"බලන්න පුතේ,අර දරුවා හොඳටෝම ඇඬුවා....අර කොල්ලා ඇවිත් අතින් අදිද්දි, ඒ ඒ දරුවගේ කොල්ලා කිව්ව නිසා කරගන්න දෙයක් නැති කමට හිටියා මිසක් නැත්තන් මං ඌටත් දෙකක් දිලා මේකිටත් දෙකක් දෙනො..."
"අනුශාන් කතා කරාම ඒකි ගියාද බං එච්චර දෙයක් වුණාට පස්සෙත්...?"
මං ඔලුව වැනුවා....අපි ගෙදර එද්දි හේශානුත් ඇවිත් හිටියා..අද අපෙ අම්මා ගෙදර කිව්ව නිසා ඔය දුවන් ආවෙ...අම්මගෙන් බත් කටක් කාලා යන්න...ඒත් කොහෙද අපෙ අම්මා ආව ගමන් පත්තිනි හෑල්ල වගේ දිග ඇර ගත්තෙ නැතෑ අර කීල්ස් එක ඉස්සරහ වෙච්ච නාඩගමේ පිටපත් හෑල්ල..
මං අර ගහක වහපු කටුස්සා වගේ කියන කියන එකට ඔලුව විතරක් වනද්දි අම්මා මට රවාගෙනම කෑම හදන්න කුස්සියට ගියා... මං නැගිටලා අරූවත් ඇදන් එළියෙ බෙන්ච් එක යටට ආවා...
"බං හේශා...මට තේරෙන් නැත්තෙ,මේකිගෙ මෝඩ කමද,එහෙම නැත්තන් වෙන අවුලක්ද කියලා...ඇයි බං අරු අච්චර අර ඇස් පනාපිට වටේ යද්දිත් මේකි උගේ මත්තෙ නහින්නෙ...මොන විකාරයක්ද බං මේ..."
හේශාන් සෑහෙන්න කල්පනා කරලා මං දිහා බැලුවා...
"මෝඩකම නෙවෙ බං....ඒකට තමයි කියන්නෙ අසරණකම කියලා...ඒකි ඌට ආදරෙයි,ඒ ආදරේ නිසා ඒකිට බෑ උගේ පාහර වැඩ දැකලවත් ඌව හිතින් අතෑර ගන්න...එක අතකට ඒකිගෙ කරුමෙ..ඒකි කලින් ආත්මෙක උගෙන් ගත්ත ණයක් ගෙවනවද කොහෙද...."
මට විකාරයි වගේ ඕවා ඇහෙද්දි...මොන අපා දුකක්ද මගෙ පොඩි එකී විඳින්නෙ කියලා හිතුනා....
"හේශා...මේකට විසඳුමක් නැද්ද බං..."
"දැං උඹ මොකටද විසඳුම් හොයන්නෙ....? මොකො දුක අහන අක්කවත් වෙන්ණ හිතුනැයි සුද්දහ්...?"
හේශාන්ගෙ මූණෙ තිබ්බ අමන ලුක් එකට මට මූට පයින් දෙකක් දෙන්න හිතුණා...එව්ව් හිපාටුවා...
"නෑ පගෝ,තොට තේරෙන් නෑ ගස් ලබ්බා, ඒකි පව්...මට ලෝභයි එහෙම දුක් විඳිද්දි..."
"ඉතිං පගෝ,ඒකිට ඕන දුකේම ඉන්න නං,අපි මොනො කරන්නෙයි, කියහන් බලන්න හොඳයි ..."
මං කොණ්ඩෙන් ඇද ගත්තා...
"මට ඒකිගෙ නම්බ එක හොයලා දියන්..."
YOU ARE READING
emotions (Completed)✓✓
Romanceආදරය නිසා හඬන්නට හෝ හිනැහෙන්නට නොව, ආදරය නිසාවෙන් සැනසී අත්හරින්නට කියා දුන් ඔබ, යථාර්ථය පහදා දුන් ප්රේමණීයම කවියයි.. ඉතිං හිතවතිය, ප්රේරේමයට හේතු කිම...? ලෙංගතුම ඔය හිතට කොන්දේසි විරහිතව අසීමාන්තික ප්රේමයෙන් බැඳෙමි.... . . . . . . . #start dat...