𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 36

568 92 11
                                    

ඉදගෙන උන්න ගල් තලාව මත මම කකුල් දිග ඇරගත්තේ කකුල් දෙක හොදටම හිරිවැටිලා කියලා දැනුන නිසා...මම අත් දෙක පිටිපස්සට තියාගෙන මදක් පිටුපසට බර වෙලා රත් පැහැ ගැන්විලා තියෙන අහස දිහා බැලුවා.ගල් තලාවට කිට්ටුවෙන් තිබුන අඹ ගහ දිහායින් කොල සර සර ගාන සද්දෙත් එක්ක මගේ ඇගම කිලිපොලා යන තරමට සමත් සුළං රැලි එහෙ මෙහෙ යන්න ගත්තා..

මගේ හිතට දැනෙන සැහැල්ලුව වචනෙන් විස්තර කරන්න මම දන්නේ නැහැ...කාත් කවුරුත් වැඩිය නැති පලාතක,ගම්බද පුංචි ගෙදරකට තමයි හ්‍යුන්ග් අපිව එක්ක ආවේ...ඇත්තටම මට වගේම එයාටත් ඕනි කලේ මහ විසාල මන්දිර වල ඉන්න නෙමෙයි...එක කාමරයක් තියෙන පුංචි ගෙයක්, ඒ වගේම රූස්ස ගහක් යටින් හදපු ලී බංකුවක්,චූටි චූටි රෝස මල් පදුරු වලින් පිරුණ පොඩි වත්තක්...මම එහෙම ජීවත් වෙන්න ආස කලාත් හ්‍යුන්ග් ඊටත් වඩා ලස්සන,හිත නිවෙන පරිසරයකට මාව අන්තිමේදී එක්කන් ආවා...

මේ හැගීමට මං ගොඩක් ලෝභයි..මිනිස්සු පිරුණ කුහක සමාජයට වඩා මේ විදිහට තනියම ජීවත් වෙන්න මං ආසයි.අදට මාස පහක් අපි මෙහෙට ඇවිත්..මං ආස කල ඒ හීනයට මගේ හ්‍යුන්ග් පන දුන්නා.එයා අවුරුදු ගානකට කලින් ජීවත් උන විදියයි,දැන් ජීවත් වෙන විදියයි සම්පූර්ණයෙන්ම වෙනස්...

මට එයත් එක්ක අපේ අන්තිම හුස්ම පොද වාතලයට දිය වෙලා යනකන්ම,එයාගේ අත අල්ලගෙන ඉස්සරහට යන්න ඕනේ...මොන බාධාවක් අපි දෙන්නගේ ඉදිරියට ආවත් දෙන්නට දෙන්නා ඒ දේවල් වලට මුහුණ දෙන්න පොරොන්දු වෙලා ඉවරයි.ඒත් මම හිතනවා ආයෙත් කලින් වගේ කිසිම කරදරයක් අපි දෙන්නට වෙන එකක් නෑ කියලා..මොකද මම දෙවියන්ව විශ්වාස කරනවා..

මේ නිදහස් ජීවිතේ මට ලැබෙන්න තවත් එක හේතුවක් තියෙනවා..ඒ ගැන මට නොකියා බෑ..ඒ තමා ඔම්මා..මගේ හ්‍යුන්ග් එයාගේ පනටත් වඩා එයාගේ ඔම්මාට ආදරෙයි..මම ඒක හොදටම දැක්කේ මෙහෙට ආවට පස්සේ...හැමදාම උදේට අපි දෙන්නට කලින් එයා ඇහැරෙනවා...ඊට පස්සේ අපි දෙන්නට තේ හදලා පුංචි ලී මේසේ උඩින් තියලා අපිව ඇහැරවනවා..

මෙහෙට ආපු දවසේ ඉදලා හැමදාම මම කරන්න හදන හැම වැඩේම එයා කරන්නම් කියලා මම එපා කියද්දිත් කලා..කොරියා වල ඉද්දී හ්‍යුන්ග් ගොඩක් වෙලාවට එලියෙන් කෑම ගන්නවා..ඒත් ඒ හැමදේම දැන් වෙනස්..එයා දැන් කන්නේ හැමදාම ඔම්මා හදන කෑම තමයි..විශේෂම හේතුවකට කියලා මම කෑම හැදුවොත් ඇරෙන්න ඔම්මා රසට හදන කෑම තමයි අපි දෙන්නම කන්නේ...මට ජීවත් වෙනවා කියලා දැනෙනවා..ඒ හැගීම මට දැනෙනවා...ඒ හැගීම මරන්න මම ආස නෑ..ඒකයි අපි දෙන්නට දෙන්නා පොරොන්දු උනේ හැමදේටම එකට මුහුණ දෙන්න..

𝐌𝐈𝐒𝐓𝐀𝐊𝐄 [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now