කාලය ගෙවිලා ගියේ හීයක වේගයෙන්...ටේහ්යුන් කන්ෆෙස් එකෙන් පස්සේ සතියක විතර කාලයක් ඇස් පිල්ලම් ගහන පමාවට ගෙවිලා ගියා...ඒ වගේම ගෙවුනු සතියේ ටේහ්යුන්ගෙයි ජන්කුක්ගෙයි කාලය පුන්චි ඉන්සු එක්ක හරි ලස්සනට ගෙවුනා...
ටේහ්යුන්ට සතියම වගේ තිබුනෙ බිසී ශෙඩියුල් එකක්...උදේ හතහමාරට ගෙදරින් ගියාම ආයෙ එන්න රෑ දහයත් පහු වෙලා...සමහර දවස් වලට එන්න පාන්දර උන අවස්තාත් නැතුවම නෙවේ...විස්වාස කරනවද! ටේහ්යුන්ගේ හැම වැඩක්ම කෙරුනේ ජන්කුක් අතින්...
උදෙන්ම නැගිටලා බ්රෙක්ෆස්ට් රෙඩි කරලා ටේහ්යුන්ට ලන්ච් බොක්ස් එක්කුත් හදලා දෙන එක ජන්කුක් අනිවාරෙන්ම හැමදාම කරන දෙයක්..ඒ වගේම ටේහ්යුන්ගේ ටයි එකේ ඉදලා හැමදේම හොයලා දෙන්නෙත් ජන්කුක්...ටේහ්යුන් උදෙන්ම කම්පැනි එකට යන දවසට ඉන්සු අනිවාරෙන් ඇහැරෙනවා ඒත් රෑට එද්දි නම් එයා හොදට දොයි...ටේහ්යුන්ගේ වැඩේ උදේ පාන්දර ඉන්සු එක්ක හුරතල් වෙවී ඉදලා ජන්කුක්ගෙන් බැනුම් අහන එක...ඒත් ටේහ්යුන් හරි ආසයි ජන්කුක්ව අවුස්සන්න...ටේහ්යුන් කීයට ආවත් ජන්කුක් හැමදාම ඇහැරගෙන ඉන්න පුරුදු වෙලා....ටේහ්යුන්ග් කොච්චර නම් එපා කිව්වත් ජන්කුක් නෙවෙයි කියන දේ අහන්නේ....අහ් එන්න කොච්චර වෙලා ගියත් ජන්කුක්ට කන්න ගේන්න ටේහ්යුන් අමතක කරන්නෙ නෑ...කොයි තරම් වෙලාව අඩු උනත් ජන්කුක් එක්ක ගත කරන්න කාලය වෙන් කරන්න ටේහ්යුන්ග් අමතක කලෙත් නෑ...
ටේහ්යුන්ග් ගේ හදිසි වැලදගැනිම් පුන්ච් පුන්චි කිසස් වලට ජන්කුක් දැන් හුරු වෙලා....බෝල කම්මුලට නලලට බොත්තම් නහයට දෙන ස්වීට් පෙක්ස් වලින් එහාට දෙන්නා අතර කිසිම දෙයක් උනේ නෑ...ඒත් ටේහ්යුන් ජන්කුක් එක්ක හුගක් ටචී...ජන්කුක්ට ඒවා පුරුදු උනත් තාමත් එයා තක්කාලි ගෙඩියක් වගේ රතු වෙනවා..හැමදාම!...ටේහ්යුන්ග් ගේ ආදරේ මේ ගෙවුනු සතියට ඕනවටත් වඩා ජන්කුක්ට දැනුනා...වචනෙන් නොකිව්වත් ජන්කුක්ගෙ හිතෙත් ටේහ්යුන් ගැන යම්කිසි හැගීමක් තියෙනවයි කියලා ටේහ්යුන්ට හොදින්ම තේරිලයි තිබුනේ...ඒ කොහොම උනත් ටේහ්යුන්ග් ජන්කුක් අතර නමක් දෙන්න අමාරු හරි ලස්සන බැදීමක් ගොඩනැගෙමින් තිබුනා!
YOU ARE READING
𝗨𝗦 [ TK ] onhold |
Fiksi PenggemarOnhold for some reasons Lets meet again after two months