EPISODE 06

91 17 36
                                    

කැන්ඩිගෙ නිදිමත එවලෙ ගිහින් තිබ්බෙ.එයා සාජන්ගේ ඇස් දිහා බලාගෙනම තොල් වලට බර වෙලා හිටියා.පලවෙනිපාරට දැනුන නුහුරු හැගීමත් එක්ක එයාව පොඩ්ඩක් කන්ට්‍රෝල් නැතිවේගෙන එන ගතියක් කැන්ඩිට දැනුනා.සාජන්ගෙ මූනට වැටිලා තිබ්බ කොන්ඩ කෑල්ලක් කන අස්සෙන් රදවලා කම්මුල් දෙකෙන් අත් දෙක තියාගෙන නලලට හාද්දක් දුන්නා.

මේ මොකද්ද දෙයියනේ උනේ.......තාම ආදරෙයිවත් නොකියා මුන් පලවෙනි පියවරටත් ගිහිල්ලා.හදන්න බෑ දැන් කාලේ ඉන්න ලමයි.කියලා වැඩක් නෑ හුම්.ලැජ්ජයි කියලා මං අහන්නෙ නොකියා ඉන්නවද ?ආදරෙයි කියලා එක වචනයක් කියන්න බැයිද.ලමයි කරන වැඩ නෙවෙයි කොරන්නෙ 😒😂

මෙයාලා හිතුවට එවලෙ වෙච්ච දේ දන්නෙ එයාලා දෙන්නා විතරයි කියලා එතන තව කෙනෙකුත් එයාලා දිහා බලාගෙන හිටියා.පුලුවන් නම් කියන්න බලන්න කවුද කියල.

දෙන්නත් එක්කලාම හෝල් එකට ගිහිල්ලා නිදාගන්න දාලා තිබ්බ මෙට්ටෙන් හාන්සි උනා.කැන්ඩි ගිහින් එක තැනකින් හාන්සි උනා විතරයි එතන හිටිය ලමයා එහාට උනා.කැන්ඩි මාර අසරණ විදියට සාජන් දිහා බැලුවා.

"ආ නැගිට්ටා ඔක්කොම කෝ..... ඔය නිදි නැති අය නිදාගෙන ඉන්න අයව ඇහැරවන්න... නැගිට්ටා නැගිට්ටා... කට්ටියම 10ට ගනන් කරද්දි පිට්ටනියෙ පෝලිම්... එක.......... දෙක..... තුන....."

"ඇයි සාජන් මොකෝ උනේ"

"උන දේ කියන්නම් පෝලිම් උනාම "

ලමයි ඔක්කොම නිදි මරගාතේ පිට්ටනියෙ පෝලිම් උනා.සමහර අය වැනෙනවා නිදිමත වැඩිකමට.උදේ ඉදන් මහන්සි වෙලා වෙලා කට්ටියට කෙලිම් හිටගන්න බෑ.

"අනේ.......සාජන් ඇයි මේ........"

"කෝ නිරාශා එන්න ඉස්සරහට..... "

නිරාශා වැනි වැනි වගේ ඉස්සරහට ආවා.

"දැන් ඔයාලා මෙතන මෙහෙම පෝලින් වෙන්න හේතුව දන්නවද කවුරුහරි ? "

"නෑ සාජන්"

හැමෝම උත්තර දුන්නා.

"මෙන්න මෙයා නිසා තමයි ඔයා මෙතන පෝලින් වෙලා ඉන්නෙ.ඔයාලා හැමෝම දන්නවා ඇති කැන්ඩි කියන්නෙ අපේ ප්ලැටූන් එකේ ලමයෙක්...... හැමෝම කැන්ඩි කැන්ඩි කිව්වට කවුරුත් එයාගෙ ඇත්ත නම දන්නවද... දන්න එක්කෙනෙක් හරි ඉන්නවද ?....... "

හැමෝම හොල්මන් වෙලා මූනට මූන බලාගත්තා.

"ඒ කියන්නෙ මෙතන කවුරුත් දන්නෑනේ!!! ඕක නෙවේ මං බලාපොරොත්තු උනේ කැඩෙට් ප්ලැටූන් එකකින් හරිද....කවුරුත් හිතන්නෙපා ලොකු පොරවල් කියලා එහෙම අය කැඩෙට් ප්ලැටූන් වල නෑ ආවට ඉන්නෙත් නෑ.ඔක්කොම ඩවුන් යනවා.රෑන්කර්ස්ලා ඇර."

"අයියෝ...... එපා වෙනවානේ "

"ඇයි එපා වෙනවද කැඩෙට්.... හරියට දැනගෙන ආවා නම් එපා වෙන්නෑ... ඩවුන් ඉන්න ගමන්ම අහගන්නවලා.... කැන්ඩිගෙ සම්පූර්ණ නම W.R සුරනි මහේශ්‍යා.මොකද්ද....??"

"W.R සුරනි මහේශ්‍යා"

ලමයි ඩවුන් ඉදම්ම කිව්වා.

"නිරාශා ඉස්සරහට ඇවිල්ලා කියන්නකෝ දැන් ටිකකට කලින් කරපු වැඩේ "

නිරාශා උඩ බිම බැලුවා.තමන් මොකුත් කරේ නැහැ වගේ.

"කැන්ඩි ඇවිල්ලා ඔයා ලගින් හාන්සි උනාම ඈතට ගියා නේ??? නේද...??? කෝ ??? "

" ඔව් සාජන්"

" සමාව ගන්න ඒ ලමයාගෙන් "

"සමාවෙන්න කැන්ඩි ආපහු මං එහෙම කරන්නෑ"

කැන්ඩි මේ වෙන දේවල් ඔක්කොම තුශ්නීම්බූත වෙලා බලන් හිටියා.සාජන් කොහොමද යකූ මගේ ඇත්ත නම දැනගත්තේ.තාම මම ඇප්ලිකේශන් එකවත් දීලා නැහැ.

"ආයෙත් මේ වගේ දේවල් මට පේන්න මේක ඇතුලෙ වෙන්න බෑ.... තේරුනාද කැඩේට්ස්........."

"තුමනි "

" හරි දැන් ගිහිල්ලා නිදාගන්න හැමෝම දැන් වෙලාව 2 යි ඒ උනාට හැමෝම 5 වෙද්දි ඇහැරෙන්න ඕනේ... තේරුනාද"

"තුමනි "

කැන්ඩි එදා නිදාගත්තෙ සාජන් ගාවට වෙලා.එයාට ලමයි ගාවට යන්න හිතුන්නෑ කලින් කරපු දේ හින්දා.සාජනුත් ලමයි හැමෝම නිදාගන්නකල් ඉදලා කැන්ඩිගෙ මූන ගාවිම්ම ගිහින් හාන්සි උනා.

සාජන්ගෙ නියම මූඩ් එක දැන් ඔන් උනේ හරිද ලමායි.ක්ක්ක්ක්ක්ක්ක් පරිස්සමින් ඉන්න හරිද ඉස්සරහට මොනාවෙයිද දන්නෑ.

3 DAY CAMPWhere stories live. Discover now