Chapter 07

736 195 38
                                    

'උඹව කන්න දීලා හැදුවේ මෙහෙම අපි එක එක එවුන් ලග ලැජ්ජ වෙන්නද ටේයොන්?'

ටේයොන්ගේ අප්පා ටේයොන්ගේ කනට වැරෙන් පහරක් ගහලා ඇහුවම ටේයොන් එයාගේ රිදුම් දෙන කම්මුලක් අල්ලගෙන බිම බලාගත්තා. කම්මුලට වඩා වෙන්දා වගේ එයාගේ හිත රිදුනේ නෑ. මොකද මේක එයා බලාපොරොත්තු උනා. එයා බලාපොරොත්තු උනා එයාගේ අප්පා නිර්දෝශි එයාට වැරැද්ද පටවලා වැරැද්දට හේතු උන අයව බේරයි කියලා.

'මන් තමුසෙට බුරුල දුන්නා වැඩියි හ්ම්? හොස්ටල් දානවා තමුන්ව ෆයිනල් ඉවර වෙනකල්!'
අප්පා හයියෙන් කෑගහද්දී ටේයොන්ගේ ඇස් වලට කදුලු පිරුනා. නෑ මෙහෙම වෙන්න බෑ. එයාට බෑ එයාගේ හ්‍යුන්ගෙන් ඈත් වෙන්න! එයාට බෑ එයාගේ දැන් ආදරේ කරන කෙනාගෙන් ඈත් වෙන්න.

ඇයි ටේයොන් තමුන් කටවහන් ඉන්නේ. හැමදාම වගේ නිර්දෝශිකම වෙනුවෙන් කටවහගෙන හිටියම හරිද? එදත් තමුසෙට ඔම්මා වෙනුවෙන් කතා කරන්න බැරි වුනා. අදත් කටපියාගෙනම ඉන්නවද අහ්?

ටේයොන්ගේ මොළෙන් වගේම හදවතත් එකම දේ කියද්දී ටේයොන් ඇස් දෙක තද කරලා පියාගෙන වේගෙන් හුස්ම ගත්තා. කතා කරන්නම ඔනේ උනත් එයා කතා කරේ නෑ. මෙතන ප්‍රින්සිපල් ඉන්නවා. එයාගෙන් ගුටිකාපු අය ඉන්නවා එයාලා ඉස්සරහා එයාගේ පවුල මෙහෙම බාල්දුවෙන්න දෙන්න බෑ. ඒත්! අප්පා හැමදේම කරේ පවුලක් ගැන හිතලා නෙවෙයි නම් එයා මොකටද හිතන්නේ?

'මන් තමුන් කියනදෙ කරන්න බැදිලා නෑ මිස්ටර් කිම්!'
ටේයොන් එකපාරට අප්පා දිහා බලලා කිව්වම ප්‍රින්සිපල් වගේම අප්පගෙත් ඇස් ලොකු උනා.

'නොකරපු වැරදිවලට කතා අහගෙන පාඩුවේ ඉන්න ඔයා හිතාගෙන ඉන්න මම ඔම්මා වගේ කියලද ආහ්? නෑ අප්පා. මන් තමුන් පිළිගත්තත් නැතත් ඔයාගේ ලේ! තමුන් සිංහයෙක් නම් මාත් සිංහයෙක් මිස්ටර් දේයුන්!'

'ටේයොන් කට-පියාගෙන ඉන්නවා!'
ටේයොන්ගේ අප්පා ඇස් රතු කරගෙන ඇගිල්ලක් දික් කරලා කිව්වම ටේයොන් ඒ අතට පහතට කරලා කටකොනින් හිනාවුනා.

'මන් කතා අහගන්න මනුස්සයෙක් නෙවෙයි මිස්ටර් කිම්! මන් ස්වාධීන මනුස්සයෙක්. ඔව් මන් ළමයෙක් නෙවෙයි තවදුරටත්.. විශේෂයෙන් ඔයාගෙ නෙවෙයි. ඒක මම තීරණය කරලා ඉවරයි.. හැබැයි ඔයා මන් ඉගෙන සම්පූර්ණයෙන් ඉවරවෙලා සෙට්ල් වෙනකල් වියදම් කරන්න. මන් මේ කොලෙජ් එකේ ඉන්නෙත් නෑ ප්‍රයිවට් යුනිවර්සිටි එකකට හරි යනවා!!!

BOYFRIEND HYUNG | V.k Where stories live. Discover now