3•

391 92 10
                                    


"ම්ම්ම්..."

පාන්දරම ආව වතුර තිබහක් නිසා මම හිමීට නැගිටලා ඇද උඩ ඉදගත්තා...කෑලි පැනලා තියෙන කොන්ඩේ හදන ගමන් මම වෙලාව බැලුවා..ඕ! වෙලාවත් පාන්දර දෙකහමාරයි...මගෙ ඉන්සු නම් ඩුවට් එක අස්සට රිංගගෙන සැපට ගුලි වෙලා නිදි...මම එයාගෙ ඔලුව හිමින් අතගාලා හුස්මගන්න පුලුවන් වෙන්න ඩුවට් එක එහෙ මෙහෙ කරලා නලලට හාද්දක් දීලා කාමරෙන් එලියට ආවා...පඩිපෙල ලග ලයිට් එකත් දාගෙන සද්දයක් නැතුව පඩිපෙල හිමින් බැහැගෙන යද්දි මම දැක්කේ පහල තට්ටුවෙ පඩිපෙල කෙලින්ම කාමරේක ලයිට් එක දාලා තියෙනවා....මම හිතන්නේ ඒක ඔෆිස් රූම් එකක්....

මම ඒ කාමරේ දොර ලගට ගිහින් ඇතුලේ බලද්දියි දැක්කේ ටේහ්‍යුන් හ්‍යුන්ග් නිදි මතෙන් වැටි වැටි ලැප් එකේ ලොකු වැඩක..මට දුක හිතුනා ඇත්තටම...මේක නිදාගන්න වෙලාව අනික කීයේ ඉදන් මෙහෙම ඉන්න ඇතිද..මේ දේවල් ගැන හිතද්දි මට ටේහ්‍යුන් හ්‍යුන්ග් ගැන දුක හිතුනා...ඒ නිසා මම ඉක්මනට කිචන් එකට ගිහින් එයාටත් එක්කම කොෆී එකක් හදාගෙන රූම් එකේ දොර ලග ඉදන් හ්‍යුන්ග් ට කතා කරා...

"හ්‍යුන්ග්!"

මම කතා කරද්දි එයා ටිකක් ගැස්සිලා ගියා..එයා මාව මේ වෙලාවෙ බලාපොරොත්තු නොවෙන්න ඇති...

"අහ් ජන්කුක්!"

"ම-මම ඇතුලට එන්නද..."

"ඕක අහන්නත් ඕනෙද..."

ටේහ්‍යුන්ග් හ්‍යුන්ග් හිනා වෙවීම ආයෙම ලැප් එක දිහාට හැරුනා..මම එයාලගට ගිහින් වාඩි වෙලා මගෙ අතේ තිබුනු එක කොෆී එකක් හ්‍යුන්ග් ලගින් තිබ්බා..එයා පුදුමෙන් වගේයි මං දිහා බැලුවෙ..

"ඒක ඔයාට...නිදි මතෙන් නේ හිටියේ ඕක බොන්න එතකොට නිදිමත නැති වෙයි..."

කොෆි උගුරක් බොන ගමන් මම එහෙම කියද්දි හ්‍යුන්ග් හිනා වෙලා කොෆී එක අතට ගත්තා...

"ඔයා මොකෝ මේ පාන්දර ඇහැරගෙන කරන්නෙ.."

"වතුර තිබහක් ආවා ඉතිම්ම් මම පහලට එද්දියි ඔයාව දැක්කේ..."

"ම්ම්ම්ම්ම්"

"හ්‍යුන්ග්..."

"ම්ම්ම්ම්"

𝗨𝗦 [ TK ] onhold |Where stories live. Discover now