MORNING
ජින් ගාර්ඩ්න් එකේ ලස්සනට විහිදිලා පේන මල් පැල අතරින් රෝස මල් පදුර ලග බිම වාඩි වෙලා ඒ ලොකු රෝස මල් එකින් එක විදින්න ගත්තේ ඇස් පියාගන්න ගමන්..
ජින්!!
පිටිපස්සෙන් ඇහුන කටහඩට රෝස මල් වලට දැහැන්ගත වෙලා හිටිය ජින් ගැස්සුනා...
ආයිශ් ඔයාට මම...
ජින් වාඩි වෙලා හිටිය තණකොල පිස්සෙන් නැගිටල දිව්වේ නම්ජූන් ගාර්ඩ්න් එකේ කෙලවරටම දුවගෙන යද්දී..
විහිලුවක් කලේ ස්වීට්!
නම්ජූන් බිත්තියට හේත්තු වෙලා හති අරින්න පටන් ගත්තම ජින් ඒ එක්කම එක තැන නතර උනා..
ඔයා මට ඒ මල් එක්ක තනි වෙන්නවත් වෙලාවක් දුන්නේ නෑ..ඔයා කලොත් කරන්නේ ඔය වගේ වැඩමයි..
ජින් කන් දෙකත් රතු කරගෙන කෑ ගහන්න ගත්තම නම්ජූන් ජින්ගේ කටට අත තියලා ඇගට හේත්තු කරගත්තා..
ආහ් කෑ ගහන්න එපා..අරුන් ඇවිත් බලයි මොකද ඔයාට වෙලා තියෙන්නේ කියලා..
නම්ජූන් හෙමින් කිව්වම ජින් සන්සුන් වෙලා හුස්ම ගන්න පටන් ගත්තා.
ටේහ්‍යුන්ග් යුන්ගි එක්ක ඊයේ තරහින් කතා කලත් දැන් ඒ තරහ අමතක කරලා දාලා යුන්ගි එක්ක ටීවි එක ඉස්සරහ කවුච් එකට වෙලා කියව කියව හිටියා..ටේහ්‍යුන්ග් දවස් දෙකක නිවාඩුවක් යුන්ගිට දීලා තිබුනේ ටේහ්‍යුන්ග්ටත් දවස් දෙකක නිවාඩුවක් අරගෙන..ඒ නම්ජූන්,ජින් දෙන්නා රට ඉදලා ආපු නිසා මෙන්ම එයාලා එක්ක ටිකක් කාලය ගත කරන්න වුවමනා නිසා..
ඒක නෙමෙයි ඔම්මා කතා කලා මට..
ටේහ්‍යුන්ග් මෙච්චර වෙලා කතා කරපු මාතෘකාව පැත්තකට දාලා එක පාරම ඔම්මව මතකෙට ආපු නිසා ඒ ගැන කතා කරන්න පටන් ගත්තා.
මොකද කියන්නේ?!
යුන්ගි ඇහුවම ටේහ්‍යුන්ග් කොන්ඩේ තද කරලා අල්ලගත්තා..
එහේ එන්නලු..
ටේහ්‍යුන්ග් බර හුස්මක් පිට කලා
ආහ්? එක පාරම?ඒත් ඇයි?
අප්පා බැනලා කියලා කිව්වේ..ඔම්මා පවු කියලා හිතෙනවා වෙලාවකට මට..ඔය මිනිහා නිසා කවදාවත් ඔම්මට නිදහසක් නෑ..
YOU ARE READING
𝐌𝐈𝐒𝐓𝐀𝐊𝐄 [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊]
Romantizm"අනපේක්ෂිත ආදරය!!නුඹ තීරණාත්මක මොහොතක මට හසු වූ අතර,මම නුඹ කෙරෙහි අසීමිත ආදරයකින් බැඳුනා...මම කිසි දිනක බලාපොරොත්තු නොවුනත් නුඹ දන්නවද? මගේ සියල්ල නුඹ වග...ඉතිම් සොඳුර...ආපසු හැරී බැලීමක් මා හටද නැත..." -TAEHYUNG 𝗧𝗼𝗽-𝗧𝗮𝗲 𝗕𝗼𝘁𝘁𝗼𝗺-𝗞𝗼𝗼𝗸 ...