ජිමින් ඇවිත් කළු පාට හූඩි එකටම කළු පාට කොට ශෝර්ට් එකක් ඇඳ ගෙන ගාන්න තියෙන සේරම ජාති ටිකත් ගා ගත්තා.
ජිමින් පහලට යද්දි සාලෙ ෆයිල් වගේකට මූණ ඔබන් හිටපු පාර්ක් ෆයිල් ටික පැත්තකින් තියලා නහය වහ ගත්තෙ සුවද වැඩි නිසයි. ජිමින්ට ඒක දැකලා තවත් මූණ අවුල් උනා.
🐥මොකද අප්පා!
🤴 ඔයා ගාව සුවඳ වැඩියි ජිමින්... ඔයා සෙන්ට් ඇගේ ගෑවද එහෙම නැත්නම් ඒවා හලා ගත්තද?
🐥 අනේ මන්දා ඉතින්.. කොහොම උනත් මට අළුත් ටිකක් ගන්න වෙයි සේරම එවරයි... 🙄😁
YOU ARE READING
𝑂𝑤𝑛𝑒𝑟 𝑂𝑓 𝐿𝑜𝑣𝑒 [ 𝑇𝑎𝑒𝐾𝑜𝑜𝑘 ] On hold
Fanfictionපණ මෙන් අදරේ කරපු කෙනා එකපාර අතුරුදහන් වුණොත්.....