"_කැඩෙට්ස්ලා අඩන්නෙ නෑ_"
සාජන් කැන්ඩිවත් එක්කන් බිලට් එකට යන්න කැන්ඩිගෙ අතින් අල්ලගෙන ඉස්සරහට ගියා.ඒත් එක්කම කැන්ඩි සාජන්ගෙ අතින් ඇදලා අරන් පිටිපස්ස හැරිලා ඉන්න ගමන්ම බඩ මැද්දෙන් අත්දෙක යවලා ආපහු තුරුල් කරගත්තා.සාජන් කැන්ඩිට වඩා ටිකක් කොට උන නිසා සාජන් කැන්ඩිගෙ අත් දෙකට මැදි වෙලා හිටියෙ හරිම හුරතල් විදිහට.එහෙමම කැන්ඩි සාජන්ගෙ උරිස්සෙන් ඔලුව තියාගත්තා.පුලුන් බෝලයක් වගේ සාජන්ව බදාගත්තම කැන්ඩිට අතාරින්න ලෝබ හිතෙන්නැති.කවදාවත් නැතුව කැන්ඩි සාජන් ගාව හුරතල්වෙන්න පටන් අරන්.
"මොකද ලමයෝ මේ"
කැන්ඩි හිතුවෙ සාජන් බනියි කියල.ඒත් උනේ හිතපු දෙයින් අනිත්පැත්ත.කැන්ඩි උත්තර නොදී හිටපු විදියටම හිටියා.එකපාරටම අඩි සද්දයක් ආපු නිසා කැන්ඩි සාජන්ගෙන් ඈත් වෙලා හෝල් එකට දිව්වා.එවලෙ මැඩම් ඇවිල්ලා තියෙන්නෙ ශෙඩුල් එක මතක් කරන්න.ඇයි මැඩම් මේ වගේ රොමෑන්ටික් වෙලාවල් වලටම එන්නෙ.අන්ද්වේ............😩මැඩම්ගෙ උපදෙස් විදියට ලමයි හැමෝමව පිට්ටනියට යැව්වා.
වෙලාව රෑ දහයට විතර ඇති.හැම ලමයාටම තමන් ගැන සෙල්ෆ් ඉන්ට්‍රො එකක් කියන්න කියලා සාජන් ඉස්සරහට ඇවිල්ලා කිව්වා.හැමෝම තමන් ගැන ඉස්සරහට ඇවිල්ලා කිව්වා ඒත් කැන්ඩි ඇර.එයා වෙන කල්පනාවක ඉන්න විත්තිය සාජන් ඇස් කොනින් දැක්කා.එයා විතරක් අහස දිහා බලන් ඉන්නවා.ඇයි මේ ලමයා මෙච්චර මුරන්ඩු.සාජන්ට දහස් වාරයක් හිතුනා.තරහක් නෙවේ ඇත්තටම සාජන්ට එයා ගැන ඇති උනේ ලොකු අනුකම්පාවක්.කවුරුත් නොදන්නවා උනාට එයාට අපි හිතනවට වඩා ලොකූ ප්‍රශ්නයක් ඇති.ඒත් ඒක දැනගන්න විදියක් සාජන්ට තිබුනේ නෑ.මුලු ප්ලැටූන් එකකම වැඩ බලන්න තිබ්බ නිසා සාජන්ට පුලු පුලුවන් වෙලාවල් වල විතරයි කැන්ඩි එක්ක කතාකරන්න පුලුවන් උනේ.
"හරි දැන් හැමෝම ගිහින් නිදාගන්න.රෑන්කර්ස්ලට විශ් කරන්න.අපිට හෙට දවස විතරයි තව ඉතුරු වෙලා තියෙන්නෙ ලමයි.අපි පුලුවන් උපරිම ප්‍රයෝජනේ අරන් මහන්සි වෙන්න ඕනේ රන්ටැඹේ යන්න පුලුවම් හරිද අපිට."
"ඔව්ව්ව්ව්ව්ව්ව් "
ලමයි ඔක්කොම එක හඩකින් කෑ ගැහුවා.ඊට පස්සෙ එක එක්කෙනා නැගිටලා හෝල් එක ඇතුලට ගියා.සාජන් හැමෝම යනකල් බලාගෙන හිටියා.වට් ද ෆැන්ටාස්ටික් (wtf) කැන්ඩි පිට්ටනියෙම කකුල් දෙක උඩ ඔලුව තියාගෙන නිදි.සාජන් ගිහින් කැන්ඩිව ඇහැරෙව්වා.එවලෙ සාජන් හිටියෙ කැන්ඩි ගාව දණ ගහගෙන.කැන්ඩි එවලෙ ගොඩාක් නිදිමතේ හිටියෙ එයාට සාජන්ව පෙනුනේ ලාවට අඩවන් කරන් ඉන්න ඇස් අස්සෙන්
"නිදිමතයි.."
කැන්ඩි ඒක කිව්වා නෙවේ කෙදිරිගෑවා කියලා කිව්වා නම් හරියටම හරි
"එන්න යං අපි ගිහින් නිදාගමු "
"බෑහ්...මෙහෙම ඉන්න ඕනේ"
"මෙතන ඉදියොත් හොදට තියේ උදේ නැගිටිද්දි පින්න වැදෙයි"
"කමන්නෑ ඔයා ඉන්නවනේ මා එක්ක"
"බ්ප්....ම්ම්ක් මොකක් "
කැන්ඩි එවලෙම එතන එයා ඉස්සරහ වාඩි වෙලා හිටපු සාජන්ගෙ කොලර් එකෙන් අල්ලලා තමන්ගෙ මූන ඉස්සරහට ඇදලා ගත්තා.සාජන්ට කතා කරන්න ඕනෙ උනත් වචන එන්නෙ නෑ.අහකට යන්න හයියකුත් නෑ.මෙච්චර ඉක්මනට මේ දේවල් වෙන්න ඕනේ නෑ කියලා හිතුවත් ඒ වෙලාවෙ කැන්ඩි ඉස්සර වෙලා ඉවරයි.
YOU ARE READING
3 DAY CAMP
Random_ප්ලීස් ඕක නම් කරන්නෙපා මං ඔයාගෙන් වැදලා ඉල්ලන්නම්_ Aaaaaaaaashhhhhhhhh..........!!!!!!!!!! "ආයි නොකිව්වා කියන්නෙපා හොද හිතින් පැත්තකට වෙලා ඉන්නවා මට මේ නසරානියව ඉවරයක් කරන්න දීලා"