ඊලඟට ගෙවුන දවස් දෙකෙම කරන්න වැඩකුත් නැතුව ඔහේ හිටපු ආත්මා ඊලඟ දවසෙ උදේ දිහේන් එක්ක කොරියන් ඩ්‍රාමා එකක් බලන්න වාඩි වුණා...තරුමිණියත් දවල් වෙන්න එන්නං කිව්ව නිසා එතකන් දෙන්නා එක්කම වයිකිකි සීසන් වන් එක බලන්න දා ගත්තා...
"කෙන්චානා කෙන්චානා..."
ඒ එක්කම ඇහුණෙ එලියෙ වාහන සද්දයක්....හයියෙන් හිනා වෙවී හිටිය දෙන්නම ඩ්‍රාම එකත් නවත්තලා දොරෙන් එලියට යද්දි ,ප්‍රධාන ගේට්ටුවට එහා පැත්තෙ පොඩි පැති ගේට්ටුවෙන් ඇතුලට ආව කෙනාව දැක්කම ආත්මාගෙ කකුල් දෙක පණ නැති වෙන්න වගේ ආවා..
"අම්මා..."
චටාස්....
ආපු වේගෙටම වැදුණ කම්මුල් පාර නිසා ආත්මා වීසි වෙලා යද්දි දිහේන් පැනලා අල්ලා ගත්තා...
"මට බොරු කිය කිය,කරන දෙයක්වත් නොකියා දේවල් කරන්න ගත්තට කමක් නෑ ..මින් පස්සෙ තමුන්ට අම්මා කියලා කෙනෙක් නෑ කියලා හිතා ගනිං ආත්මා...කොහොමත් ජම්ම ගති ඇතිනෙ...පිට එකා කවදත් පිටම තමයි...උඹ ව ගෙදර ගේද්දිම මං කිව්වා කොහෙද ඇහුවද...ඒ මිනිහටත් උඹව ලොකු වුණා තමන්ගෙ එකාට වඩා..."
ආත්මාගෙ ඔලුවෙ ඇතුලෙ රැව් දුන්නෙ පිට එකා පිටම තමයි කියපු වචන ටික විතරයි...කොච්චර කන් දෙකට ඇහුණත් ආත්මාට විස්වාස කරගන්න බැරි වුණා...ඇස් පලාගෙන වගේ කඳුලු වැටෙද්දි වෙව්ල වෙව්ලම ආත්මා වචන ඇහිංදා...
"අම්මා....ඒ කියන්නෙ..මං ඔයාලගෙ නෙවෙද.....?"
"උඹ මට ඇහෙන්න කතා කරන්නෙපා ආත්මා...තාත්තා මරා ගත්ත එකාගෙ වහල යට ඉඳං උඹ කොහොමද ඔහොම අහන්නෙවත්?"
"තා..ත්..තා ම..රා ගත්තා..?"
මුකුත්ම නොකිව්ව අශ්විතා ආත්මා ව අතෑරලා දිහේන් දිහාවට හැරුණා..
"තමුන්ගෙ මහ වුන් දෙන්නා ආවම කියනවා ..මේකිව එපා නං හිටපු තැනටම ගිහින් දාන්න කියලා...කෙලෙහෙ ගුණයක් නැති පරට්ටි..."
ආත්මා දිහාවට රවලා අන්තිම වචන ටික කිව්ව අශ්විතා එහෙමම අඩි හප්ප හප්ප ගෙදරින් එළියට ගියා..ආත්මා කෑ ගහ ගහ පස්සෙන් දිව්වත් හැරිලවත් නොබලපු අශ්විතා,ආත්මා පාරෙ වැටෙන හැටි දැක දැකම කා එකෙ නැගලා යන්න ගියා...
YOU ARE READING
emotions (Completed)✓✓
Romanceආදරය නිසා හඬන්නට හෝ හිනැහෙන්නට නොව, ආදරය නිසාවෙන් සැනසී අත්හරින්නට කියා දුන් ඔබ, යථාර්ථය පහදා දුන් ප්රේමණීයම කවියයි.. ඉතිං හිතවතිය, ප්රේරේමයට හේතු කිම...? ලෙංගතුම ඔය හිතට කොන්දේසි විරහිතව අසීමාන්තික ප්රේමයෙන් බැඳෙමි.... . . . . . . . #start dat...