10•

363 74 12
                                    


හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️🤗

__________________________________________________________

"පොඩි දෙයක් ගැන කතා කරමුද...."

ටේහ්‍යුන් ඇහුවම ජන්කුක් ප්‍රශ්නාර්ත බැල්මෙන් ටේහ්‍යුන් දිහා බැලුවා...

"මොකද්ද හියුන්ගී..."

ටේහ්‍යුන් ලොකු හුස්මක් පහත දැම්මා...කොහොම උනත් මේ දේ ගැන ජන්කුක්ට කියන්නම වෙනවා...

ටේහ්‍යුන්ගේ ඔලුව තිබුනෙත් විකාරයක් වෙලා...

අවුරුදු ගානකට කලින් අතෑරලා දාපු පවුල ගැන ආයෙමත්!

ජන්කුක්ගෙ ඇගෙන් එහාට උන ටේහ්‍යුන් ජන්කුක්ගෙ පපුවෙන් ඔලුව තියාගෙන බූවල්ලෙක් වගේ ජන්කුක්ව බදාගත්තා...ජන්කුක් තාම හිටිය විදිහමයි...එයා ඇස් දෙකත් හීනි කරගෙන ටේහ්‍යුන් දිහා බැලුවා...

"මොකක් ගැනද කතා කරන්න ඕන හියුන්.."

"ජන්කූ..."

ජන්කුක්ගේ බෙල්ලේ මූන ඔබාගෙන ටේහ්‍යුන් කොදුරනකොට ජන්කුක් ටේහ්‍යුන්ව බෙල්ලෙන් ටිකකට ඈත් කරා...

"කියන්නකෝ හියුන් ප්‍රශ්නයක්ද..."

ලොකු හුස්මක් අරන් ජන්කුක්ගෙන් ඈත් වෙලා වැලමිටට බර දීලා ටේහ්‍යුන් ජන්කුක් දිහා බැලුවා...

"ඊට කලින් කියනවා මට..අද යුන්ගියා මං එක්ක තනියෙන් කතා කරේ මොනවා ගැනද කියලා අහලා දැනගන්න උවමනාවක් නැද්ද..."

ජන්කුක් ඇස් දෙක බෝල කරන් ටේහ්‍යුන් දිහා බැලූවා...

"ත-තනියෙන් කතා කරන්නෝන කිව්වේ මං දැනගන්නෝනේ නැති නිසානේ හියුන්ගී...ඒ-ඒකයි මං ඇහුවේ නැත්තේ..."

ජන්කුක් ගේ වචන එක්ක ටේහ්‍යුන් හුස්මක් හෙලුවා....අනේ අනේ මේ කොල්ලගේ මැටි මොලේ!

"යාහ් මෝඩ කොල්ලා...ඌ ඒ වෙලාවේ තනියෙන් කතා කරන්නෝන කිව්වත් ඔයා දැනගන්නෝනේ පස්සේ මගෙන් ඒ ගැන අහන්න...මොකද අපි දෙන්නා අතර රහස් නෑ ම්ම්ම් තේරුනාද..."

ටේහ්‍යුන් කියද්දි ටේහ්‍යුන්ගේ නිරුවත් පපුව පුරා ඇගිල්ලෙන් ඉරි අදිමින් හිටිය ජ්න්කුක් බෝනික්කෙක් වගේ ඔලුව වැනුවා...ඊට පස්සේ ටේහ්‍යුන්ගේ පපුවෙන් ඔලුව තිබ්බ ජන්කුක් ඇස් දෙක උස්සලා ටේහ්‍යුන් දිහා බැලුව...

𝗨𝗦 [ TK ] onhold |Where stories live. Discover now