11•

318 67 10
                                    

ඉන්ටවිව් එකේ වැඩ ටික සතියක් තිස්සේ ටේහ්‍යුන්ගෙ කටේ බලේ හින්දාම හිතුව විදිහට හොදින් කෙරුනා...මොනවා කියල බැන්නත් ටේහ්‍යුන් මොඩ්ලින් ටීම් එකට ඉන්ටවිව් එක ඉවර උන දවසේ පොඩිවට ට්‍රීට් එක්කුත් ලෑස්ති කරා..මොකද එයාලා ඉතින් ටේහ්‍යුන්ගෙ කටේ බලේට හරි මහන්සි උනානේ..

බිසී ඩේස් කීපයකට පස්සෙ ටේහ්‍යුන් යුන්ගිට කම්පැනි එකේ වැඩ කීපයක් පවරලා පොඩි නිවාඩුවක් ගත්තා...මොකද ඔම්මලා ගෙදර යන්න ඉන්න දවසත් අද නිසා~

Jungkook's Pov :)

මං උදේ ඇහැරෙනකොට දැක්කෙ හියුන්ගි කටත් බාගෙට ඇරගෙන හොදට නිදාගෙන ඉන්නවා...මට බෙඩ් ශීට් එක සම්පූර්ණයෙන්ම පොරවලා..එයා සීතලේ ඉන්න ඇත්තේ...හියුන්ගෙ පපුව උඩ ඔලුව තියන් උන්නු මම නලලින් කෙටි හාද්දක් තියලා බෙඩ් ශීට් එකත් සම්පූර්ණයෙන්ම එයාට පොරවව්වා...ඇදෙන් බැහැලා මං ගියේ වොශ්රූම් එකට....

වොශෲම් එකට ගිහින් එද්දිත් හියුන් හොදට නිදි..එයාට තව ටිකක් නිදාගන්න දීලා මම ඊලගට ගියේ මගෙ පැටියාව බලන්න...මං යද්දිත් එයා හැමදාම වගේ උදෙන්ම ඇහැරලා බෙඩ් එකේ වැටට හේත්තු වෙලා ඉදගෙන ප්ලශිස් වගයක් එක්ක සෙල්ලම් කරනවා...

"ඕ...මගෙ මැණික අදත් උදෙන්ම ඇහැරලනේ..."

මං එයාට කියාගෙනම කාමරේ කර්ට්න් එක හැදුවා ඇතුලට ඉර එලිය වැටෙන්න...පුන්චි සුරංගනා ලෝකයක් වගේ ලස්සනයි මුලු කාමරේම...හුරතල්...හැමදාම මට හිතෙනවා...කර්ට්න් එක හැදුව මම ගිහින් ඉන්සුව වඩාගත්තේ එයාගෙ අතේ තියෙන හියුන් ගෙනැල්ලා දුන්නු අයන් මෑන් ටෝයි එක තියෙද්දිමයි...

"ම්ම්ම්ම් හොදට දොයිය ගත්තද ඔයා..."

නහයෙන් බඩට කිති කවන ගමන් මම අහද්දි ඉන්සු ඇඹරි ඇඹරි හිනා වෙන්න ගත්තේ ටෝයි එකත් ගස ගස...එහෙම්මම කම්මුලට හාද්දක් තිබ්බ මම එයාගේ උදේ කරන්න තියෙන වැඩ කොටසත් කරලා ඉවර වෙලා එක්කගෙන කිචන් එකට...

"අද අපි....ශෝයි බීම එකක් බොමු ම්ම්ම්.."

මං එහෙම කියන ගම්න් ඉන්සුව එයාගෙ චෙයා එකෙන් ඉන්දුවා...පුදුම දැගලිල්ලක් නේ තියෙන්නේ! ඉස්සරහින් වැටෙන්නෙ නැති වෙන්න ආවරණයක් තියෙන නිසා ඉතිම් ඉන්සු දැගලුවට බයක් නෑ...මොනාදෝ මුමුන මුමුන එයා ටෝයි එකත් එක්ක සෙල්ලම....සැරෙන් සැරේ එයා දිහාත් බලන ගමන් මම හියුන් ආසම ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එක හදන්න පටන් ගත්තා....මට අද ඒක හදන්න හිතුනෙත් හියුන්ට හුග කාලෙකින් කටට රහට කෑමක් වත් හරියට ගන්න බැරි උන නිසා...ඊයේ රෑ වෙනකන්ම එයා හිටියෙ වැඩ වලට හිර වෙලා...දැනුයි ටිකක් රිලැක්ස් එකේ ඉන්නේ...පව් මහන්සි ඇති...

𝗨𝗦 [ TK ] onhold |Where stories live. Discover now