1•

1K 132 31
                                    

"එයාලා මාව තේරුම් ගනී නේද....හ්ම්ම්ම් හැමදේම හොදින් සිද්ද වෙයි...."

මගේ තුරුලේ හොදට ගුලි වෙලා නිදාන ඉන්න පුලුන් බෝලේ තවත් මට තුරුලු කරගෙන බස් එකේ ජනේලේ අයිනේ ඔලුව තියන් මම හැමදේම කල්පනා කරන්න පටන් ගත්තා....

"ජ-ජන්කූ...ම-මගේ දරුවව බ-බලා ග..ගන්න...ප්.ප්ලීස්...එ...එයාව ත..තනි කරන්න එ...එපා...ප්..ලීස්..."

මගෙ නූනගෙ අන්තිම වචන ටික..මගෙ ජිසූ නූනා...අවුරුදු පහලවේදි ඉගෙන ගන්න සෝල් ගියපු මට තිබුනු එකම රැකවරනය....නූනා ගෙදරින් කාටත් හොරෙන් ගියාට පස්සෙ ගෙදර අය එයාව අතෑරලා දැම්මා...දරුකමින් අයින් කලා...ඔම්මා අප්පා පවා එයාව අතෑරලා දැම්මත් මට බැරි උනා නූනාව අමතක කරන්න...නූනා පව්ලේ හැමෝටම වඩා ආදරේ කරේ මට...ඔම්මට වත් නොකියපු දේවල් මම කිව්වෙ නූනට...එයා ඒ තරම් එකතුයි මා එක්ක...නූනා යන බවක් මම නොදැන හිටියත් එයා ගියාට පස්සෙ මට හැමදේම කිව්වා..මට තේරුනේ එකම දෙයයි...

නූනා ආදරෙන් අන්ධවෙලයි හිටියේ...!

මම සෝල් එනවා කිව්වම නූනා ගොඩක් සතුටු උනා....ඒත් තව වෙනතුරුත් ගෙදර අය දන්නෙ නෑ මම හිටියෙ නූනා එක්ක කියලා...මම බය උනා ගෙදරට ඒ ගැන කියන්න මොකද ඉගෙන ගන්න එක පවා නවත්තලා දාලා ආයෙම ගමට එන්න වෙයි කියලා හිතුනු නිසා..ජිසූ කියන වචනෙ පවා ගෙදර කියන්න තහනම් වෙද්දි නූනා එක්ක නැවතිලා හිටියෙ කියලා දැනගත්තාම මගෙ ඉගෙනීම පවා නවත්තලා දාන්න අප්පා දෙපාරක් හිතන්නෙ නැහැ...මං ඒ ගැන ඕනවටත් වඩා දැනගෙන හිටියා...මොන දේ උනත් ගත උන කාලේ පුරාම මම නූනා එක්ක හිටියෙ සතුටින්...

ඒත් ඒ හැම සතුටක්ම තාවකාලිකයි නේද !

නූනගෙ හස්බන් නූනව දාලා ගියා...කිම් සූහියුක්, මගෙ නූනාගෙ හස්බන්ඩ්...මගෙ නූනාව රවට්ටපු මනුස්සයා...එයා කව්ද කොහෙ කෙනෙක්ද පවුලෙ අය කව්ද කිසි දෙයක් මම දැනගෙන හිටියෙත් නැහැ....නූනා මට කිව්වෙත් නැහැ...මන්දන්නැ ඒ ඇයි කියලා...සූහියුක් හියුන්ග් නුනාව අතෑරලා ගියාට පස්සෙ නූනා හුගක් මානසිකව වැටුනා...ඔම්මා අප්පා එයාට නැති උනේ කලින්මයි ! නූනා පණ වගේ ආදරේ කරපු සූහියුක් හියුනුත් නූනාව දාලා ගියාට පස්සෙ නූනා තනි උනා...

𝗨𝗦 [ TK ] onhold |Where stories live. Discover now