කලින් දවසෙ රෑ ගැන මං මතක් කරන්නවත් කැමති නෑ..මතක් වෙද්දිත් ඔලුව අවුල් වෙනවා...රැයෙන් භාගයක්ම ආමන්ඩ් ඇට වල පොතු ඇරලා මගෙ ඇඟිලි ටික ගන්න දෙයක් නෑ...සුදු ගෙ විකෘති මොළෙන් මට දීපු දඬුවමත් ඒ වගේම විකෘතියි... මට අනුව නම් එයා කරේ දඬුවමක මුවාවෙන් එයාට තිබ්බ කම්මැලිම එපා කරපුම වැඩේ මට කියලා කරවා ගත්තා...සෝ දිස් ඉස් ඉල්ලීගල්...
ආයෙ බටු ඇටේ දිහා ඇහැක් ඇරලා බලන් නෑමයි... මං සුද්ද කරපු ආමන්ඩ් ඇට ටික පල්ලා,දැක්කත් අහක බලන් යනවා...නිදි මරගාතෙ කැෆේ එකට ගාටද්දි අද අශානි ඇවිත් නෑලු...මරු හැබැයි සේරම වැඩ ටික කරන්න ගියාම මගෙ අසරණ කකුල් දෙක දණිස් ළඟටම ගෙවිලා ගියත් මං පුදුම වෙන් නෑ...
හවස් වෙද්දි කැෆේ එකම හිස් වගේ... කවුරුවත් නෑ...පුටුවක් උඩට වැටිලා ෆෝන් එක අතට ගත්තා විතරයි,කැෆේ එකේ දොර ඇරුණා...කපල් එකක් ඇවිත් ටේබල් එකකින් වාඩි වුනා....මං මේසෙන් ඔලුව ගහගෙනම හිටියා මිසක් ඔලුව ඉස්සුවෙ නෑ...කලින් දවසෙ නිදි මරලයි,වැඩ කරලයි මහන්සියි හොඳටම...නිකිණි ගියා ඒ ටේබල් එකට....එයාලා මොනා හරි ඕඩර් කරා...ටිකකින් අශානි ඕඩර් එක අරන් ගියා...මේසෙ උඩම ඔලුව තියන් ලාවට ඇස් පියවුනා විතරයි, ඇස් ඉස්සරහ ඒ රූපෙ...බටු ඇටේ....
ඇස් ඇරලා වටපිට බලද්දි මුලින්ම දැක්කෙ ඉස්සරහ ටේබල් එකේ කපල් එක....
"බටු ඇටේ..?"
මට මිමීණුනා...
බටු ඇටේගෙ බෝල ඇස් එයාගෙ බෝයි ගෙ කලු කොණ්ඩෙ මග ඇරලා මං දිහා බලලා හිනා වුණා....මං දැක්කෙ ඒ ඇස් වල හිනාව විතරයි.....
ඇත්තමයි හිත ගැස්සුණා...එයා එක්ක හිනා වෙන්නත් අමතකයි...මුවෙක් වගේ දිලිසෙන ඇස් නිසා මට වෙන පැත්තක් බලන්න පවා අමතක වුණා....
ආයෙ කොල්ලා දිහා බලපු ඒ ඇස්,ඌ එක්ක හිනා වෙන්න ගත්තා.. හිනා වෙවීම දෙන්නා මොනා හරි බොනවා.... අනේ අරූට හිර වෙයන් කඩවලේ...
මං බටු ඇටේට කැමති වුණේ කොයි වෙලාවෙද මට මතක නෑ...ඒත් මේ දැන් ඒ ඇස් දෙක අමතක කරන්න බැරි තරම් ඔලුවෙ කරක් ගහනවා....ඒකත් මහ අමුතුම හුරු පුරුදු හැඟීමක් එක්ක...ටිකක් සැරට දැනෙන ඔලුව කැක්කුම අමතක කරගෙන මං අහක බලා ගත්තා....ඒත් එක්කම කැෆේ එකේ දොර ඇරුණා...ඇතුලට ආවෙ පොඩ්ඩා...
YOU ARE READING
emotions (Completed)✓✓
Lãng mạnආදරය නිසා හඬන්නට හෝ හිනැහෙන්නට නොව, ආදරය නිසාවෙන් සැනසී අත්හරින්නට කියා දුන් ඔබ, යථාර්ථය පහදා දුන් ප්රේමණීයම කවියයි.. ඉතිං හිතවතිය, ප්රේරේමයට හේතු කිම...? ලෙංගතුම ඔය හිතට කොන්දේසි විරහිතව අසීමාන්තික ප්රේමයෙන් බැඳෙමි.... . . . . . . . #start dat...