කැෆේ එකේ වැඩ ඉවර වෙලා ගෙදර එන අතරෙ මට වේගෙන් දුවන්න සිද්ධ වුනා...එහා පැත්තෙ ගෙදර බල්ලා මගෙ පස්සෙන් පන්නගෙන ආව නිසා පණ බේර ගන්න මං පුලුවන් තරං වේගෙන් දිව්වා...කොහොම හරි විනාඩි පහලවක් විතර දුවලා ඒ යස්සයව මග ඇර ගත්තා...
කකුල් දෙක ගිටාර් ගහනවා වගේ හත්තලාමේ...පට්ට මහන්සියක් දැනෙන්නෙ..අර බල්ලගෙ ආච්චිට හාල් ගරලත් මදිනෙ ඉතිං...ඈතින් ගෙදර පේනවා...සුදු පාට පිරියම් කරපු ගෙදර...මේ වෙලාවෙ නම් ඒක ගෙදරක් නෙවෙ වෙලාවෙ හැටියට,දිව්ය භවනක්...
ගෙදර යද්දි වෙනදා වගේ නෙවෙ,වෙනසක් තියනවා..
"අම්මා...කෝ ඔයා..ඔයාගෙ බබා ගෙදර ආවා..."
ම්හු සද්ද නෑ...
"අම්මා...මේ ඔයාගෙ බබා ගෙදර ආවා...එන්නකො"
"අම්මා තාම ගෙදර ආවෙ නෑ බූරු පැටියො...අම්මා වෙනුවට මං ආවා...මෙහෙ එනවා උම්මා එකක් දෙන්න...කෝ ඉතිං.."
"යා තමුසෙ කොයි වෙලාවෙද ආවෙ...එන්නෙපා ළඟට ඔය ජරා බලු හොම්බ මගෙ ඇඟේ ගාන්නෙපා සුදූ...අහකට යනවා...ඊයා බොගෙ බලු කෙල...මට ජලභීතිකාව හැදෙයි යකෝ...අම්මාාාා...අනේ බේර ගන්න..මේ ප්රේත ආත්මෙ මෙතනින් අරන් යන්නකෝ..."
>>Pause<<
හොඳයි..මේ ප්රේත ආත්මෙකට අහු වෙලා ඉන්න මම තමයි ශේන්යා විතුලි අතපත්තු...මධ්යම පාන්තික පවූලක නාහෙට නාහන කෙල්ලෙක්...මගෙ තාත්තා නෑ..එයා අපිව දාලා ගිහින් ලු පොඩි කාලෙ... අම්මා තමයි කිව්වෙ ඔන්න.මම ඕවා දන් නෑ,ඒවා වෙලා තියෙන්නෙ මම හෙන ඇටයා කාලෙ..දැන් මට අවුරුදු 21යි..මම කොලේජ් ගිහිල්ලත් ඉවරයි...මේ දවස් වල කැෆේ එකක වැඩ...ජොබ් එකක් හොයා ගන්න ඕන...ඒත් තාම සෙට් වෙන එකක් සෙට් වුන් නෑ...
ඊලඟ කාරණාව...මට ඉන්නවා සහෝදර පරාණ දෙකක්...පළවෙනි එක අක්කෙක්...දෙවනි එක තමයි අහිංසක සූකිරි බෝලයක් වගේ මල්ලි බබෙක්,නම දිහේන්.අපෙ ගෙදර වැඩිපුරම පාඩුවේ ඉන්න චරිතෙ.....
කලින් කියපු ප්රේත ආත්මෙ කවුද කියලා කියනවා නං..ඒ තමයි මගෙ සුදු අක්කා කියන එකී... යුනිවර්සිටි සකන්ඩ් ඉය ඉන්නෙ...ආදිත්යා තමයි නම...ඒ යක්ස භුතාත්මෙ මං අද ගෙදරට එද්දී වැකේෂන් එකට ගෙදර ඇවිත්...අදින් පස්සෙ ගෙදර ඉඳලත් ඉවරයි මම..සුදු අක්කා ආවම මට සංසාරෙ එපා වෙන්නෙ අර මූණ පුරා බලු කෙල ගාන නිසා තමයි...(ඒත් මං ඒකට කැමතියි)
>>Continue<<
"අපෝ තමුසෙ මහ දුෂ්ටියක්..."
"ඔවාගෙ ඔය බලු හොම්භ මගෙ ඇඟේ උලන් නැතුව ඉන්නො නම් මං දුෂ්ට වෙන් නෑනෙ සුදූ..."
"වැඩේමයි... මං යනවා...තමුසෙටත් තේකක් ඕන නම් එනවා කිචන් එකට..."
"අනාව් මගෙ ෂුදුනෝනා කැටේ..ආදලෙය් පනේ..."
"ඒවට නම් පුදුම බටර් ගෑමක් ගාන්නෙ..."
"හලි හලි ඉතිං...මං සුටුස් ගාලා වොෂ් පාරක් දාන් එන්නම්...මහන්සියි හලො..."
"හ්ම් "
මං පඩිපෙල අඩි දෙකට නැගලා කාමරේ දිහාවට දිව්වා...
________/\_________
වෝට් එකක් කමෙන්ට් එකක් දාම් යන්න කියවන බබාලා...🤗🤗❤️
YOU ARE READING
emotions (Completed)✓✓
Romanceආදරය නිසා හඬන්නට හෝ හිනැහෙන්නට නොව, ආදරය නිසාවෙන් සැනසී අත්හරින්නට කියා දුන් ඔබ, යථාර්ථය පහදා දුන් ප්රේමණීයම කවියයි.. ඉතිං හිතවතිය, ප්රේරේමයට හේතු කිම...? ලෙංගතුම ඔය හිතට කොන්දේසි විරහිතව අසීමාන්තික ප්රේමයෙන් බැඳෙමි.... . . . . . . . #start dat...