"මෙච්චර හොයලත් හොයා ගන්න බැරි,මගෙ කෙල්ල කොහෙ හැංගිලාද බං..මට හරි මහන්සියි,ඇයි මේ පොඩි එකී මං ගැන අබ මල් රේණුවක් තරම්වත් නොහිතුවෙ හේශා.."
මං බර හුස්මක් පහළට දැම්මා..සතියක් තිස්සෙ හොයලත් ආත්මාව හොයා ගන්න බැරි වෙද්දි,වැඩිපුරම වේදනා වින්දෙ මම කිව්වොත් හරි....ආත්මාගෙ අම්මා ආයෙ ආත්මා ගැන ඇහුවෙ නෑ...අශල්යා නම් ආපහු හොස්පිට්ල් එකට ගිහිං....තාත්තගෙ කන්ටැක් පාවිච්චි කරලා පිදුරු ගොඩෙ වැටුණ ඉදි කට්ටක් ගානට මං ආත්මාව හෙව්වා....එයාගෙ නමට කිසිම ගනුදෙනුවක් කඩේකවත් නෑ,ඒ හුරුව තියන මනුස්ස පරාණයක් කොහෙදිවත් හම්බුනෙ නෑ...අඩුම ගානෙ එයා ජීවත් වෙනවා කියන්න කිසිම සලකුණක් නැති වෙද්දි මං හිතිං සෑහෙන්න කඩං වැටුණා..රෑ නින්දක් නැතුව මං කල්පනා කරා....ආත්මා දුරක හරි හොඳින් හිටියා නං මම මෙච්චර වේදනාවක් විඳින් නෑ...එයා මට පේන මානෙක නැතුව,උනෙ මොකද්ද කියන්නවත් නොදැන මේ ගෙවිලා යන තත්පර මට අමු සොහොනක ඉන්න ගානයි....
මං කාමරේට ගිහිං ඇඳට වැටුනා..දවස් දෙකක්ම ක්ලාස් කට් වුණා..ඒත් මට ඒවා කවර් කරන්න වුවමනාවක් නෑ...දවස ගෙවිලා ගියා...ආයෙ දවසකට ඉර පෑව්වා...ඒත් මගෙ ලෝකෙ තාම අඳුරුයි..ආත්මා හොඳින්ද කියලා දැන ගන්නකම්ම ඒක එහෙම වෙයි...
"ශෙනා...යමං .."
"කොහෙද...?"
මං ඇඳෙ ඉඳංම ඔලුව උස්සලා බැලුවා..
"ඇයි අර බොලයි තාත්තා කිව්වෙ.. බණ්ඩාරවෙල ගිහිං එන්න කියලා..."
"මට බෑ..."
"හොල්මං කරන්නෙපා ශෙනා..ඒ වෙලාවෙ හා කියලා දැං බෑ කිව්වම හරිද...අන්කල් උදෙත් කෝල් කරා..යමං මෙහෙ...."
හේශාන් ඔය කියන්නෙ තාත්තා අලුත් බිල්ඩින්ග් එකක් ගන්න වැඩේට මාව යවන්න හදන එක ගැන....අර දිහේන් වගේ කොලු පරාණයක් ඉදිද්දි,අසිත අයියා වගේ හයේ හතරෙ බෑණෙක් ඉද්දි ඇයි මාවම....? තාත්තා මට වැඩියෙන් ආදරේ වුණ එකත් මහ වදයක්...
මං ඇඳෙන් නැගිටලා වොෂ් රූම් එකට වැදුණා....මහ අප්පිරියයි මේක...හිතේ ප්‍රශ්න කෝටියක් තියෙද්දි මේ මගුල් බලන්නත් වෙලා...අම්මපා මොන වදයක්ද මේක...
YOU ARE READING
emotions (Completed)✓✓
Romanceආදරය නිසා හඬන්නට හෝ හිනැහෙන්නට නොව, ආදරය නිසාවෙන් සැනසී අත්හරින්නට කියා දුන් ඔබ, යථාර්ථය පහදා දුන් ප්රේමණීයම කවියයි.. ඉතිං හිතවතිය, ප්රේරේමයට හේතු කිම...? ලෙංගතුම ඔය හිතට කොන්දේසි විරහිතව අසීමාන්තික ප්රේමයෙන් බැඳෙමි.... . . . . . . . #start dat...