20th emotion

332 57 9
                                    

උදේම ලේස්ති වෙලා මං ක්ලාස් එන්න ආවා...තරුමිණියා ඇති පාරෙ...ගෙවිච්ච මාස ගානට හැමදාම විතූව දැක්කත් මං කතා කරන්න යද්දිම එයා මාව මග ඇරියා.. මං දිහා බලං හිටියා...කියන්න තියෙන දේ විනාඩියෙන් කියලා එයා මාරු වුණා...ඕ ලෙවල් වලට මාසයයි තව ක්ලාස් යන එකත් නැවතුනාම ඊට පස්සෙ මාස හය මට එයාව දකින්නම නැති වෙයිද දන් නෑ.....

මං පාරට යද්දි කිව්වත් වගේ තරුමිණියා ඉන්නවා මල් මල් ගවුමක් දිගට දිගේ ඇඳගෙන....හැමදාම වගේ යන බස් එකට නැගලා දොර ලඟ සීට් එකේ වාඩි වුණා...බස් එකේ සෙනඟ සෑහෙන්න අඩුයි උදේ පාන්දරම නිසා...තරුමිණියා ඊට ඉස්සරහ සීට් එකට ගියා...මූ යකෝ...එහෙම කොහොමද,මාව තනියම දාලා යන්නෙ..

"ඕයි කොහෙද යන්නෙ උඹ..."

මං සීට් එකට උඩින් අත දාලා තරුමිණියගෙ ඔලුවට එකක් ගැහුවා...

"ඉඳපං ඔහොම..."

ඒකි එහෙම කියලා ඉස්සරහට හැරුණා...මං ජනේලෙන් එළිය බලා ගත්තා...උදේ හත හමාරට ගණං පංති...සර් කාරයට නින්ද යන් නැතුවද මංදා පාන්දරම ක්ලාස් එකට දුවන් එන්නෙ..එව්ව්ව්ව්...මගෙ එහා පැත්තෙන් කවුරු හරි වාඩි වුන නිසා මං ඒ පැත්ත බැලුවා.. මං හිතන්නෙ මගෙ කට ඇරෙන්නැති....විතූ ඉන්නවා සීට් එකේ හති දදා...සෝටයි සුදු ටී සර්ට් එකයි ඇඳලා බාට දෙකක් දාන්...ගෙදරට ඉන්න ගමන් ඇවිත් තියෙන්නෙ එයා...

"වි..විතූ..."

"මොකො චූටි ගොත ගහන්නෙ...? වතුර එකක් තියෙ නං දෙනොකො..මහන්සි දුවලා..."

"ඇයි දිව්වෙ...?"

මං වතුර එක දෙන ගමන් ඇහුවා...

"දිව්වෙද,දිව්වෙ බස් එක අල්ලන්න..."

එයා වතුර බීලා බෝතලේ මට දීලා සීට් එකේ කෙලිං වෙලා වාඩි වුණා...වාඩි වෙලා මගෙ අතක් එයාගෙ අතක පටල ගත්තා...

"චූටි...."

"ම්ම්..."

මං එයාගෙ උරහිසට හේත්තු වුණා..කාලෙකින් මේ...පාලුවෙන් හිටපු හිතට පුදුම තරං සැනසීමයි.... ඉතිං මං ඔලුව උස්සන්නවත් උත්සහ කරෙ නෑ...

"පාලු හිතුනා..."

"මටත්..."

එතනින් එහා කතා නෑ..බහින තැනට එනකන්ම අපි නිශ්ශබ්දයි....මේ මොහොතෙන් පස්සෙ අපි ආයෙ දුරස් වෙයි...මේ මොහොතෙන් පස්සෙ හැමදේම වෙනස් වෙන්න උනත් පුලුවන්...ඉන්න ලැබුන තත්පරේ නාස්ති කර ගන්න බෑ වගේ හැඟීමක් හිත ඇතුලෙ මරලතෝනි තිව්වා...බැහැලත් මං ඒ අත අතෑරියේ නෑ ඉතිං...

emotions (Completed)✓✓Where stories live. Discover now