vote goal-85+
ටේහ්‍යුන්ග් මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ !
ඩ්-ඩොක්ටර්...එයාට
ඩොක්ටර් හෝසොක් ටේහ්‍යුන්ග් ඉදගෙන හිටිය පුටු පේලියට එහායින් ඉදගත්තේ stethoscope එක ගලවලා අතට ගන්න අතරෙයි.ජන්කුක්ට තවමත් සිහිය ඇවිත් තිබුනේ නෑ.ටේහ්‍යුන්ග් නිකටට අත් දෙකත් තියාගෙන ජන්කුක් ගැන හිතමින් හිටියා.
බය වෙන්න කිසි දෙයක් නෑ,අපි අපේ පැත්තෙන් කරන්න ඕනේ දේවල් ටික කලා ටේහ්‍යුන්ග්...අපිට තියෙන්නේ දැන් බලාගෙන ඉන්න එක විතරයි
ඩොක්ටර් ටේහ්‍යුන්ගේ සුදුමැලි වෙලා තියෙන මූණ දැකලා සුසුමක් හෙලුවා.හෝසොක්ට ඕනි උනේ මේ වෙලාවේ ටේහ්‍යුන්ගේ හිත ශක්තිමත් කරන්න විනා දුර්වල කරන්න නෙමෙයි.ඒත් එක්කම ටේහ්‍යුන්ග් ලාවට මූණ උස්සලා හෝසොක්ගේ දිහාවට හැරුනා.
එයාට හොද වෙනවා නේද ඩොක්ටර්? ජ්-ජන්කුක් ඉක්මනට ඇස් අරියි නේද?
හෝසොක් කවදාවත් දැනගෙන හිටියේ නෑ කිම් ටේහ්‍යුන්ග් කියන්නේ මේ වගේ මහ මෙරකටත් වඩා ගැඹුරු ආදරයක් තව කෙනෙක් වෙනුවෙන් හිතේ තියාගෙන ඉන්න කෙනෙක් කියලා.එක අතකින් හෝසොක් සතුටු උනා ජන්කුක් ගැන..ටේහ්‍යුන්ග්ව මේ විදිහට වෙනස් කරපු එක ගැන.
බය වෙන්න එපා..එයාට සිහිය එන්න ඉඩ තියෙනවා..තව ටික වෙලාවකින්..
හෝසොක් ටේහ්‍යුන්ගේ පිටට තට්ටුවක් දාලා කලබල වෙලා ඉන්න ටේහ්‍යුන්ගේ හැගීම් පිරුණු මූණ දිහා බලලා ලස්සනට හිනා උනා.
ඩොක්ටර් මට පුළුවන්ද?..
ටේහ්‍යුන්ග් අහන්න යන දේ හොදාකාරව දන්න නිසා හෝසොක් ඔලුව වනලා ටේහ්‍යුන්ග්ට ඇතුලට යන්න ඉඩ දුන්නා.ටේහ්‍යුන්ග්ට ඕනි උනේ ජන්කුක්ගේ ලගින් ඉන්න,මේ මොහොතේ විතරක් නෙමෙයි...හැම මොහොතෙම..
ඕකේ..යන්න, එයා ලගින් ඉන්න
හෝසොක් කියද්දී කලබලයෙන්ම ඉදගෙන හිටිය තැනින් නැගිට්ට ටේහ්‍යුන්ග් අමාරුවෙන්ම හෝසොක් එක්ක හිනා උනා.
තැන්ක්‍යූ ඩොක්ටර්..
ටේහ්‍යුන්ග් එතනින් යන්න හදද්දී හෝසොක් නැගිටලා ටේහ්‍යුන්ග් ලගට ආවා.ටේහ්‍යුන්ග් අඩි සද්දේ ඇහෙද්දී පිටිපස්ස හැරුනා.
YOU ARE READING
𝐌𝐈𝐒𝐓𝐀𝐊𝐄 [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊]
Romance"අනපේක්ෂිත ආදරය!!නුඹ තීරණාත්මක මොහොතක මට හසු වූ අතර,මම නුඹ කෙරෙහි අසීමිත ආදරයකින් බැඳුනා...මම කිසි දිනක බලාපොරොත්තු නොවුනත් නුඹ දන්නවද? මගේ සියල්ල නුඹ වග...ඉතිම් සොඳුර...ආපසු හැරී බැලීමක් මා හටද නැත..." -TAEHYUNG 𝗧𝗼𝗽-𝗧𝗮𝗲 𝗕𝗼𝘁𝘁𝗼𝗺-𝗞𝗼𝗼𝗸 ...