#Mr_and_Mrs_අතිපණ්ඩිත_21
(Mr.අතිපණ්ඩිත දෙවන දිගහැරුම)♥️©𝒜 𝓇 𝑜 𝒽 𝒾 𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶 𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶
"අපේ ගෙදර? ඒ ඇයි?"
එකපාරම පුංචි බයකුත් හිතෙද්දි මං ඇහුවේ.
"අප්පච්චි කීවා ඩිනර් එකට එන්න කියලා."
ඒකටනම් මගෙ කටත් ඇරුණා. මේ දෙන්නගෙ දැන් පුදුම සම්බන්ධයක්නේ තියෙන්නේ. මෙහෙම වුණේ කොහොමද කියන එක තමා දැන් ඊළඟට තියන ප්රශ්නේ. කෙනාර්ව පේන්න බැරිව හිටපු අප්පච්චි වෙනස් වෙලා.
"කෙනාර් ඔයා කොහොමද අප්පච්චිව යාලු කරගත්තේ."
♥️©𝒜 𝓇 𝑜 𝒽 𝒾 𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶 𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶
"ඇයි අහන්නේ..."
මේ කෙනාර්නම්... මං රවලා කෙනාර් දිහා බැලුවේ. මේ හොඳට ඉඳලා ඊළඟ තප්පරේ දාන්නෙම අතිපණ්ඩිත පාට්.
"අහන්නෙ දැනගන්න."
මමත් එයාට දෙවෙනි නොවී කීවෙ.
"ඒ පණ්ඩිතකම් වලින් තමුසෙට වැඩක් නෑනෙ."
ශුවර් ආයෙ මේ කෙනාර්ටනම් වයර් ශෝට් එකක් තියනවා. ඉඳලා ඉඳලා එකපාරම මොළේ අවුල් වෙලා යන. පුදුම ලොකුකමක් තියෙන්නෙ.
"මට වැඩක් තියනවා ඒ මගෙ අප්පච්චිනෙ."
දැන් මේ තප්පර ගාණකට කලින් ආදරෙන් බල බලා මාව ඉඹ හිටපු මනුස්සයමද අප්පා මේ. ඉන්න හැටි විතරක් පණ්ඩිතකම බේරෙනවා. මං හිතින් බැන්නේ ශර්ට් එකේ බට්න් ගලවන කෙනාර් දිහා බලන්.
බට්න් ඔක්කොම ගලවලා ඇස් හීනි කරලා වගේ ආයෙම මගෙ පැත්තට හැරුණේ. මම තාම ඇඳ උඩ ඉඳගෙන එයා දිහා රවන් බලන් හිටියෙ.
කෙනාර් මගෙ දිහාවට ආයෙම එද්දි මට ඒ බැල්ම ඇල්ලුවෙ නැති නිසාමයි කෝකටත් කියලා නැගිටින්න හැදුවෙ. හැබැයි පරක්කුයි මම.
"මගෙ අප්පච්චි?"
එක ඇහිබැමකුත් ලාවට උස්සලා එයා එහෙම ඇහුවේ
ඉස්සරහින් ඕපන් වුණ ශර්ට් එකේ කොටස් දෙක දෙපැත්තට විසිරිලා යන්න වගේ යන්තම් ගසාදාලා කෙනාර් අඩියක් තිබ්බෙ මගෙ ගාවට. මං එතකොටම නැගිට්ටත් එතකොටත් කෙනාර් මං ළඟටම ඇවිත්.