𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 26

607 108 9
                                    

ටේහ්‍යුන්ගේ අසනීප තත්වෙත් එන්න එන්නම හොද අතට ඇරුනා.ටේහ්‍යුන්ග් ආයේ නතර කරපු තැනින් බිස්නස් වැඩ ටික කරන් යන්න අමාරුවෙන් උනත් හිත හදාගන්න තීරණය කලා.අප්පා මොන දේ කිව්වත් ඒ දේවල් වලට පැටලෙන්න යන්න තරම් ටේහ්‍යුන්ග්ට මානසිකත්වයක් තිබුනේ නෑ.නමුත් අද ඉදලා අප්පා එක්ක එකට වැඩ කරන්න වෙන එකට ටේහ්‍යුන්ග් පොඩ්ඩක්වත් ආස උනේ නෑ.

අද සදුදා දවසක් උන නිසාම ටේහ්‍යුන්ග් ඔෆිස් යන්න ලෑස්ති වෙමින් හිටියා.ජන්කුක් කිචන් එකට වෙලා ටේහ්‍යුන්ග්ට කිරි එකක් හදන ගමන් හිටියා.ටිකකින් ටේහ්‍යුන්ග් ලෑස්ති වෙලා පහලට ඇවිත් සද්ද නොකරම කිචන් එකේ ඉන්න ජන්කුක් ලගට ඇවිදගෙන ගියා.

තමන්ගේ ඉන වටේ ශක්තිමත් දෑත් ග්‍රහණය කරගද්දී ජන්කුක් ඒ අත් උඩින් අත් තියලා හෙමීට අත ගෑවා.ජන්කුක් එතනින් අත් අයින් කරලා කිරි එකට අවදානය දෙන අතරෙම තමන්ගේ උරහිසේ මූණ තියාගෙන ඉන්න ටේහ්‍යුන්ගේ කොන්ඩේ අතරින් අත යවලා සිනිදුවට ඇගිලි එහෙ මෙහෙ ගෙනිච්චා.ජන්කුක්ගේ සිනිදු අත් වල පහස දැනෙද්දී ටේහ්‍යුන්ග්ට ඉබේම ඇස් පිය උනා.විනාඩි දහයක් පමණ ගෙවිලා යනකන් ටේහ්‍යුන්ග් ඒ විදියට ජන්කුක්ගේ හීනි ඉන වටේ අත් ඔතාගෙන ජන්කුක්ගේ උරහිසින් නිකට තියාගෙන ඇස් පියාගෙන හිටියා.

හ්‍යුන්ග් පරක්කු වෙන්නේ නැද්ද ම්ම්?!
ජන්කුක් ඒ එක්කම ටේහ්‍යුන්ගේ පැත්ත හැරුනා.ටේහ්‍යුන්ග් ජන්කුක්ව කවුන්ටර් එකට හේත්තු කරලා නැවතත් ජන්කුක්ගේ ඇගට හේත්තු උනා.

හ්‍යුන්ග්!!
ජන්කුක් කතා කලත් ටේහ්‍යුන්ග්ට ඒක ඇහුනේ නෑ.ටේහ්‍යුන්ග් හිටියේ ජන්කුක්ගේ බෝල ඇස් අතර වෙනදා වගේම අතරමං වෙලා.ටේහ්‍යුන්ග්ට ජන්කුක්ව ආයේ මේ විදියට තනියම දාලා ඔෆිස් යන්න හිත දුන්නේ නෑ.ටේහ්‍යුන්ග්ට ඕනි උනේ ජන්කුක් එක්ක හැමදාම,හැම මොහොතම,හැම තප්පරේම සතුටින් ගෙවලා දාන්න.ඒත් ටේහ්‍යුන්ග්ට අකමැත්තෙන් උනත් ආයේ ජන්කුක්ව මේ සුවිශාල බිල්ඩින් එකේ තනි කරලා යන්න සිද්ධ වෙනවා.

මේ කිරි එක නිවෙනවා.මේක බීලා හිටියොත් නරකද?!

ජන්කුක් තුන් වෙනි සැරේට හඩ අවදි කලාම ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ ඇස් අතරින් එලියට ඇවිත් උගුර පෑදුවා.

𝐌𝐈𝐒𝐓𝐀𝐊𝐄 [𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊] Where stories live. Discover now