"තමුසෙ මිනී මරුවෙක්""තමුසෙ මගෙ ලමයෙක් නෙවෙයි!!"
"කලකන්නියා!"
"සූහියුක්!! තමුන් මේ පවුලටම ලැජ්ජාවක්!"
"ඇයි තමුසෙටත් බැරි ටේහ්‍යුන් වගේ හැදෙන්න ආහ්!!"
"ටේටේ...මගේ කොල්ලා"
"චිමී..මගේ හුරතලේ..."
"නෑ...!!!! ආහ්හ්හ්!!"
නිදාගෙන හිටිය සූහියුක් කෑ ගහගෙන එකපාරට නැගිට්ටා....එයාගෙ මුලු ඇගම දාඩියෙන් තෙත් වෙලා...තොල්, අත පය සට සට ගාලා වෙව්ලන්න අරන්...එක එක කටහඩවල් තව තව ඇහෙන්න ගත්තම සූහියුක් කන් දෙක තද කරගෙන ඇස් පියාගත්තා...
"ප්-පලිගන්නවා..ආහ්හ්හ්!!"
එක දිගට තමන්ට මුමුණන ගමන් සූහියුක් තරමක් දිගට වැවිලා තියෙන දුඹුරු පාට අවපැහැ උන නියපොතු වලින් මුලු මූනම හූරගන්න පටන් ගත්තා...පිස්සුවෙන් වගේ තමන්ව හූර ගන්න සූහියුක් ගෙ ඇස් ලේ පාට වෙලා තිබුනා...හීරිලා තිබුන පරණ තුවාල පෑරෙන්න අරන්..ඒ වෛරයෙන් පිරිලා තිබුන ඇස් වල මැවිලා පෙනුන එකම රූපේ ටේහ්‍යුන් විතරයි!
"බොස්..!"
එකපාරටම දොර ඇරගෙන ඇතුලට ආව හන්ජුන්, ඇද උඩ පිස්සුවෙන් වගේ පෙරලෙමින් තමන්ව හූරගන්න සූහුයුක් දිහා පුදුමෙන්, බයෙන් බලන් හිටියා...හන්ජුන් මීට කලිනුත් සූහියුක් ව මෙහෙම දැකලා තිබුනා උනත් දකින හැමවෙලේම පලවෙනි වතාවට දකිනවා වගේ බය උනා...
බය නොවී තියෙයිද උන්මත්තකයෙක් වගේ සූහියුක්ගෙ හැසිරීම දැක්කම!
"බොස්...ඕ-ක නවත්තන්.."
හන්ජුන් සූහියුක් ලගට ගිහින් නවත්තන්න හැදුවම සූහියුක් හන්ජුන්ව බිත්තියෙ වැදිලා බිම වැටෙන්නම තල්ලු කලා...
"යනවා!!"
සූහියුක් ගේ ගොරෝසූ හඩට හන්ජුන් ගැස්සුනා...හන්ජුන් අමාරුවෙන් වටුන තැනින් නැගිටලා හිටගත්තා...
හන්ජුන් ට යන්න බෑ....මොකද එයා හොයාගත්ත තොරතුර සූහියුක් ට කියන්නම ඕන!
"බ්-බොස්...ව්-වැදගත් දෙ-දෙයක්-"
හන්ජුන් අමාරුවෙන් වචන ගැට ගහගත්තා....මොකද මේ වෙලාවට සූහියුක් ගෙ රූපය දිහා බැලුවත් වෙව්ලනවා...
YOU ARE READING
𝗨𝗦 [ TK ] onhold |
Fiksi PenggemarOnhold for some reasons Lets meet again after two months