"ඒයි චූටි කොහෙද යන්නෙ ඔය තුවාල පෑරෙයි...."
පහලට දුවන් ආව ආත්මා එක එල්ලෙ දොර දිහාවට දුවන් යද්දි දිහේන් පැනලා යන්න නොදී අල්ලා ගත්තා..
"එ..එයත් යනවා...එයත් යනවා...යන්නෙපා කියන්න....එපා කියන්න..."
අඬ අඬා කියවන කෙල්ලව දිහේන් තමංගෙ පැත්තට හරවා ගත්තා...හැමදේටම වඩා අම්මත් එයාව දාලා ගියපු එකයි ඒ හිත වැඩියෙන්ම පාරලා තියෙන්නෙ...දිහේන්ට තේරුණේ එච්චරයි...
"කෝ කෝ අපෙ චූටි මේ බලන්නකො...එයා කැෆේ එකට ගිහිං ඉක්මණට එනවා...එයාට වැඩ තියනවලුනෙ...කෝ මෙහෙං වාඩි වෙමු අපි..."
සෝෆා එකෙන් ආත්මාව වාඩි කරපු දිහේන් අවුල් වුන කොණ්ඩ ගස් හද හද ඒ ඔලුව අත ගෑවා...ඒ එක්කම කෑ ගහන්න ගත්ත ෆෝන් එක අතට අරං ටිකක් එහාට ගියෙ කවුද බලන්න...
"තරුමිණි"
දිහේන් ෆෝන් එක කනේ තියා ගත්තා....
"මේ ගේට්ටුව ඇරපල්ලා යකුනෙ.. මං පියාඹලාද ඇතුලට එන්නෙ නැත්තං...
"පැත්තෙ පොඩි ගේට්ටුව ඇරං එනො....ඒක ලොක් කරලා නෑ..."
දිහේන් ආයෙම ආත්මා ගාවින් වාඩි වුණා....තරුමිණි දුවගෙන වගේ ගෙට එද්දි ආත්මාත් හැරිලා බැලුවා...
"තරුමිණියා...."
"හා සුදු නෝනා..ඔන්න මං ආවා..කන බොන දේවල් එහෙ..ඕයි මේ මොකො මේ....කවුද උඹට ගැහුවෙ නාරී..?"
තරුමිණියා අතේ එල්ලං හිටපු කඩචෝරු බෑග් එක පවා අතෑරලා ආත්මා ගාවට දුවන් ආවා....කකුල් අත් ලෙලි ගහගෙන ,කම්මුල ඉදිමිලා,තොල් පැලිලා ඉන්න කෙල්ල ගාවට දුවන් ආව තරුමිණියා පුදුම දුකකින් බලං හිටියෙ...
"දිහේන් මොකද්ද වුණේ කියපංකො..."
දිහේන් තරුමිණිටත් කතා කරං එළියට යද්දි ආත්මා සෝෆා එකේ කොනකම ගුලි වෙලා ඇස් පියා ගත්තා....හිතේ තියන හැඟීම මොකක්ද කියන්න ආත්මාට තෝරගන්න බෑ...ලොකු තනිකමක් එක්ක දුක කලකිරීම නොඅඩුව ඒ හිතට දැනෙනවා...අම්මා කිව්ව දේවල් එකින් එක හිතලා වෙන් කරලා අඳුනගෙන කිරලා මැනලා හරි වැරැද්ද හොයන්න තරම්වත් හිත එකඟ කර ගන්න බෑ...කොහේ හරි ඈතකට දුවලා කාටවත් නොපෙනි අස්සකට රිංගලා හැංගෙන්න තියනවා නම් කියලා හිතෙන තරම් හිත දුර්වල වෙලා...
YOU ARE READING
emotions (Completed)✓✓
Romanceආදරය නිසා හඬන්නට හෝ හිනැහෙන්නට නොව, ආදරය නිසාවෙන් සැනසී අත්හරින්නට කියා දුන් ඔබ, යථාර්ථය පහදා දුන් ප්රේමණීයම කවියයි.. ඉතිං හිතවතිය, ප්රේරේමයට හේතු කිම...? ලෙංගතුම ඔය හිතට කොන්දේසි විරහිතව අසීමාන්තික ප්රේමයෙන් බැඳෙමි.... . . . . . . . #start dat...