පාටි එක නම් හරි ලස්සනට පාඩුවේ ගෙවිලා ගියා...හැබැයි ඉතින් ජන්කුක් ට නම් පාඩුවේ ඉන්න හම්බවුනේ නෑ...ටේහ්‍යුන් යුන්ගි දෙන්නම එයාලගෙ බිස්නස් පාට්නර්ස්ලාත් එක්ක පොඩ්ඩක් චිල් එකේ ඉද්දි මිස්ටර් මින් හිටියේ අන්කල් ලා සෙට් එකක් එක්ක සෙට් වෙලා....මිසිස් මින් නම් ඇන්ටිලා එක්ක කියව කියව තමා හිටියෙ කොහොමත් හැමදම වගේ...අපෙ ජිමින් ඉතින් ඉන්සු එක්ක ටික වෙලාවයි ජන්කුක් එක්ක ටික වෙලාවයි ඉදලා බුෆේ එකට දුවලා ටේහ්‍යුන්ගෙ එරවිලි ගණන් නොගෙන මොනවහරි කාලා ආයෙත් එයාගෙ යාලුවො ලගට දුවනවා...මේ කොල්ලව නම් හද්න්නම බෑ...
එතකොට ජන්කුක්ට තමයි ඉන්සු එක්ක යුද්දයක් කරන්න උනේ...බිම තියන්න බැරි හින්දා ඔඩොක්කුවෙන් තියාගත්තම වැඩේම කකුල් ගසල ගසලා ශූස් දෙකත් ගලවගෙන බොරුවට අඩලා ජන්කුක්ගෙ ඔඩොක්කුවෙන් බිමට පනින එක....දනගාගෙන මේසෙ අස්සට රිංගගත්ට්ගම ජන්කුක්ගෙ වැඩෙ පස්සෙන් ගිහින් ආයෙත් වඩගන්න එක...ටේහ්‍යුන් කිව්ව හින්දා මේසෙ උඩින් ඉන්දගෙන අවදානෙ වෙනස් කරන්න හැදුවත් අන්තිමට උනේ ගෑරුප්පුවෙන් ග්ලාස් එකකට ගහලා ඒක කුඩු කරපු එක....ඒ විතරක් නෙවෙයි ජිමින් බීම පොවන්න ගිහින් ටී ශර්ට් එකත් මාරු කරවන්න උනා පොඩි යස්ස පැටියගේ...
එතකොට දැන් ඉන්සු හිටියේ ජිමින්ගෙ යාලු කෙල්ලො සෙට් එකක් එක්ක...දෙන්නා තරගෙට එතන හුරතල් වෙනවා...ජන්කුක් ඈත ඉදන් මේ දිහා බලාගෙන හිනා වෙවී හිටියේ ඉන්සුත් පොඩි උනාට කෙල්ලො එක්ක හිනා වෙවී ඉන්න හැටි දැකලා...ජිමින් ජන්කුක්වත් එතෙන්ට ඇදගෙන යන්න ගියත් ජන්කුක්ට ඕන උනා එයාගෙ බෝල කම්මුල් දෙක පරිස්සම් කරගන්න...
ඉන්සු දිහා බලාගෙන උන්නු ජන්කුක්ගෙ අවදානේ මොහොතකට වෙනස් උනේ කපල්ස් කීපයක් ඩාන්සින්ග් ෆ්ලෝ එකට යනවා දැක්කම...ජන්කුක්ගෙ ඇස් ඒත් එක්කම ගියේ වයින් ග්ලාස් එකක් අතේ තියාගෙන බිස්නස් පාට්නර් කෙනෙක් එක්ක කතා කරමින් ඉන්න ටේහ්‍යුන් දිහාට....
ඒත් එක්කම ජන්කුක්ගෙ ඇහි බැමි එකට උනේ තඹ දිග කොන්ඩයක් තියෙන ලස්සන පොඩි කෙල්ලෙක් ටේහ්‍යුන් ලගට ගිහින් ඇඹරි ඇඹරි කතා කරන්න ගත්තම..
YOU ARE READING
𝗨𝗦 [ TK ] onhold |
FanfictionOnhold for some reasons Lets meet again after two months