EPISODE 01

203 24 23
                                    

ඇත්තටම මේ කතාව සම්පූර්ණයෙන්ම එයා වෙනුවෙන් ,එයාට ආදරේ පිණිස සහ මගේ හිතේ මැවිච්ච සනික හැගීම් අකුරු වලට පරිවර්තනය කිරීමකි.

ලාවට රතු හැන්දෑවේ.... මෝරනකොට ආලේ....
බාදක නැති මල් පාරේ පා නගමුද සීතේ....

"ඒයි කැඩෙට්...තව විනඩි දෙකයි තියෙන්නෙ ඉක්මනට එලියට එනවා"

සින්දුවක් කිය කිය ජොලියෙ නනා හිටපු කැන්ඩිගෙ ආතල් හතර අතේ කුඩු වෙන්න හෙන හයියෙන් රෑන්කර් කෙනෙක් ඇවිල්ලා දොරට ගහන්න ගත්තා.ඇත්තටම හරිනම් මනුස්සයෙක්ට නිදහසේ නාගන්න දෙන්න ඕනේ.අන්තිම එක්කෙනා වෙලත් නිදහසේ නාගන්න නෑනේ අම්මපා.දොරට ගැහුවෙ වෙන කවුරුත් නෙවේ කැන්ඩිට ප්ලැටූන් එකේ පේන්නම බැරි කෙනා.

"සි.කො........... ඔය ලමයි ටික එක්කන් එනවා ඉක්මනට......... බලනවා වෙලාව කීයද කියලා..... "

"හරි මැඩම් තේරුනා"

එත් එක්කම බර අඩි තිය තිය කේන්තියෙන් කැන්ඩි නනා හිටපු දොර ගාවට ඇවිත් අන්තිම වෝනින් එක දුන්නා.අසූ හාරදාහට මල පැනලා හිටපු රෑන්කර්ට තව තරහ යන විදිහට කැන්ඩි ශවර් එකේ ස්පීඩ් එක වැඩි කරලා ඇහෙන්නැති ගානට හිටියා.

"හොද හිතින් දොර අරිනවද නැත්තම් මම දොර කඩාගෙන එන්න ද "

රෑන්කර් දොර අරින්න ට්‍රයි කරද්දිම කැන්ඩි දොර ඇරියෙ ටවල් එකෙන් ඔලුව පිහිදදා මහ වලත්ත විදියට රෑන්කර් දිහා බලන ගමන්.ඒ බලපු විදියට කියන්න ගියපු එක පැටලුන සිංහධේනුව කතාව වෙනස් කලා.

"මේ මහ රෑ නානවද මැරෙන්න ඕනේ ද ආ... "

"හ්ම්ම්"

"රෑන්කර් කෙනෙක්ට කතාකරන්න පුරුදු වෙන්න හරිද මෙතන ලොකු කම පෙන්නන්නෙ නැතුව.., මැඩම්ට කම්ප්ලේන් කරන්න පුලුවන් මට ඔයාගැන ඕනෙ තරන් විස්තර ලැබිලා තියේ "ඇගිල්ලකුත් උරුක් කරගෙන කෝපල් කැන්ඩිට අවවාද කලා.

නහයට නහය ගෑවෙන දුරට රෑන්කර්ට ලං උන කැන්ඩි ඒ දුඹුරු ඇස් වලට එබුනෙ ඇත්තටම එයා කියපු දේවල් ශුවර්ද දැනගන්න.ලස්සන හීනී දිග ඇස් පිහාටු අතරෙ සුදු මල් පෙත්තකට කෝපි පාට ඉංගිරියාවක් තියෙනවා වෙනුවට එයාට තිබ්බෙ ලස්සනට ලා දුඹුරු සරාගී ඇස් බෝල දෙකක්.කැන්ඩි ඇහිපිය ගහන්නෙ නැතුව තප්පර ගානක් ඒ ඇස් දිහා බලන් ඉන්නකොට ඇහේ බබා එහෙ මෙහෙ හෙලවෙන්න ගත්තෙ ලැජ්ජාවටද , තරහටද , නැත්තම් ආදරේටද ?? බොන්නෝනේ ප්‍රශ්නයක්

එයාගෙ තද වෙලා තිබ්බ තොල් පේලියෙන් වචන පිටවුනේ හරි අමාරුවෙන්.කැන්ඩි නම් කොයිවෙලෙත් කේන්තියෙන්.අකමැත්තෙන් කැඩෙට් කරන්න ආපු නිසා ඇත්තටම එයාට මේ ජීවිතේ හිර ගෙක ඉදන් වහ කදුරු කනවා වගේ වැඩක් උනා.

"හහ් ඔයාට මොකුත් කරන්න බෑ "

එයා නෝන්ඩියට හිනාවෙලා රූම් එක ඇතුලට ගිහින් මෙට්‍රස් එකේ ඉදගෙන ඔලුව පිහිදාන්න ගත්තා.

3 DAY CAMPWhere stories live. Discover now