"තමුසෙ මොනාද මෙතන කරන්නෙ...?"
හවස මුණ ගැහුන පොඩි එකී කකුලක් උස්සගෙන අනිත් කකුලෙන් උඩ පනින හැටි බලන් මං ඇහුවා...
"ආව්ව්...ඒක රිදෙනවා...."
මං එයා ලඟට ගිහින් බිමට පහත් වෙලා ඒ පොඩි කකුල අතට ගත්තා...සිනිඳු කකුල පොඩ්ඩක් සීරිලා....අහේතුකව ලෝභ කමක් දැනුනා, අන්සතු වස්තුවක් වුණත්...
"මෙතන ඇයි මේ වෙලාවෙ,දැන් හොඳටම රෑ වෙලා..."
"මේකයි...මේ..."
කෙල්ල ඇඟිලි පටලන්න ගත්තා...
"හ්ම්.."
මං අත් දෙක හරහට බැඳ ගෙන බලන් හිටියා..
"මේ යාලුවො එක්ක කොෆි බිව්වනෙ.."
"ඕ ඉතිං..."
"බස් එක තිබ්බෙ හය හමාරට..."
"..."
"මං..මං යද්දි ඒක ගිහිල්ලා..."
හුරතලේට තොල් නොපිට පෙරලන් බිමට හරවගෙන හිටපු මූණ මං දිහා බැලුවා..දිලිසෙන ලොකු බෝල ඇස්...
ආහ්,,පපුව....හාට් එකෙන් පටන් ගත්ත හීනි කරන්ට් එක ඇඟ පුරා දිව්වා...රැවටෙන්න හොඳ නෑ මේ හුරතලේට... මේ බෝල ඇස් දැනටමත් අන්සතුයි...මතක කියා ගන්නෝන ඒක...ඒත් වැරදිලාවත් එහෙම නැත්තන්...."කෝ ඉතිං තමුසෙගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ආවෙ නැද්ද..?"
ඒ ඇස් සෑහෙන්න කතා කරනවා...ඕවට උත්තර දෙන්න තමයි මට බැරි කෙල්ලෙ...උත්තර දෙන්න ගිහින් මගේම ඇස් රතු වෙයි කියලා මට බයයි...
"එයාට අද නයිට් ශිෆ්ට් එක නිසා එන්න වුන් නෑ...ටැක්සි එකක යන්න හිටියෙ...එකක්වත් නෑ මේ හරියෙ.."
ආහ් ඒක නම් රිදුනා..ඒක කියන්නෙ එයා ඕල්රෙඩි ටේකන්..පාර දිහාත් බලලා මං දිහාත් බලපු කෙල්ල ආයෙ ඒ බෝල ඇස් බිමට හැරෙව්වා...මෙහෙම තනියම මෙතන දාලා යන්නත් බෑ...මොකක් හරි කරන්න ඕන...අපේ ගෙදර, හපො මේ මිනිස්සු මාව පච කරලම මරලා දායි..බයික් එක, නෑ නෑ ඒ ගැන හිතන්නවත් හොඳ නෑ...
"මං ගෙදර එක්කන් යන්නං..හැබැයි චෑං චූං ගාන්න බෑ හරිනෙ..?"
කෙල්ල මං දිහා ටිකක් වෙලා බලන් හිටියා..
YOU ARE READING
emotions (Completed)✓✓
Romanceආදරය නිසා හඬන්නට හෝ හිනැහෙන්නට නොව, ආදරය නිසාවෙන් සැනසී අත්හරින්නට කියා දුන් ඔබ, යථාර්ථය පහදා දුන් ප්රේමණීයම කවියයි.. ඉතිං හිතවතිය, ප්රේරේමයට හේතු කිම...? ලෙංගතුම ඔය හිතට කොන්දේසි විරහිතව අසීමාන්තික ප්රේමයෙන් බැඳෙමි.... . . . . . . . #start dat...