𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 27

616 117 13
                                    

සතියකටත් වඩා දවස් ගෙවිලා ගියත් ජන්කුක් හිටියේ හිස් හැගීම් ගොන්නක් අතර හිර වෙලා.එදා වගේම අදත් ජන්කුක්ගේ නින්ද ජන්කුක්ගෙන් ඈත් වෙලා ගියා.සතියක්ම එක දිගට පාන්දර තුන පහු වෙලා දකින ඒ අදුරු හීන,මූසල හීන වලින් ජන්කුක් මානසිකව වැටුනා.ඒ හැම හීනෙකම ටේහ්‍යුන්ග් ජන්කුක්ව රේප් කරන දර්ශන විතරක්ම පේන්න ගත්ත නිසා ජන්කුක් මානසිකව වැටුනා.ජන්කුක්ට ඒ හීන වලින් ගැලවෙන්න බැරි වුනා.

ටේහ්‍යුන්ග් තමන්ගේ අකමැත්තෙන් කරපු ඒ බලහත්කාරකම්,රිදවීම්,තුවාල වැනි හැමදෙයක්ම වාගේ ජන්කුක් හීනෙන් දැක්කා.ටේහ්‍යුන්ග්ව දකින හැම මොහොතකකම ජන්කුක්ගේ හදවත රිදෙන්න ගත්තා.ජන්කුක් ටේහ්‍යුන්ග් එක්ක හීන වලින් පස්සේ හැම මොහොතක්ම ගත කලේ මූණිච්චාවට,ටේහ්‍යුන්ගෙන් ඒ දේවල් හංගන්න ඕනි නිසා.

වෙනදා වගේම ජන්කුක් අදත් බැල්කනි එකට වෙලා පොතක් දිහා බලාගෙන හිටියා.ටේහ්‍යුන්ග් ඔෆිස් ගිහින් හිටියා.ජන්කුක් පොත කියවන්න කොච්චර උත්සාහ කලත් ජන්කුක්ට ඒක කරන්න බැරි වුනා.මද වෙලාවකට පස්සේ පුටුවෙන් නැගිට්ට ජන්කුක් පොත පැත්තකින් තියලා පුංචි රෝස මල් පිපිලා තිබුන රෝස මල් පාත්තිය ලගට දණහිස් වලින් නැමිලා වාඩි උනා.

ඔයාලා හොදින් ඉන්නවා නේද?! ජන්කූ නරකයි නේද?ම්ම්

ජන්කුක් මල් දිහා බලාගෙන තනියම මුමුණන්න ගත්තා.

ඔයාලත් මගේ හ්‍යුන්ග් වගේ.ගොඩාක් ලස්සනයි.ලස්සන වගේම ගොඩාක් සුවදයි.ඉතිම් මං ආදරෙයි !

ජන්කුක් එක මලක් ලගට මූණ ලං කරලා ඒකේ සුවද නහයට ඇදලා අරගෙන ඇස් පියාගත්තා.

~

බේබි !!

හ්‍යුන්ග්?

ඉක්මනට ලෑස්ති වෙන්න.පැය භාගයක් දෙන්නම්

ම්-මොකක් ?

ප්‍රශ්න අහන්නේ නැතුව ඉක්මන් කරලා ලෑස්ති වෙන්න ඩෝල්

ජන්කුක් තවත් ටේහ්‍යුන්ගෙන් ප්‍රශ්න කරන්න කලින් ටේහ්‍යුන්ග් කෝල් එක කට් කරලා දැම්මා.

වෙලාව රෑ හතට කිට්ටු උනා.ජන්කුක් ටේහ්‍යුන්ග් කිව්ව විදියට ලෑස්ති වෙලා සෝෆා එක උඩ වාඩි වෙලා හිටියා.සුදු පාට සිල්ක් ශර්ට් එකක් එක්ක කලු පාට ලෙදර් කලිසමක් ජන්කුක් ඇදගෙන හිටියා.වෙනදට ජන්කුක් ටේහ්‍යුන්ග් එක්ක කොහෙ හරි ගමනක් යන වෙලාවට කොන්ඩෙට ජෙල් ගාන්න පුරුදු වෙලා හිටියත් අද ජන්කුක් ජෙල් ගෑවේ නෑ.කොන්ඩේ ගොඩක් සිනිදු නිසා නලල පුරා කොන්ඩේ රැලි එහෙ මෙහෙ යන්න ගත්තා.

𝐌𝐈𝐒𝐓𝐀𝐊𝐄 [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now