#Mr_and_Mrs_අතිපණ්ඩිත_83
මටයි කෙනාර්ටයි ගොඩක් වෙලා කතා කර කර ඉන්න හම්බුණේ නෑ. දානෙ දෙන ආරාමෙට යන වෙලාව ළං වුණ නිසා අම්මලා අපිට පල්ලැහැට කතා කරා. ඊයෙ රෑ වුණ ප්‍රශ්නෙ නිසා ගෙදර ඔක්කොම අමුතු වෙලා හිටියත් මම උදේ සාමාන්‍ය වුණ නිසා ටික ටික පරණ විදියට ගෙදර අය ඉන්න ගත්තා. අනික දානෙට උයන්න කට්ටිය ආපු නිසා අපි හැමෝටම ඒ වැඩ වලට ඔට්ටු වෙන්න වුණා.
"අශූ... ශේනුකලා ඇවිත්."
නුකී අපේ අම්මට ඊයෙ නිකමට කතා කරපු වෙලේක අපේ අම්මා එයාලටත් එන්න කියලා දානෙට. නුකී ප්‍රෙග්නට් නිසා ආරාමෙට යන් කියලා. එතනට ප්‍රෙග්නට් අම්මලා ගොඩක් එනවලු දානෙ එහෙම දෙන්න.
"ආහ් වලි කාපර්... වස්සප් ඉතින්?"
නුකී මාව දැක්ක ගමන් කියද්දි මම නුකීට රැව්වා.
"බබා?"
කෙනාර් යන්න ආපු හිනාව හංගන් උඩ බලාගනිද්දි ශේනුක අයියා නුකී දිහා බැලුවෙ එහෙම කියන ගමන්.
"නෑ ඉතින් ශේනු අයියේ මම් මේ... "
අයියෝ අපේ නුකීට මේ මොකද වෙලා තියෙන්නෙ? ඉස්සර හෙනට ශේනුක අයියට පාට් දාන් හිටපු කෙනා දැන් ශේනුක අයියා පොඩ්ඩක් තදින් බැලුවමත් පූස් පැටියා වගේ.
"අනිත් කෙනා බබානේ.. මට කියන්නෙ මෙතන. ඔතනින් පරිස්සමට අඩිය තියනවා උඩ බලන් එන්නැතුව."
මම රවාගෙනම නුකීට කීවෙ ලිවින්ග් එකේ කොටස් දෙකකට බෙදිලා තියන තැන පඩිය පෙන්නලා.
"මට මේක පුරුදු නැති ගෙයක් නෙමේනෙ."
නුකීත් අතහරින්නෙ නෑ වැඩේ. මම රවාගෙනම ඉද්දි ශේනුක අයියයි කෙනාරුයි මූණෙන් මූණ බලන් ඇස් දෙක රෝල් කරගත්තා.
"ඇයි මොකද ඔය දෙන්නා?"
නිකන් ඉන්න බැරි නිසා මම ඒ දෙන්නගෙනුත් ගේම ඉල්ලුවා. නුකීරත් ඒ දෙන්නා දිහා බලලා රවාගත්තා.
"අනෙ අම්මෝ මොකුත් නෑ නේ බන්."
ශේනුක අයියා කෙනාර්ට කියද්දි කෙනාරුත් ඔලුව වනන ගමන් අත් දෙක ඉස්සරහට දික් කරලා උරහිස් ඇකිළුවෙ 'අපිනම් ඕවට නෑ' කියන්න වගේ.