II - 01

12.8K 224 9
                                    

#Mr_and_Mrs_අතිපණ්ඩිත_01
(Mr.අතිපණ්ඩිත දෙවන දිගහැරුම)

©𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

( මිස්ටර් අතිපණ්ඩිත පළමු දිගහැරුමෙ අවසාන කොටසින්👇.....

අන්තිමට සුපුරුදු විදියට ගන්න උනේ කෙනාර්ගෙයි මගෙයි වෙඩින් එක. එදා දවසෙත් මම හිටියෙ අහසින් වැටිල වගෙ.

උදේන්ම ඩ්‍රෙස් කරලා සැලෝන් එකෙන් එළියට එනකොටම මට හම්බුණේ ලොකු සර්ප්‍රයිස් එකක්. බ්‍රයිඩ්ස්මේඩ්ලා තුන්දෙනෙක් විදියට හැඩවෙලා සැලෝන් එක ඉස්සරහ හිටියේ කලින් ඉඳන්ම එන්න සූදානම් කරපු නෑදෑ වෙන නියාෂා එක්ක අනීෂායි, නුකීරායි. හොල්මන් වෙලා වගේ මම බලන් හිටියේ.

ඒ හැමදේම කෙනාර්ගෙ ප්ලෑන් කියල මම දැනගත්තෙ පස්සෙ. කෙනාර් එදා මට සැර දැම්මට පහුවදාම අනීෂා එක්ක කතා කරලා ඒ හැමදේම ලෑස්ති කරල තියෙන්නෙ. එයාගෙ පැත්තෙන් බෙස්ට්මන්ලා තුන්දෙනෙක් එක්ක ෆුල් සූට් එකෙන් සැරසිලා මං දිහාවට එන කෙනාර් දිහා මම බලන් හිටියේ හිත අස්සෙන් මහ අමුතුම හැඟීමක් පෙරලි කරනකොට.

හැමදේම සාමාන්‍ය විදියට සිද්ධ උනා. හැබැයි මගෙ හදවතනම් අසාමාන්‍ය විදියට ගැහුණා.

පිටත් වෙන්න යනකොට කෙනාර් මගෙ දිහාවට දිගු කරපු අත මම හෙමීට අල්ලගත්තා. තාමත් එයා එක්ක අළුත් ජීවිතේකට යන්න සූදානම් නෑ මගෙ හිත. තාම එයා මගෙ හදවතට ළඟ යාලුවෙක් විදියට විතරයි. ඒත් කෙනාර් පොරොන්දු උනා මට. ඕනෙ තරම් කල් මට ගන්න පුළුවන් කියලා. ඉතින් කැළඹුන හිතත් එක්ක මම එයාට මගෙ අත්ල දිගු කරේ.

"I'll never let this go"

එහෙමම මුමුණන ගමන් මගෙ අතැඟිලි මත හාදුවක් තවරපු කෙනාර් මාවත් එක්කරගෙන වාහනේට නැග්ගා. එයයි මායි හැමෝගෙම ආශිර්වාදය මැද්දෙ අලුත් ගමනක් ආවා.

ඉතින් එයා පොරොන්දු උනා මට. හැමදාටම ආදරෙන් බලාගන්නව කියල.. ඒ වගේම එයා ළඟට කවදහරි එනකන් ඉවසීමෙන් බලන් ඉන්නව කියල. මංගල රථයෙ වාදනය වෙන ඉංග්‍රීසි සිංදුවක් එක්ක කාර් එක හෙමීට ඇදුණෙ කොළඹින් ගොඩක් ඈතට. සෑහෙන දුරක් ආවම කෙනාර් මගෙ දිහා බලල කතා කරා.

Mr & Mrs අතිපණ්ඩිත Where stories live. Discover now