ශේන්යා pov
"පහලට යං සුදු බබා..."
පපුව අස්සට වෙලා ගුලි ගැහිලා ඉන්න ආත්මාගෙ මූණ ඉඹලා ශේන්යා කෙඳිරුවා...ඒ හුස්ම වදිද්දි ආත්මා තව තව ඇකිලුණා...බර ඇස් පිහාටු උස්සන් ඉන්න හැදුවත් බැරිම තැන වෙන්නැති පොඩි එකීට නින්ද යද්දි ශේන්යා හෙමීට පහලට ආවා...
"මට එයාව බලා ගන්න පුලුවන් අම්මා...අනික එයා පොඩි ළමයෙක් නෙවෙනෙ දැන්..."
වෙච්ච දේවල් එකක් නෑර විස්තර කරලා අන්තිමේ ශේන්යා ස්ථිර විදියට කියද්දි කුමාරි දෙන්න ඕන උත්තරේ මොකද්ද කියලා හිතුවා...තව ළමයෙක්ව තමං ලඟ නවත්ත ගන්න එක පොඩි පහේ වගකීමක් නෙවෙයිනෙ...ඒකත් ගෑනු දරුවෙක්....
"අ..අම්මා..."
ආත්මා පඩිපෙල උඩ ඉඳන් හීනියට කතා කරද්දි ශේන්යා හැරිලා බැලුවා...තමන් එක්ක නිදං හිටිය කෙල්ල ඇහැරිලා...
"එන්න චූටි මැණික පහලට..."
"ඔහොම ඉන්න..."
දණහිස් ලෙලි ගැහිලා තිබ්බ විදියට දැන් ඒවා නවද්දි වේදනා දෙනවා ඇති කියලා ශේන්යාට හිතුනා...අඩියට දෙකට පඩිපෙල නැගං උඩට ගිය ශේන්යා හරහට අත් දෙකට ආත්මාව උස්සන් පහලට ආවා...
"අම්මා..රිසල්ට් එනකං මං විතූ එක්ක කැෆේ එකට යන්නද..."
"නෑ නෑ...කොහෙවත් යන් නෑ...ගෙදර ඉන්නෙ..."
"චූටි මැණිකෙ...අපිට ඔයාව බලා ගන්න බැරි කමක් නෙවෙ...ඔයා ගැන දැන් අපිට ලොකු වගකීමක් තියනවනෙ ..."
"මං...ඔයාලට කරදර කරන් නෑ අම්මා...සත්තයි...මං පාඩුවෙ ඉන්නං..."
"දෙවොල් කතා නොකර මෙන්න මෙහෙ වරෙං යන්න චූටි... අරුං ෆිල්ම් එක බලන්න හදන්නෙ.."
ආත්මාව චප්ප කරලා බදාගෙන ශේන්යා සෝෆා එකෙන් නැගිට්ටා....
"මං නිදා ගන්න යනවා චූටි පුතේ..."
"අම්මා කෑවද...?"
"මං කෑවා දරුවො..ඊයෙ රෑම නිදි නෑනෙ..හරි අමාරුයි..."
_______________
"ශෙවියා ඔය හොරර් මගුල් හොයන එක නවත්තපං...අප්පිරියයි..."
ශෙවීන්ට කෑ ගහන ගමන් ශේන්යා ආත්මාව සෝෆා එකෙන් තිව්වා...
"ඉතිං උඹ පිළිගනිං ශෙනා උඹ හොල්මං බලන්න බයයි කියන එක..."
YOU ARE READING
emotions (Completed)✓✓
Romanceආදරය නිසා හඬන්නට හෝ හිනැහෙන්නට නොව, ආදරය නිසාවෙන් සැනසී අත්හරින්නට කියා දුන් ඔබ, යථාර්ථය පහදා දුන් ප්රේමණීයම කවියයි.. ඉතිං හිතවතිය, ප්රේරේමයට හේතු කිම...? ලෙංගතුම ඔය හිතට කොන්දේසි විරහිතව අසීමාන්තික ප්රේමයෙන් බැඳෙමි.... . . . . . . . #start dat...