Author pov...
"චූටි ඉන්න...."
ශේන්යා ඈතට දුවන පොඩි කෙල්ල පස්සෙන් දුවලා ගියා..ඒ චූටි කකුල් වලින් මෙච්චර වේගෙන් කොහොම දුවනවද මන්දා....පේපරේ ලියලා ඉවර වුණ ගමන් ඔය දුවං එන්න ඇත්තෙ නොකා නොබීම...අඩි දහයකට වඩා යන්න නොදී ශේන්යා එයාව අතිං අල්ලලා නවත්ත ගත්තා...උව්ව්ව් මගෙ හොටු කෙල්ල...හොඳටම අඬලා...ඒ මූණ බලද්දි ශේන්යාට හිතුනෙ එහෙමයි...පුංචි හිනාවක් ශේන්යාගෙ දාඩිය වැකුණු මූණෙ ඇඳිලා මැකුණා...
බිම බලන් තමන්ගෙ උරහිස් උස්ස උස්ස සුදු ගවුම් අතින් කඳුලු පිහ පිහ ආත්මා ශේන්යාගෙ අතින් තමන්ගෙ අත මුදවා ගන්න දැඟලුවා...
"අත අතාරින්න විතූ...රිදෙනවා.."
"එහෙනං දුවන්නෙපා...අත අතෑරියම දිව්වොත් මෙතන ඉඳල වඩාගෙන යනවා.."
ශේන්යා ආත්මාව ලඟට ඇදලා අරන් කනට කිට්ටු වෙලා කෙඳිරුවා...දශමෙකවත් බොරුවක් නැති ශේන්යාගෙ මූණ නපුරු පාට වෙද්දි ආත්මා ඔලුව වැනුවා...ඒ කටහඬේ තියන හැඟීමට කන් දෙකෙ ඉඳලා පහලට දුවන හිරිය ආත්මා දරා ගත්තෙ කෙල පොදක් උගුරෙන් පහලට යවලා...
"එතන ඔයා හිතන විදියෙ දෙයක් වුනෙ නෑ...ඒ ළමයා අෆෙයා එකේ අවුලක් නිසා දුකින් ඉන්නෙ..."
"ඇයි මේවා මට කියන්නෙ.... අනික, කොහොමත් මං කවුද ඒවා ගැන දැන ගන්න විතූ... මං ඔයාට කවුරුත් නෙවෙයිනෙහ්...."
ආත්මා අසරණ හිනාවක් එක්ක අහද්දි ශේන්යා දත් මිටි කෑවා...ආත්මාගෙ ලොකු ඇස් වල තියන බලාපොරොත්තු කඩ වීම,වේදනාව පේද්දි හකු එකට තද කරගෙන ආත්මා දිහා බලපු ශේන්යා තරහා නොපෙන්නා හිනා වුණා...ආත්මාගෙ වරදක් නෑනෙ...කිසිම දෙයක් නොකිව්ව තමන්ගෙයි වරද...කවදා හරි හැමදේම කියනකන් මේ තරහ වේදනාව ඉවසන්න සිද්ධ වෙනවා...නැත්තං ඒ අහිංසක හිත රිදෙයි.....දැනටමත් කඳුලු බොන අහිංසකී ගැන ශේන්යාට ලෝභ හිතුනා...
"එනවා යන්න..."
ආත්මාව එක අතකින් එල්ලගෙන ශේන්යා කැෆේ එක ඇතුලට ආවා...සිහලි එක්ක කයියක හිටපු දිහේන් ගාවින් ආත්මාව වාඩි කරවලා එයා ඇතුලට ගියා...
"ආ...චූටි මැණිකෙ ආ පයිම්ම ගිහිං ගිය පයිම්ම ආවා නේ...සිහලියො මේ ඉන්නෙ අපෙ අර ගිනි බෝම්බෙගෙ ලියාපදිංචි කුවිතාන්සිය....අඳුර ගන්න.."
YOU ARE READING
emotions (Completed)✓✓
Romanceආදරය නිසා හඬන්නට හෝ හිනැහෙන්නට නොව, ආදරය නිසාවෙන් සැනසී අත්හරින්නට කියා දුන් ඔබ, යථාර්ථය පහදා දුන් ප්රේමණීයම කවියයි.. ඉතිං හිතවතිය, ප්රේරේමයට හේතු කිම...? ලෙංගතුම ඔය හිතට කොන්දේසි විරහිතව අසීමාන්තික ප්රේමයෙන් බැඳෙමි.... . . . . . . . #start dat...