#Mr_and_Mrs_අතිපණ්ඩිත_78"ඔයා යන්නෙ නැද්ද?"
කාලෙකට පස්සේ නිසා එයාව අතහරින්න, එයාව යවන්න ලෝබ හිතුණත් මම එහෙම ඇහුවෙ කෙනාර්ව තවත් රෑ වෙනකල් තියාගන්න ඕනෙ නැති නිසා.
"යන්න හිතෙන්නෙත් නෑ."
කෙනාර් කියන්නේ මගෙ කොණ්ඩෙ අස්සෙන් ඇඟිලි අරන් යන ගමන්. ඇහැත් පියවෙනවා ඒ සනීපෙට.
"යන්න එපා එහෙනම්."
මම එයාගෙ පපුවට හේත්තුවෙලා ඉඳගෙනම කීවෙ යන්තම් ඔලුව උස්සලා ආයෙම කෙනාර් දිහා බලන ගමන්. කෙනාර්ගෙ මූණෙ ඒකට ලා හිනාවක් ඇඳුණා මම බලාගෙන.
"ඇයි?"
මම කෙනාර්ගෙ අත ඔලුවෙන් අහකට කරද්දි කෙනාර් ඇහුවෙ.
"නින්ද යනවා මට."
මම කීවෙ එයා දිහා නොබලා.
"ඉතින් නිදාගන්න මං ගිහින් එන්නම් ටාර් ගාලා."
කෙනාර් කීවම මම හුස්මක් හෙළලා එයා ගාවින් අයින් වෙන්න හැදුවෙ. ඒත් කෙනාර් එයාගෙ ඒ අත් වලින් මාව අල්ලගෙනම හිටියේ මට ඈත් වෙන්න නොදී.
"යන්නැද්ද ඉතින්. තව රෑවෙන්න කලින් ගිහින් එන්නකො."
මං කීවෙ කෙනාර් රෑ ඩ්රයිව් කරන එක ගැන අමුතු බයක් හිතට දැනෙද්දි. කෙනාර් මාව ඈත් කරලා මං දිහා බලාගෙනත් ඉඳලා. මම හිටියෙ කල්පනාවක. මට ඒකවත් දැනුණේ නෑ.
"ඉතින් ආයෙම පටන්ගත්තා කල්පනා කරන්න. ඔහොම තමුසෙව දාල යන්නෙ කොහොමද කියනවකො."
කෙනාර් කියද්දි මම ඔලුව දෙපැත්තට කරලා හුස්මක් හෙළුවේ එයා දිහා බලන ගමන්.
"නෑ ඔයා ගිහින් එන්න. එද්දි මටත් ඇඳුමක් අරන් එන්නකෝ."
මං කියද්දි කෙනාර් බැලුවේ ඇස් දෙක හීනි කරලා.
"ගෙදරින් ඇඳුම් මවන්න තමා වෙන්නෙ. මතක නැද්ද ඇයි තමුසෙ ඔක්කොම ඇඳුම් ටික අරන් ගියේ."
කෙනාර් යාන්තමට රවලා කියද්දි මම ශේප් එකේ බිම බලාගත්තේ.
"හොරපූසා වගේ බැලුවට මංනම් ඔය මගුල් බෝඩින් අස්සෙ රිංගන්න යන්නෑ හරි."