"මොනවද දරුවො මේ රෑ වැස්සෙ තෙමීගෙන කරන්නෙ...අර දරුවා කෝල් කරපු වෙලාවෙ ඉඳලා මං මේ ගින්දර පත්තු වෙවී බලං හිටියෙ.."
මං ගෙට ගොඩ වෙද්දිම අම්මා කෑ ගහගෙන අඬන්න වගේ මූණත් හදන් දුවන් ඇවිත් අත් වලින් මගෙ මූණ පිහින්න ගත්තා....
"මේ රෑ මගින් බැහැලා ආවා කිව්වම පපුවට දැනිච්ච ගින්දර දැනුයි නිවුනෙ..."
මං වතුර පිටිම්ම අම්මගෙ උරහිසට ඔලුව තිව්වා...
"මොකද්ද වුණේ පුතේ...මහ රෑ අර විදියට දුවන්න තරං..."
මං මුකුත් නොකිය එහෙමම හිටියා..
"ආත්මා ව මතක් වුනාද පුතේ...?"
අම්මා එහෙම අහද්දි මං සනිකවම ඔලුව ඉස්සුවා..
"අම්මා ඔයා කියන්නෙ වැරදිලාවත් මං ආත්මව කලින් දැනන් හිටියා කියලද?"
මං ඇස් හීනි කරන් අම්මා දිහා බලද්දි මුකුත් නොකියපු අම්මා මගෙ කොණ්ඩෙ තිබ්බ වතුර බිංදු ගැසුවා....
"හ්ම්...ඔයාටම ඒක මතක් වෙයි දරුවො"
ඉතිං මුකුත් නොකියන අම්මගෙන් අහලා වැඩකුත් නෑ..එයාලා ඔහොම කරන්නෙ මං ඇක්සිඩන්ට් උන දවසෙ ඉඳලා...මගෙ ඔලුවට ප්රෙශ එකක් දෙන්න හොඳ නෑ කියලා එයාලා මේ කරන වැඩෙන් මාව තව තව අවුල් වෙනවා....
මං බර හුස්මක් පහල දාලා පඩිපෙල දිහාවට හැරුණත් ඒ එක්කම සෝෆා එකේ කවුරු හරි නිදන් ඉන්න හැටි ඇස් කොනට දැක්කා...අපෙ අම්මා නිදා ගන්න තැනක් හදලා දුන් නැත්තෙ කාටද බලන්න මං එතෙන්ට ගියා....
"අම්මා ඇයි මෙයා මෙතන...?"
සෝෆා එකෙ ගුලි වෙලා හිටියෙ ආත්මා....
"ඔයා ගිය වෙලාවෙ ඉඳලා අඬ අඬ හිටියා ඔයා එයි කියලා බලං...දැං ඔන්න නින්ද ගියෙ.."
"කාලද නිදා ගත්තෙ...?"
"කටක් දෙකක් කෑවා යන්තං.."
"නැගිට්ටවන්න අම්මා...මං වොශ් එකක් දාං එන්නං..."
මං මගෙ කාමරේට ආවා....හේශාන්ගෙ ගෙදර ඉන්න හිතං ගියාට යද්දි අම්මගෙ මූණෙ තිබ්බ දුක මතක් වෙද්දි හිත හදන් එහෙ ඉන්න බැරි වුණා මට...පපුව රිදෙන එක පැත්තකට දාලා හුස්ම හිර වෙලා මැරුණත් කමක් නෑ කියලා හිතං මං මගින්ම බැහැලා, හේශාන්ව බෑ බෑ කියද්දිම යවලා ගෙදර ආවා....ඌ යන්න කලින් අම්මට කෝල් කරලා කේලම කියලා ගිහිම් තියෙන්නෙ ඔටු ලබ්බා...මං එනකන් මේ මනුස්සයා බයෙන් ඉන්නැත්තෙ ඉතිං... මං වොශ් දාන් පහළට යද්දි ආත්මා ඉන්නවා සෝෆා එකේ වාඩි වෙලා...
YOU ARE READING
emotions (Completed)✓✓
Romanceආදරය නිසා හඬන්නට හෝ හිනැහෙන්නට නොව, ආදරය නිසාවෙන් සැනසී අත්හරින්නට කියා දුන් ඔබ, යථාර්ථය පහදා දුන් ප්රේමණීයම කවියයි.. ඉතිං හිතවතිය, ප්රේරේමයට හේතු කිම...? ලෙංගතුම ඔය හිතට කොන්දේසි විරහිතව අසීමාන්තික ප්රේමයෙන් බැඳෙමි.... . . . . . . . #start dat...