#mr_and_mrs_අතිපණ්ඩිත_17 (new)
මම අඬ අඬා හිටියත් කෙනාර් ඒ පැත්තටවත් ආවෙ නෑ. ඒක නිසා මටත් තවත් වැඩියෙන් දුක හිතුණ එක වුණේ. ඒත් එක්කම මං කලබලෙන් ඔලුව ඉස්සුවේ කෙනාර් ආයෙම රූම් එකට එනවා ඇහෙද්දී.
එයා ඇවිත් කා එකේ කී එක අරන් ආයෙම රූම් එකෙන් එළියට ගියේ කිසි කතාවක් නැතුව.
මං එයා මට පිටුපාලා යන දිහා බලන් කඳුළු පිහදදා අඬනවා ඇරෙන්න වෙන මොකුත් කරේ නෑ.ටිකකින් කෙනාර් පඩිපෙළ බැහැලා යන සද්දෙයි හයියෙන්ම ඉස්සරා දොර වැහෙන සද්දෙයි ඇහෙද්දිනම් මං ගැස්සිලා ගියා.
“එයා මාව දාලා යන්නද හදන්නේ?”
හිත එහෙම අහද්දි මං නැගිට්ටෙ විදුලි වේගයෙන්. හැබැයි මං පඩිපෙළ ගාවට යනකොටම මට ඇහුණේ කෙනාර්ගේ කා එක රේස් කරලා වගේ ගේට් එකෙන් එළියට දාන සද්දේ.
“අ..නේ..”
මට එහෙම කියවුණේ ලොකු අසරණකමක් එක්ක පපුව හාරන් යනවා වගේ දුකක් හිතට දැනෙද්දි.
“මෙච්චර නපුරුද කෙනාර් ඔයා?”
මං බොරු කීව එක වැරැද්දක්. ඒක ලොකුම ලොකු වැරැද්දක්. ඒත් මං රෙයාන් ගැන කෙනාර්ට නොකීවෙ හේතු කීපයක්ම උඩ.
මේ කලබල අස්සේ කෙනාර්ගේ හිතට තවත් බරක් පටවන්න මට ඕනෙ වුණේ නෑ කීයටවත්.
අම්මා අසනීප වෙනවා කියන්නේ කෙනාර් මේ ලෝකේ අහන්න බයම දේ කියලා එයා මට දවසක් කීවා හොඳටම මතකයි.
ඉතින් පළවෙනි පාරට හිර කූඩුවේ ඉඳලා ඇවිත්, අම්මගේ අසනීපෙ නිසා එච්චර පීඩනේකින් ඉන්න කෙනාර්ට මම කොහොමද රෙයාන් ගැන කියන්නේ මේ වෙලේ.
“මං ඔයාට ඒක පස්සෙ කියන්නම් හිතාගෙනෙ කෙනාර් බොරුවක් කීවේ.
ඒත් ඔයා ඒක දන්නවා කියලා දන්නවනම් මං කීයටවත් බොරුවක් කියන්නෑ... බැනුම් අහන්න හරි ඇත්ත කියනවා.”
පඩිපෙළේ මැද එහෙමම වාඩිවුණ පාර මං අඬ අඬාම තනියම කියවගත්තේ මං හිතුවට වඩා දුකක් කෙනාර්ගෙ මේ හැසිරීමෙන් දැනුණු නිසා. කම්මුල් දෙක අල්ලනවත් බෑ තාම රිදෙනවා.
මට මතක් වුණේ කෙනාර් මුල්ම දවස්වල මට සලකපු නපුරු විදිය. වෙඩින්ග් රින්ග්ස් හදන්න යන දවසෙත් එයා මෙහෙමම මට රිද්දුවා. ඒ සිද්ධියෙන් පස්සෙ තමා මට කෙනාර්ව එපා වෙන්න ගත්තේ. ඒත් එයා ආයෙම හොඳ විදියට හැසිරෙද්දි, හිතාගන්න බැරි තරමට මාව කෙයා කරද්දි ඒ හිතේ තිබ්බ කහට හෙමීට මැකිලා ගියා.