එවලෙම දොර ඇරෙගෙන ඇතුලට ආවෙ හීනෙකින්වත් සාජන් බලාපොරොත්තු උනේ නැති කෙනෙක්.පොඩියට හිටියට කරලා තියෙන වැඩේ ගැන දැනගත්තම එන කේන්තිය අත මිටිමොලවගෙන ඉවසන් හිටියෙ එතන මැඩම් ඉන්න නිසාමයි.එයාගෙ ඇස් ඉස්සරහ හිටියෙ වෙන කවුරුත් නෙවේ...ඊය රෑ සාජන් පනිශ් කරපු නිරාශා... (bich)
මැඩම් සිද්දිය ඇස් දෙකෙන් දැකලා නෑ ඒ කියන්නෙ.තාම ශේප් කරන්න අවස්ථාවක් තියෙනවා.ඒක නිසා අන්තිම මොහොතෙත් ගේම ඉල්ලන් ඉන්න සාජන් තීරනය කලා.මොනා උනත් කැන්ඩිට වැරැද්දක් වෙන්න ඉඩ තියන්න බෑ.තාම හම්බුනා විතරයි.කටින් නොකිව්වට හැසිරීම්වලින් සාජන් කැන්ඩි ගැන ගොඩක් දේවල් දැනන් හිටියා.එයා ගැන හොයලා බලපු දේවල් වලින් කැන්ඩි ගැන සාජන් ගොඩක් දුරට තේරුම් අරගෙන හිටියා.ඩ්‍රාමා කරපු එකේ ප්‍රයෝජනේකුත් ගන්න එපැයි.
"ඇත්තටම මැඩම් මට තේරෙන්නෑ මැඩම් කියන්නෙ මොනවා ගැනද කියලා "
"ඇයි සාජන් ඔයා ග්‍රවුන්ඩ් එකේ කැන්ඩිත් එක්ක හිටියෙ.එවලෙ එතන මමත් හිටියා ඔයාලා නොදැක්කා උනාට "
කටවහන් හිටපු නිරාශා එයාගෙ වැඩකට නැති පම්පෝරි කියවන කට ඇරියා.
"සාජන් මේ නිරාශා කියන්නෙ ඇත්තද? මට දැනගන්න ඕනේ ඒක"
"නෑ මැඩම්.... එහෙම කිසිම දෙයක් මේ ප්ලැටූන් එක ඇතුලෙ නෑ"
"සාජන් මං ඔයාව විශ්වාස කරනවා වගේම ඔයාගෙ වචනෙට ගරු කරනවා.මේ තාක් ඔයාගෙ කිසි වැරැද්දක් දැකලා නෑ. මං ඒක නිසා ඔයාට යන්න පුලුවන්.නිරාශා....ඔයා සාජන් එක්ක කතා කරලා විසදගන්න.තමන්ට තියෙන පෞද්ගලික ප්‍රශ්න නිසා ප්ලැටූන් එකේ ආරවුල් ඇති කරන්නෙ නැතිව"
"ඒත් මැ.."
නිරාශා තව කතා කරන්න හැදුවත් මැඩම් අතින් කටවහගන්න කියලා නිරාශාට ඇගෙව්වා.
"හරි මැඩම්.ගුඩ් ඩේ "
හෝල් එක ලගට ආපු ගමන් සාජන් නිරාශාගෙ කොන්ඩෙන් ඇදලා අරන් කම්මුල් පාරවල් දෙකක් දුන්නා.මෙච්චර දරුණු විදියට සාජන් කවදාවත් හැසිරිලා නෑ.කොලර් එකෙන් අල්ලලා මූන ගාවට උස්සලා අරගත්තා.ඒ මූන දිහා බලන්නත් බයයි.කාලි යස්සනී වගේ යාලුවනෙ. රතුවෙලා තිබ්බ ඇස් වල කදුලු කැට මහ ගොඩක් පිරිලා තිබ්බා.
"මේ වචනෙ කවදාවත් මගෙ කටින් පිටවෙලා නෑ ඒත් අද මම ඒ වචනෙ පාවිච්චි කරනවා.... හරිද.....පොඩියි නම් පොඩිකමට වැඩ කරනවා.....තමුසෙ බැල්ලියෙක් වගේ හැසිරෙන්න එපා... ඔය වගේ අය කැඩෙටින් වලට ඕනෙත් නැහැ.....තමන්ගෙ ගානට ඉන්නවා....තේරුනාද.... ඉන්නවානම් ඉන්නවා පාඩුවෙ බැරි නං පලයං"
එවලෙ ලමයි එකෙ එක්කෙනා ටික බඩු ලෑස්ති කරගෙන හෝල් එකෙන් එලියට ආවා.සාජන් නිරාශාව අල්ලන් ඉන්න විදිහ දැකලා ලමයි ඔක්කොටම සූඌඌඌඌ ගෑවුනා.ලමයි එතෙන්ට ආපු බව දැනගත්තු සාජන් නිරාශාව අතැරියා.ඒත් මෙච්චර මට්ටු වෙලත් මේකිගෙ හැකර කටට ඉබ්බා වැටිලා තිබ්බෙ නෑ.
"ඒත් මම එතන දැකපු දේ ඇත්තක්....මම දැක්කා ඔයාලා..."
සාජන් එවලෙම එතන දොරට හේත්තු කරලා තිබ්බ යකඩ පොල්ල අතට ගත්තෙ එක අතකින් නිරාශාගෙ කට මිරිකන ගමන්.
"ප්ලීස් ඕක නම් කරන්නෙපා මං ඔයාගෙන් වැදලා ඉල්ලන්නම්"
Aaaaaaaaashhhhhhhhh..........!!!!!!!!!!
"ආයි නොකිව්වා කියන්නෙපා කැන්ඩි හොද හිතින් පැත්තකට වෙලා ඉන්නවා මට මේ නසරානියව ඉවරයක් කරන්න දීලා"
රෑන්කර්ස්ලයි කැන්ඩියි වටවෙලා සාජන්ව තද කරලා අල්ලගත්තා.ඒ යකඩ පොල්ල නිකන්ම බිමට වැටුනා.නිරාශා තමන්ගෙ බඩු ලෑස්ති කරගන්න හෝල් එකට දුවන ගමන් රෑන්කර්ස්ලා ටිකත් එක්ක සාජන් ලමයින්ගෙන් පොඩ්ඩක් එහාට ගියා.
YOU ARE READING
3 DAY CAMP
Casuale_ප්ලීස් ඕක නම් කරන්නෙපා මං ඔයාගෙන් වැදලා ඉල්ලන්නම්_ Aaaaaaaaashhhhhhhhh..........!!!!!!!!!! "ආයි නොකිව්වා කියන්නෙපා හොද හිතින් පැත්තකට වෙලා ඉන්නවා මට මේ නසරානියව ඉවරයක් කරන්න දීලා"