𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 11

934 184 37
                                    

ඔය විදියට තරු පිරුණු අහස දිහා බලන් හිටපු ජන්කුක් ආයෙම ෆෝන් එකට එබුනේ හීසන්ග්ට මැසේජ් එකක් දාන්න ඕනේ නිසා..ඇස් දෙක ඒ මනරම් දසුනින් ඉවතට ගන්න බැරි උනත් හීසන්ග්ව ඔලුවට ආපු නිසා චැට් එක ඕපන් කරලා මැසේජ් එකක් දැම්මා..

හී ඔයාට කොහොමද?ගෙදර ගියාද?

ජන්කුක් හිතට ආපු දේ ටයිප් කරලා හීසන්ග්ට යැව්වා..යවලා ෆෝන් එක සාක්කුවට දාගත්තේ හීසන්ග් ෆ්‍රී වෙලාවක මැසේජ් එක බලයි කියලා හිතේ තියන්..

"හ්‍යුන්ග් තව කොච්චර වෙලා යනවද?"

"තව පොඩ්ඩයි ජිමින්.."

කාර් එකේ ටික දුරක් යනකොට මුලින්ම හඩ අවදි කලේ ජිමින්.ජිමින් අහපු දේට උත්තර දීපු යුන්ගි කෙලින්ම හැරුනේ ටේහ්‍යුන්ග් දිහාවට..

"උබට දැන් අවුලක් නෑ නේද?"

යුන්ගි බැරෑරුම් කටහඩින් ටේහ්‍යුන්ග්ට කතා කලා.තාමත් ශටර් එකෙන් එලිය බලාගෙන ඉන්න ටේහ්‍යුන්ග් යුන්ගිගේ දිහාවට හැරුනේ යුන්ගි අහපු දේට..

ටික වෙලාවක් යුන්ගි දිහා බලන් ඉදලා ලොකු හුස්මක් හෙලපු ටේහ්‍යුන්ග් මෙච්චර වෙලා වහගෙන හිටපු කට ඇරියා..

"හ්ම් දැන් නම් ඒක ගානක් නෑ යුන්ගියා.."

ටේහ්‍යුන්ග් ඕනාවට එපාවට වගේ කතා කරපු එකෙන් යුන්ගිට තේරුනා ටේහ්‍යුන්ගේ හිතේ තියන ප්‍රශ්නය තාමත් ඉවර නැති වග..

"හ්‍යුන්ග් ඔයාගේ යාලුවට කියන්න ඕනිම දෙයක් ඕනිවට වඩා ඕනේ නෑ කියලා.."

ජිමින්ට ඒ දේ ටේහ්‍යුන්ගේ මූණට කියන්න ඕනි උනත් ජිමින් කරේ යුන්ගිගේ පිටින් දාලා ඒ වචන පිට කරපු එක..

"අඩෝ අපි ආවා ප්ලේස් එකට.."

යුන්ගි කාර් එක නතර කරලා කතා කලා..

"ආවද?කෝ මට කානිවල් එකක් නම් පේන්නේ නෑ"

ටේහ්‍යුන්ග් කාර් එකෙන් බැහැලා එහෙට මෙහෙට ඇහැ යවන ගමන් යුන්ගි එක්ක කතා කලා.ටේහ්‍යුන්ග් කාර් එකෙන් බැස්සට පස්සේ ජිමිනුත් බැස්සේ කාර් එක ඇතුලේ තනියම ඉන්න බැරි නිසා..

𝐌𝐈𝐒𝐓𝐀𝐊𝐄 [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now