𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 33

548 134 29
                                    

Comment goal-50
Vote goal-100

(ගෝල් එක සම්පූර්ණ නොකර අප්ඩේට්ස් ඉල්ලන්න එපා,සම්පූර්ණ උනොත් එදාට අප්ඩේට් ලැබේවි😗)


යොන්ග්..අපේ ටේහ්‍යුන්ග්...

යූරි හෙමින් මුමුණන්න ගත්තා.යූරි දිහා ආවේගය පිරුණු මූණකින් බලාගෙන හිටිය යොන්ග් ඇස් හීනි කරලා යූරි දිහා බැලුවා.

ටේහ්‍යුන්ග් මොකක්ද?ටේහ්‍යුන්ග් ගැන මොනවද කියන්න තියෙන්නේ යූරි?තමුන් මගේ වෙලාව විනාස කරනවා

යූරිගේ මූණ සම්පූර්ණයෙන්ම බයට රතු වෙන්න ගත්තා,යොන්ග්ට කේන්ති ගියාම හැසිරෙන විදිහ ගැන කාටත් වඩා දන්නේ යූරි! යූරි කියන්නේ යොන්ගේ බිරිද?එහෙමනේ?

යූරි අමාරුවෙන් හුස්මක් අරගෙන ඒත් එක්කම හිතාගත්තේ ටේහ්‍යුන්ගේ සතුට වෙනුවෙන් මේ දේ කියලා මිසක් මෙතනින් යන්නේ නෑ කියලා."මගේ දරුවෝ,ඔයාගේ ඔම්මා ඔයාට ගොඩක් ආදරෙයි..ඒ නිසා ඔයාගේ ඔම්මාට ඔයා වෙනුවෙන් මේ දේ කරන්න ඉඩ දෙන්න..ඔයා වෙනුවෙන්..."ඔම්මා හිතින් ටේහ්‍යුන්ගෙන් මේ දේ කරන්න අවසර අරගත්තා.

ය්-යොන්ග් ඔයා කේන්ති ගන්නේ නෑ කියලා මට පොරොන්දු වෙන්න !

යූරි යොන්ගේ කේන්තිය පිරුණු මූණ දිහා බලාගෙන හිටියේ ඒ මූණේ තිබුන කෝප සිතුවිලි මදක් හරි අඩු වෙයි කියලා හිතන්.

යූරි!!

අ-ඉන්න ම්-මම කියන්නම්

යූරි කදුලු පිරුණු දෑසින් බිම බලාගෙන මුමුණන්න ගත්තා.යොන්ග් යූරි දිහා බලාගෙන හිටියා.

හ්ම් කියනවා..

තියුණු දෑස් යූරි දිහාවට යොමු වෙලා තියෙන බව දැක්ක යූරිගේ හිතේ තිබුන බය දෙගුණ තෙගුණ වෙලා මේ මොහොතේ දැනෙන්න ගත්තා.මේසේ උඩ තිබුන වතුර වීදුරුව අතට ගත්ත යූරි එක හුස්මට වතුර එක බීලා දැම්මා.

අපේ ටේහ්‍යුන්ග් ප්‍රශ්නෙක යොන්ග්..මගේ දරුවා,මගේ ටේහ්‍යුන්ග් විදවනවා යොන්ග්..මට තවත් එයා දුක් විදිනවා බලාගෙන ඉන්න බෑ,අපේ දරුවාව සතුටින් තියන්න පුළුවන් ඔයාට විතරයි යොන්ග්,ඒ නිසා ටේහ්‍යුන්ග්ට උදව් කරන්න..ප්ලීස් මම ඔයාගෙන් වැදලා ඉල්ලන්නේ මෙච්චරයි යොන්ග්..

𝐌𝐈𝐒𝐓𝐀𝐊𝐄 [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now