𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 05

1.1K 181 40
                                    

ලොකු ජනෙල් තිර අතරින් හිරු එලිය ලාවට මූණට පතිත වෙද්දි හෙමීට ජන්කුක් ඇස් දෙක ඇරියා.ඔව් දැන් උදේ වෙලා.ඒත් ජන්කුක් ඊයේ ඉදන් මුකුත් කාලා නෑ.බඩ දගලන සද්දේ ජන්කුක්ට ඇහුනා

ඇස් දෙක එහෙ මෙහෙ ගිහින් වටපිට බැලුවේ අර යක්ශයා ඉන්නවද බලන්න

ටේහ්‍යුන්ග් කාමරේ හිටියේ නැති නිසා ජන්කුක් ලොකු හුස්මක් අරගත්තේ අද පාඩුවේ ඉන්න පුලුවන් වෙයි කියලා හිතලයි

~TAEHYUNG'S POV~

ටේහ්‍යුන්ග් කාමරේ නැති එකට ටිකක් විතර සතුටු උන ජන්කුක් දන්නේ නෑ ටේහ්‍යුන්ග් මහ රෑ බිල්ඩින් එකට ආපු වගක්

ටේහ්‍යුන්ග් වෙරි මතින් හිටිය නිසා ආපු හැටියේ උඩ තට්ටුවේ කෙලවරේ තිබ්බ සෝෆා එකක ඇලවුනා

~JUNGKOOK'S POV~

ජන්කුක් කාමරේට වෙලාම හිටියා..එයා එලියට එන්න බය උනේ බිල්ඩින් එකේ තව කවුරුත් නැති නිසා.

KNOCK

"කවුද?.."

"ජන්කුක් මේ දොර අරිනවා..දොරත් ලොක් කරන් මොන මගුලක්ද කරන්නේ තමුසේ?"

ටේහ්‍යුන්ගේ කටහඩ ඇහිලා ජන්කුක් ගැස්සිලා ගියා..ජන්කුක් ආයෙත් බය වෙලා

"ඉ-ඉන්න"

බයටම වගේ ගිහින් ජන්කුක් දොර ඇරියා.ඇරලා බිම බලාගෙනම හිටියා

"මේ ඇදුම් ටික අරගන්නවා.."

"මට එපා"

"ගන්නවද නැද්ද ජන්කුක්!!!!"

ටේහ්‍යුන්ග් කෑ ගැහපු පාරට ජන්කුක් ඉබේම වගේ අත දික් කරා

ටේහ්‍යුන්ග් උදෙන්ම නැගිටලා එයාගේ ගාර්ඩ් කෙනෙක් ලවා ජන්කුක්ට ඇදුම් ගෙන්න ගත්තා.

මොකද ටේහ්‍යුන්ග් දන්නවා ජන්කුක් ලග ඇදන් ඉන්න ඇදුමට අමතරව තව ඇදුම් නෑ කියලා

"ඔය ටිකෙන් හොද එකක් බලලා ඇදගෙන පහලට එනවා.."

එහෙම කියලා ටේහ්‍යුන්ග් පහලට ගියා

ජන්කුක් නාගෙන ඇවිත් ටේහ්‍යුන්ග් දුන්න ඇදුම් අතට ගත්තා

"මේ මනුස්සයා මගෙත් එක්ක කතා කරන එකම මට අප්පිරියයි..එහෙම එකේ මං කෝමද මේ ඇදුම් අදින්නේ?"

𝐌𝐈𝐒𝐓𝐀𝐊𝐄 [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now