අහ් කවර් එක වෙනස් කරා!_________________________________________________________
පැයක් දෙකක්!
නෑ..ඊටත් වඩා වෙලාව ගෙවිලා ගිහින් තිබුනා..ඒත් ටේහ්‍යුන් හිටියේ තවමත් කා එකට වෙලා...එයාගෙ හදවත ඇදුම් කෑවා..වෙන මොකටවත් නෙවෙයි ජන්කුක්ට නිකරුනේ කෑ ගැහුවට...ටේහ්‍යුන් එයාගෙ හදිසි කෝපයට හුගක් පසු තැවුනා....එයා දන්නවා මෙතන ජන්කුක්ගෙ වැරැද්දක් නැති බව...ඒත් ඒ හැමදේම උනේ එයා ජන්කුක් ගැන වද වුන නිසා, බය උන නිසා නෙවෙයිද!
ඩ්‍රයිවින් සීට් එකේ පිටිපස්සට බර දීලා හිටිය ටේහ්‍යුන් ඇස් දෙක පියාගෙනම බර හුස්මක් හෙලුවා...එයාගෙ හදවතට බරක් දැනුනා...
ජන්කුක්ගෙ කදුලු පිරුනු ඇස් මැවිලා පෙනෙද්දි ටේහ්‍යුන් වේගෙන් ස්ටියරින් වීල් එකට පහරක් ගහලා තරමක් දාඩියෙන් තෙත් වෙලා තිබුන කොන්ඩෙ එක අතකින් පිටිපස්සට කරා...
"ෆක් ටේහ්‍යුන්ග්!"
එයාට කේන්තියි එයා ගැනම..
ටේහ්‍යුන් ටික වෙලාවක් එහෙමම හිටියා...පැසේන්ජර් ශීට් එක උඩ තිබුන ෆෝන් එකට ආව නොටිෆිකේශන් එක නිසා ටේහ්‍යුන්ගෙ හැගීම් විරහිත ඇස් ඒකට යොමූ උනා...ඒත් එක්කම ස්ක්‍රීන් උඩින් 23 : 25 කියලා දැකපු වෙලාව නිසා ටේහ්‍යුන්ගෙ ඇස් විශාල උනා...
"ඔහ් ගෝඩ් ජන්කුක්!"
ටේහ්‍යුන් ඉක්මනින් පැසේන්ජ ශීට් ඒකේ උඩ තිබුන ෆෝන් එකයි වොලට් එකයි ගලවලා දාපු බ්ලේසර් එකයි ටයි එකයි අරගෙන වාහනෙන් බැස්සා...ලොකු හුස්මකින් පපුව පුරවගත්තු එයා ගේ දිහාවට ඇවිදන් ගියා...
මුලු ගෙදරම අදුරුයි, නිශ්ශබ්දයි...හද එලියෙන් විතරක් ගේ ඇතුල එලිය වෙලා තිබුනා...ටේහ්‍යුන් අතේ තිබුන ඔක්කොම ලිවින් රූම් එකේ ස්ටූල් එක උඩින් තියලා ශර්ට් එකේ අත් වැලමිටට යනකන් නවා ගත්තා...ඉනට අත් දෙක තියන් හුස්මක් හෙලුව ටේහ්‍යුන් හිමින් සීරුවේ පඩිපෙල නැගගෙන උඩ තට්ටුවට ගියා...
ටේහ්‍යුන්ට ඕන වුනේ ජන්කුක්ගෙන් සමාව ගන්න..
අනිවාරෙන්ම ටේහ්‍යුන් ඒක කරන්න ඕන...මොකද මෙතන ටේහ්‍යුන්ගෙයි වැරැද්ද...
YOU ARE READING
𝗨𝗦 [ TK ] onhold |
FanfictionOnhold for some reasons Lets meet again after two months