𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 35

641 112 12
                                    

Vote goal-85+

හැමදේකම අවසානය ටේහ්‍යුන්ග් තීරණය කරලා තිබුන හෙයින් කොරියා වල ඉදන් ලන්ඩන් යන්න ඕනි කරන හැමදේම නම්ජූන් ලෑස්ති කරා.අවුරුදු විසි නවයක් කොරියා වල ගෙව්ව ජීවිතය අත් හැරලා දාලා තමන්ට ඉතුරු වෙලා තියෙන ජීවිතය සතුටින් ගත කරන්න ටේහ්‍යුන්ග්ට ඕනි උනා.

~

දවස් දෙකකින්?උබ මට විහිලු කරනවද ටේහ්‍යුන්ගාආ..

යුන්ගි කෝලා එකක් ටේහ්‍යුන්ග්ට දික් කලා.ටේහ්‍යුන්ග් අතින් කොන්ඩේ පිටිපස්සට කරලා කෝලා එක අතට ගන්න අතරේ බෙන්ච් එකේ එහා පැත්තේ තිබුන ඉඩ දිහාවට ඇගිල්ල තිබ්බා.යුන්ගි බර හුස්මක් හෙලලා ටේහ්‍යුන්ගේ එහා පැත්තෙන් ඉද ගත්තා.

මට ආයෙත් හැරෙන්න බෑ මචන්..

ටේහ්‍යුන්ග් කෝලා එකෙන් උගුරක් බීලා කල්පනා සාගරයේ ගිලිලා ඉන්න යුන්ගි දිහා බැලුවේ මදක් කනස්සල්ලෙන්.ටේහ්‍යුන්ග් දන්නවා කවුරු කැමති උනත් යුන්ගි මේ දේට කැමති වෙන්නේ නෑ කියලා.

මොකද යුන්ගි තමයි ටේහ්‍යුන්ගේ පොඩි කාලේ ඉදන්ම සහෝදරයා උනෙත්,හොදම යාලුවා උනෙත්.ටේහ්‍යුන්ග් හිතුවා යන්න කලින් යුන්ගිව තනියම මුණ ගැහෙන්න.

ඇයි උබ මට මේක කියන්න මෙච්චර කල් ගත්තේ ටේහ්‍යුන්ග්? උබ ඉස්සර හැමදේම මුලින්ම කියන්නේ මට..ඒත් දැන්? උබ සෑහෙන්න වෙනස් වෙලා..

යුන්ගිගේ මූණේ කිසිම හිනාවක් තිබුනේ නෑ.යුන්ගිගේ අතේ තිබුන කෝලා ටින් එකත් එහෙම්මමයි.අතක්වත් තියලා නෑ.ටේහ්‍යුන්ග්ට ආයේ මේ දේවල් වලින් හැරෙන්න පුළුවන්කමක් නෑ,ගත්තු තීරණය වෙනස් කරන්න කොහෙත්ම බෑ..ජන්කුක්,ඔම්මා සහ තමන් ! තුන් දෙනාගෙම සතුට වෙනුවෙන් ගත්තු තීරණය වෙනස් කරන්න ටේහ්‍යුන්ග් කීයටවත් කැමති වෙන්නේ නෑ.

මට සමාවෙයන් යුන්ගියා..මම දන්නවා උබ අවුලෙන් ඉන්නේ කියලා..ඒත් මට කියපන් මට ලන්ඩන් යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද කියලා?කියපන් මට?

ටේහ්‍යුන්ග් යුන්ගිගේ අතින් අල්ලලා කණගාටුවෙන් යුන්ගි දිහා බැලුවා.යුන්ගි ඉස්සරහ බලාගෙන හිටියේ කතා කරන්න තව කිසි දෙයක් හිතට ආපු නැති නිසා.

𝐌𝐈𝐒𝐓𝐀𝐊𝐄 [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now