මෙහෙම ඕනවට වඩා ලොකුකමින් කතා කරන නිසා සාජන්ට කැන්ඩි එක්ක කතා කරන්න හිත දුන්නෑ.ඒක නිසා ආපහු පාර බලන් ගහට හේත්තු උනා.උත්තර හම්බැතිකොට එයා එවලෙම සාජන්ගෙ ඉස්සරහට ඇවිත්..............
"මොකද මේ ඇයි බිමින් ඉදත්තෙ "... (confused unga bunga)
"නගින්න පිටට මම අරන් යන්නම්"
"අයියෝ නැගිටින්න....මම බරයි කැන්ඩි ,මිස් එනකල් ඉදලා ත්රීවිල් එකක යමු."
කැන්ඩි එහෙමම ඉදපු විදියෙන්ම ඔරවලා සාජන්ගෙ මූන දිහා බැලුවා.අහංකාරකම+නපුරුකම අල්ට්රා ප්රෝ මැක්ස් මිශ්ර වෙලා තිබ්බ ඒ බැල්මට අවනත උනේ නැත්තම් දැවී අලු වෙන සීන් එකක් පෙනුන නිසා සාජන් කැන්ඩිගෙ බෙල්ල ගාවින් අත් දෙක පටලවලා කැන්ඩිගෙ කරට නැග්ගා.
"කොහෙද ඔය යන්නෙ ඔය පැත්තෙන් නෙවේ ඉස්කෝලෙට යන්නෙ "
"මේක ශෝට් කට් එකක් බබා "
"Excuse me මට සාජන් කියලා කතා කරන්න හරිද නැත්තන් රිතූ කියලා හරි කියන්න.නැහැදිච්ච විදියට කතා කරන්න එපා.මං කැමති නෑ.මං ලොකු කමකට නෙවේ කියන්නෙ ඒත් මේ කැඩෙටින් ඇතුලෙ රූල්ස් තියෙනවා.ඒවට අනුව අපි ඉන්න ඕනෙ.තේරුනාද"
"බිමට අතාරින්නද මම"
සාජන් කියන්නෙ මොනාද.... ඒක නිකන් බොරුවට හුලගෙ ගියා විතරයි.කනකටවත් ගත්තෙ නෑ ඒ දේවල්.ඒක බීරි අලින්ට වීණා වාදනා කරනවා වගේ වැඩක් උනා.අන්තිමට දෙන්නගෙ කිසි කතාබහක් නැතුවම ඉස්කෝලේ ඇතුලට ගියා.
"මේ නිමාශා කැන්ඩි පොඩ්ඩක් අමුතුයි නේද "
"එහ් ඔව්මයි හලෝ.... එයා අපිත් එක්ක කතා කරන්නෙත් නෑ මං නම් එයාට ආසම නෑ "
"මේ සිලුනිත් එක්ක කතා කරලා තිබ්බා එකපාරක්.අනික එයා රෑන්කර්ස්ලා එක්ක රන්ඩුවට වගේ යනවානේ පුදුම ලොකු කමක් "
"ඇයි දන්නෑ එයාව ගත්තෙ මේකට.මට නම් පේන්න බෑ "
"මොනවද මෙතන වෙන්නෙ ආ..... තනියම කුමන්ත්රණ ගහනවද.... ඩවුන් ඉන්න ඕනෙද ආ???"
"ඒ ඒ සි.කො මෙතන යකූ"
"මොනාද ඒ කියපුවා...??? එක ටීම් එකක් නේද අනිත් අයට එහෙමද කතා කරන්නෙ??"
එවලෙම කැන්ඩි එයා ඉදගෙන හිටපු තැනින් නැගිටලා එලියට ගියා.හත් දෙයියනේ... එයාට මේ ඔක්කොම ඇහිලා ඒ කියන්නෙ.මෙච්චර වෙලා එතනම බිම ඉදන් ඔලුව ගහන් ඉදලා තියෙන්නෙ කැන්ඩි.එයාට මොනවා හිතෙන්න ඇතිද?
"එහ් එහ්.. කැන්ඩි පොඩ්ඩක් නවතින්න"

YOU ARE READING
3 DAY CAMP
De Todo_ප්ලීස් ඕක නම් කරන්නෙපා මං ඔයාගෙන් වැදලා ඉල්ලන්නම්_ Aaaaaaaaashhhhhhhhh..........!!!!!!!!!! "ආයි නොකිව්වා කියන්නෙපා හොද හිතින් පැත්තකට වෙලා ඉන්නවා මට මේ නසරානියව ඉවරයක් කරන්න දීලා"