EPISODE 07

114 20 37
                                    

සාර්ථක විදියට ඔන්න කෑම්ප් එකේ අන්තිම දවසත් උදා උනා ඒ කියන්නෙ තුන් වෙනි දවස.අමාරුම දවස තමයි මේ.ඊයෙ රෑට හරියට නින්දක් නැතුව ,පොඩි පොඩි විවේක අරන් මුලු දවසම වගේ ප්‍රැක්ටිස් කරලා හෙම්බත් වෙලා ඉන්න දවසක්.උදේම ලමයින්ව පෝලිම් කරලා , එක්සයිස් ඔක්කොම කෙරෙව්වා.ලෙසන්ස් කියලා දෙන්න හෝල් එකෙන් ඉදවලා රෑන්කර්ස්ලා පොත් අරගෙන අයිනක තියෙන පැවිලියන් එක උඩින් ඉදගත්තා.

"අද අපිට මොනාද කියලා දෙන්නෙ ලා.කො"

"පොඩ්ඩක් ඉන්න සාජන් එනකල් එයා ආවම අද ශෙඩුල් එක හැමෝටම කියයි"

"හරි ලා.කො "

"ගුඩ් මෝනිම් සාජන්"

ලමයි හැමෝම ඉදගෙන හිටපු තැනින් නැගිටලා සාජන්ට විශ් කලා.දැන් නම් ලමයි ටික පොඩ්ඩක් හැදිලා වගේනේ.එකපාරයි පනිශ් කරන්න ඕනේ.මේ අස්සෙ සාජන් දැක්කා කැන්ඩි ලමයෙක් එක්ක හිනාවෙවී කතා කර කර ඉන්නවා.දෙයියනේ යන්තන් මෙයා හිනාවෙනවා.කොච්චර ලස්සනද බලන්න හිනාවෙවී ඉන්නකොට අරම පුම්මගෙන රවාගෙන ඉන්නවට වැඩිය.

"ගුඩ් මෝනිම් හැමෝටම.අද කොහොමද ඉතින් දවස.කාටවත් අමාරු ,අසනීප එහෙම තියෙනවද? "

"නෑ සාජන් "

"හැමෝම බඩපිරෙන්න කෑවද උදේට"

"ඔව් සාජන්"

"හරි එහෙනම් අපි අපේ ලෙසන් එක පටන් ගමු.අද අපිට තියෙනෙ භූමි උපක්‍රම කියන කොටස.... ප්‍රැක්ටිකලුත් තියෙන පාඩමක් ඔයාලා ආසවෙයි. අපි අද මේක ඉවර කරගමු ප්‍රැක්ටිකලුත් එක්කලාම"

"ඒ....ටියානා අද ඔයා පාඩම කරන්න පටන් ගන්න"

"හරි සාජන්"

"හරි ලමයි හැමෝම දැන් මෙහෙ බලන්න.... අපි දැන් භූමි උපක්‍රම පාඩම පටන් ගන්න යන්නෙ ඉස්සෙල්ලම අපි දැනගන්නෙ ඕනේ ඒ කියන්නෙ මොනාද කියලා....කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න."

සී.කොට පාඩම කරන් යන්න දීලා සාජන් හෝල් එකෙන් එලියෙ චේන්ජින් රුම් එකට ආවා පොඩ්ඩක් නිදහසේ ඉන්න කියලා.සාජන් තාම කල්පනා කරන්නෙ මොකද්ද අද උදේ මැඩම් ගැහුව හින්ට් එක කියලා.

!!!!! සාජන් පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න මට එන ආරංචි හොද නෑ ප්ලැටූන් එකේ !!!!!

හදිසියෙ කැන්ඩිගෙයි මගෙයි සම්බන්දෙ මැඩම්ට ආරංචිවෙලාවත් ද.එහෙනම් කැඩෙට් වල නෙවෙයි ඉස්කෝලෙත් ඉදලා ඉවරයි.මොකද්ද මේ වෙන්න යන්නෙ.හැමදේම නැතිවෙලා යයිද? සාජන්ට කැන්ඩිව නැතිවෙයිද?

"සාජන්..... මට ගෙදරට කෝල් එකක් ගන්න පුලුවන්ද"

හිත හිත හිටපු කෙනාම ලගට ඇවිත් සාජන්ගෙන් කෝල් එකක් ගන්න ෆෝන් එක ඉල්ලුවා.

"ආ මෙන්න ගන්න. "

"තැන්කියු"

"ඒයි... අරන් යන්නෙ කොහෙද මෙතන ඉදන් කතා කරන්න.මමනෙ ඉන්නෙ"

"නෑ සාජන් ම..."

"නෑ නෑ කොහේවත් යන්නෑ ඔතන ඉදන් ගන්න. මට ඔයා ගැන බලන්න තියෙන වෙලාවත් අඩුයි.ඒක නිසා දැන් මේ වෙලාව ඔයා වෙනුවෙන්."

කැන්ඩි පිටිපස්ස හැරිලා කෝල් එක ගන්න ගමන් හිටියේ.ඒත් එකපාරටම කැන්ඩිගෙ බඩ මැදින් සාජන්ගෙ අත ඇවිත් එයාව සාජන්ගෙ උකුල උඩට ඇදලා ගත්තා.

ඔයාලා හිතාගන්න බැරුව ඉන්න ඇති මේ කතාවෙ ටොප් කවුද බොටම් කවුද කියලා.මං හිතනවා දැන් ඔයාලට තේරුනා කියලා.

දෙන්නාම ම්හ්ක්  සද්දයක් නෑ.ඇහෙන්නෙ ෆෝන් එක රින්වෙන සද්දෙයි දෙන්නාම හුස්ම ගන්න සද්දෙයි විතරයි.සාජන්ගෙ අත තාම තිබ්බෙ කැන්ඩිගෙ ඉන වටේ.සාජන් කැන්ඩිව තව ටිකක් ඇගට තුරුල් කරගත්තා.ඇත්තටම කැන්ඩි එවලෙ සාජන්ගෙ පැත්ත හැරුනා නම් එයාගෙ මූන දැකලා සාජන්ට හිනා යනවා සත්තයි.ඒ තරන් කැන්ඩි එවලෙ බයවෙලා හිටියේ.කෝල් එක රින්ග්ස් ගියාට කවුරුත් එහා පැත්තෙන් ආන්සර් කලේ නෑ.පෝනෙක රින්ග්ස් ගිහින් ඉවර උනාම කැන්ඩි වාඩිවෙලා ඉන්න ගමන්ම සාජන්ට ආපහු ෆෝන් එක දුන්නා.

3 DAY CAMPWhere stories live. Discover now