#Mr_and_Mrs_අතිපණ්ඩිත_37
මං කට ඇදකරගත්තත් කෙනාර් මගෙ අතින් ඇදලා ඇස් වලින් එන්න කීවෙ මං කට ඇදකරගෙනම එයාගෙ පස්සෙන් වැටෙද්දි. හිතට සැනසීමයි දැන්නම්. කෙනාර්ට ඇත්තම කියන්න බැරිවුණත් අපි ටිකක් විවෘත වෙලා කතාකරපු නිසා දැන් නිදහසක් දැනෙන්නේ.
“මේක තමා අරන් යන්න වෙන්නේ.”
කෙනාර් ලන්තෑරුම පෙන්නලා කීවේ.
“කරන්ට් එන්නැද්ද අප්පා?”
මං කීවේ කෙනාර් ලන්තෑරුම ගනිද්දි.
“සමහරවිට පහළ මොනවහරි වෙලා ඇති. ගහක් කඩන් වැටිලාවත්ද දන්නෑ.”
කෙනාර් කීවෙ එක අතකින් ලන්තෑරුම අරන් මගෙන් අනික් අතෙන් අල්ලගන්න ගමන්.
“එතකොට?”
මං ඇහුවේ එහෙම වෙලානම් උදේ වෙනකන්ම කරන්ට් එක නැතිවෙයිද කියලා.
“ඉලෙක්ට්රිසිටි බෝඩ් එකෙන් මේ රෑ ඇවිත් ඕක හදන්නෑ කොහොමත්. උදේ ඇවිත් හදනකල් මෙහෙම තමා ඉන්න වෙන්නෙ.”
අපි දෙන්නා හෙමීට කාමරෙන් එළියට ඇවිත් කිචන් එකට ආවා. නගේෂ් අංකල් කෑම නිවෙන්නෙ නැති බාජන වලට දාලා මේසෙට ඇරලා ගිහින් තිබ්බෙ.
“ඉඳගන්න”
ලන්තෑරුම මේසෙ උඩින් තියලා පුටුවක් පස්සට අදින ගමන් කෙනාර් කීවෙ. ඊළඟට මං ඉඳගනිද්දි කෙනාරුත් මගෙ ළඟම පුටුවෙන් ඉඳගෙන බාජන වල පියන් එකින් එක ඇරියා.
කෑම වල සුවඳ... ඒ සුවඳට නැති බඩගිනිත් එනවා.
“කෙළ ගිලින්නැතුව ඉන්නවා මටත් එක්ක බඩේ අමාරු හදවන්න.”
මේ කෙනාර්නම්... මං කෙනාර් දිහා බලලා රැව්වේ. ඊළඟට කෙනාර් මගෙ ගාවින් ප්ලේට් එකක් තියලා නගේෂ් අංකල්ගේ පරාටා එකක් බෙදුවා. දැන්නම් ඇත්තටම කෙළ ගිලෙනවා. පරාටේ මැද්දටත් එක්ක එන්න කහ පාටට හුරු කරපිංචා කොල බැඳලා පොඩි කරලා දාලා හදලා තිබ්බ කඩල හොද්දත් බෙදුවා.
කෙනාර් අනිත්වා බෙදන්න කලින් මං කඩලයක් අරන් කෑවෙ කෙනාර් මට හිනාවෙද්දි. ඒකටම කළු හුරුවට පාටට මිරිසට හදලා තිබ්බ චිකන් කෑල්ලක් එක්ක හොද්දත් බෙදුවා. පැත්තකින් සුදු කොච්චි දාලා හදල තිබ්බ කොච්චි සම්බෝල පෝඩ්ඩක් බෙදුවේ. දැන්නම් ඇත්තටම කෙළ ගිලෙනවා. උණු පරාටා වල සුවඳයි චිකන් හොද්දේ තුනපහ මුහු වෙච්ච සුවඳයි එක්ක කොච්චි සැරත් දැනෙනවා.