කතාව මතකද හෙහෙ 🥲__________________________________________________________
"ස-සමාවෙන්න මිස්ටර් කිම්.."
ටේහ්‍යුන්ගේ ගිනි පිටවෙන ඇස් දිහා බලාගෙන ඉන්න බැරි කමට ටේහ්‍යුන් ඉස්සරහා හිටගෙන හිටිය අය හිටියේ බිම බලාගෙන...එයාලගෙ කකුල් බයටම වෙව්ලමින් තිබුනා...වෙන මොකටවත් නෙවෙයි...එයාලගෙ බොස් රස්සාවෙන් එයාලව අයින් කරලම දායි කියන බයට...
"අ-අපිට සමාවෙන්න...ආය එ-එහෙම දෙය-"
thud
"කටවල් වහගන්නවලා!!"
තදින් වීදුරු මේසෙට මිට මොලවලා පාරක් ගැහුව ටේහ්‍යුන් මුලු ඔෆිස් රූම් එකම දෙදරලා යන්න කෑ ගැහුවම ඒ ගැඹුරු හඩට ගැස්සුනු සේවකයො ටිකගෙ කටවල් ක්ශනයෙන් වැහිලා ගියා...
බිම බලන් වෙව්ලමින් ඉන්න ඒ කීපදෙනා දිහා බලලා ටේහ්‍යුන් ලොකූ හුස්මකින් පපුව පුරවගෙන එක අතකින් තමන්ගෙ නලල දෙපැත්ත පිරිමදිමින් සන්සුන් වෙන්න උත්සහ කලා..මොකද එයාට ඕන උනේ නෑ තවත් මේ කේන්තිය දුර දිග ගෙනියන්න....
එතකොට මොකද්ද මේ ටේහ්‍යුන්ගෙ කේන්තියට හේතුව!
අහ් හේතුව මේකයි....උදේම ඉන්සු එක්කයි ජන්කුක් එක්කයි හුරතල් වෙවී ඉදලා හිත සතුටින් පුරවගෙන කම්පැනි එකට ආව ටේහ්‍යුන්ගේ මුලු මූඩ් එකම විනාස වෙලා යන්න ගියේ තප්පරයයි...නෙක්ස්ට් වීක් එකේ තියන්න තිබුන ටේහ්‍යුන්ගෙ කම්පැනි එකෙන් එලිදක්වන අලුත්ම පර්ෆියුම් බ්‍රෑන්ඩ් ඇඩ්වර්ටීස්මන්ට් එකට මොඩ්ලර් කෙනෙක් තෝරන්න තියෙන ඉන්ටවිව් එකේ ඉන්ටවිවර්ස්ලාගෙ ඩීටේල්ස් තියෙන ෆයිල්ස් වල මිස්ටේක්ස් ටේහ්‍යුන්ගේ උකුසු ඇස් වලට අහුවෙන්න ගියේ පොඩි කාලයයි...මොඩ්ලින් ටීම් එකට සම්පූර්ණ වගකීම විශ්වාසයෙන් පවරලා ගියාම ඒ ඔක්කොම කනපිට පෙරලන් ඉන්නවා දැක්කම ටේහ්‍යුන්ට කේන්ති යන එක එක අතකින් සාදාරනයි...
නලලින් අත ගත්ත ටේහ්‍යුන් ඉනෙන් අත් දෙක තියාගෙන ඇස් හීනි කරලා තමන් ඉස්සරහා හිටගෙන ඉන්න මොඩ්ලින් ටීම් එකේ අය දිහා බැලුවා....
"තමුසෙලාට මං දවසක් නැති උනොත් කිසි වැඩක් කරගන්න බැරිද ආ!! මං හැම එකම ඇගිල්ලෙන් ඇන ඇන කියලා දෙන්න ඕනද!!! තමුසෙලා තොත්ත බබාලද ආහ්!!!"
YOU ARE READING
𝗨𝗦 [ TK ] onhold |
FanfictionOnhold for some reasons Lets meet again after two months