35th emotion

307 48 12
                                    

"තාත්තා..."

"චූටි පුතේ..."

ඒ එක්කම ඇතුලට ආවෙ අම්මා....මගෙ අම්මගෙ අහිංසක ඇස් වල මං බලං ඉද්දි කඳුලු ගංගාවක් පිරිලා ඉතිරුණා...බෙහෙත් දාද්දි අරුං එපා කියද්දිම මං ටී සර්ට් එක ගලවලා දැම්මා තුවාල වලිං ලේ පෙරි පෙරිම..හරි නං මැහුම් ගහන්න ඕන තරමෙ ලොකු ගැඹුරු කැපුමක් පිටේ තිබ්බා...මැහුං කෙසේ වෙතත් මං අත පය ගසලා අත් ගොබෙයි පිටෙයි තිබ්බ තුවාල  නොසෑහෙන්න පාර ගත්තා.. .අම්මගෙ ඇස් වලට පෙනුනෙ අතක බැන්ඩේජ් ඔතාගෙන තාම ලේ බිංදු විසිරුණ ඇඳ රෙද්දෙ ඉන්න මං වෙද්දි,එයා අඬන එක සාධාරණයි...

"චූටි ..."

මතක ඇති කාලෙක අම්මයි තාත්තයි දෙන්නා එකට නොදැකපු මගෙ ඇස් මේ තුවාල වලට පිං දෙන්න ගත්තා.,.ඒ දෙන්නා මගෙ ලඟින් වාඩි වෙලා අම්මා කියෝ කියෝ ඇඬුවා...තාත්තා කඳුලු පුරවං බලං හිටියා....අනිත් හැමෝම ඒ දෙන්නව තියලා යන්න ගියා...ටික වෙලාවකින් තාත්තත් මගෙ ඔලුව අතගාලා නළල ඉඹලා යද්දි අම්මා වතුරෙන් තෙම තෙම මගෙ ඇඟේ තිබ්බ ලේ  පැල්ලං මැකුවා...වෙනදට අඬන්න තියා ආසාවට හිතේ තියන දෙයක් එළියට නොදාපු මගෙ පෞර්ශෙ දිය වෙලා ගිහින් තිබ්බා...මං අම්මා ගාව නොසෑහෙන්න ඇඩුවා.....මගෙ ඔලුව අතගගා අම්මත් මං එක්ක අඬද්දි හිනාව පිරිලා තිබ්බ ගෙදර අද මළගෙයක් වගෙ වුනා...

මං පැයක් හමාරක් නිදාගෙන නැගිටිද්දිවත් ගෙදර සද්ද බද්ද තිබ්බෙ නෑ....අඩුම ගානෙ තත්පරයක් කට නවත්තන් නැති රවිඳුවාගෙවත් සද්දයක් තිබ්බෙ නෑ..තුවාල වල අමාරුවට මගෙ ඇඟේ රස්නෙ හොඳටම වැඩි වෙලා තිබ්බා...කොච්චර කොහොම වුණත් මේ කනත්තක වගේ දැනෙන නිහඬතාවය දරා ගන්නම බැරි තැන මං නැගිටලා ටී සර්ට් එකක් දාන් පහලට ආවා....පහළ කවුරුවත් පේන්න නැති වුනාට එළියෙ තාත්තගෙ වාහනෙයි බොඩිගාඩ්ලයි හිටියා...කිචන් එකට යද්දි රවිඳුවයි ශෙවීනයයි ඇර ඔක්කොම කිචන් එකේ.... මං යද්දි සුදූ මං ගාවට හනිකට ආවා...

"තමුසෙට උණ හැදිලවත් ඇඳට වෙලා ඉන්න බෑද චූටි...."

"කෝ රවිඳුවා එහෙම...සද්ද බද්ද නැතුවට මං පහළට ආවෙ..."

"ඌ ලේ වලට බය වෙලා කලන්තෙ දැම්මා...ඔන්න මගෙ කාමරේට උස්සන් ගියා ශෙවීන් අයියා,දැන් ඒකා ඌව නළවනො ඇති..."

emotions (Completed)✓✓Where stories live. Discover now