කොහොමද එකම චුයින්ගම් එක හපන්න දුන්නාම එක එක්කෙනාගෙ ඉදන්.හොද වෙලාවට රෑන්ක් බෝඩ් එකේ නොහිටියෙ කියලා හිතෙනවා ඒ වෙලාවට 💀 අපේ සාමාන්යෙන් රෑන්ක් බෝඩ් එක තමා අල්ලගත්තෙ ඔය වගේ වැඩ වලට.
ලමයි ඔක්කොම ලෑස්තිවෙලා ගෙදර යන්න.සාජනුත් එයාගෙ බෑග් එක අරන් ඇවිල්ලා එතනින් තියලා බෑග් එක ගාවින් වාඩි උනා.ඒත් එක්කම කැන්ඩි ඇවිත් සාජන් ගාවම බිමින් ඉදගත්තා.සාජන්ගෙ මූන බලාගෙන එතනම හිටියා.
"ඒ පාර මොකද මේ"
"නපුරුයි මෙයා නම්"
"මං කොහොමත් එහෙමයි ඒ මගෙ හැටි"
"ඒත් කලින් එහෙම වෙලා නෑනේ....නේද?"
"ඔයා කොහොමද දන්නෙ"
"නෑ මේ ප්ලැටූන් එකේ කලින් හිටිය ලමයි කිව්වා"
"දැන් ඉතින් අදුරගත්තානේ මාව"
"ඔව්...ආපහු එහෙම කරලා පෙන්නන්නකෝ"
"කොහොමද"
"යකඩ පොල්ල අතට අරම් කියන්න අරම ආපහු"
"ආ ආ... මේ මාව හාවෙක් වගේ පේනවද"
"නෑ පැන්ඩෙක් වගේ "
"ආශ්.................. ඔහොම ඉන්නවා"
සාජන් එතනින් නැගිටලා කැන්ඩි පිටිපස්සෙන් එලවන්න ගත්තා.හොද වෙලාවට ලමයි කට්ටිය පැටික් වලට දාලා තිබ්බ නිසා ලග පාත කවුරුවත්ම පේන්න හිටියෙ නෑ.දුවලා දුවලා හති වැටුන නිසා.දෙන්නම හිටපු තැන් වලම ඉදගත්තා.
"මෙහ්..හ්හ්..හ් ම..ට පැන්ඩා කියන්නෙපා හරිද "
"බෑ පැන්ඩෝ"
"අනේ මේ නවත්තගනවකො.මං ආස නෑ කියලා එකපාරක් කිව්වනේ"
"ආ හරි හරි ආපහු කියන්නෑ"
"මෙහ් ඔන්න ලමයි එනවා.ඔහොම ඉන්නෙපා"
සාජන් එක්ක ඉන්න ඕනේ නිසා බොරු ලෙඩක් හදන් පැවිලියන් එකේ නතර උනා.කැන්ඩිට ඒක නිසා සිද්ද උනේ රගපාන්න.
"මේ ඇයි ඔයා ග්රවුන්ඩ් එකේ ඉන්නෙ....වාඩිවෙලා ඉන්න නේද කියලා ගියේ"
සී.කො බැනගෙන වගේ ආවා.වහාම ක්රියාත්මක උන සාජන් ලමයි ටිකව එකතු කරන් ආපහු පැවිලියන් එකට ආවා.කලින් කෑම්ප් වල රසබර සිද්දි කියන්න.කැන්ඩිත් ටග්ගාලා ගිහිම් හරිබරි ගැහිලා ඉදගත්තා.තව පැයක් ඉතුරුවෙලා තිබ්බා සාජන්ට කතාව කරන්න.ලමයින්ව මෝටිවේට් කරන්නත් පුලුවන් නිසා සාජන් එපාවෙන ඒවා අයින් කරලා කතාව කිව්වා.
"ඔන්න මං ඉස්සෙල්ලම රන්ටැඹේට අඩිය තිබ්බෙ මං 9 වසරෙදි.මේ මෙයාලා වගේම චූටියි මං.අපිට හැමදේම කියන්න හිටියෙ මැඩමුයි සාජනුයි රෑන්කර්ස්ලයි විතරයි.තම තමන්ගෙ වැඩ තනියම කරගත්තා හැමෝම.ඉතින්.....අපි කෑම්ප් ගියාම අපේ හැම කම්පිටිශන් එකකටම හැමෝම යන්නැහැ.බිලට් එකේ නවත්තනවා එක ලමයෙක්.එයාගෙ වැඩේ තමයි බිලට් එක බලාගන්න එක.එ අස්සෙ රිලා ප්රහාර එහෙම එන්න පුලුවන් ඉතින්.එයා ඒවා බලාගන්න ඕනේ.අපි කෑම්ප් යනකොට සෙල්ලම් වදුරෙක් ගෙනියනවා දොරේ එල්ලලා තියන්න. එතකොට සාමාන්යෙන් රිලව් පනින්නෑ.අපි කෑම කන තැනට කියන්නෙ මෙස් එක කියලා.බෑන්ඩ් සාජන්ගෙ අතේ තියන එකටත් කියනවා.ඒ දෙක පටලගන්නෙපා ඉතින් ඔයාලා.ඒකට ගියාම බෙදාගන්න කෑම ඔක්කොම කන්න ඕනෙ අපි.CQ ,CSM ලා එහෙම බලලා තමා යවන්නෙ.කෑම්ප් එකේදි විවේකයක් නම් හම්බෙන්නෙ කලාතුරකින්.සාමාන්යෙන් ගියපු වෙලේ ඉදන් වැඩ වැඩ වැඩ.එහෙ ඉන්නවා චූටි චූටි සත්තු.හැබැයි උන් ලස්සන උනාට හෙන විසයි.අපිට එහෙන් එනකොට ncc t-shirt ,batch ,keytags එහෙම අරන් එන්න පුලුවන් සල්ලි දීලා.එන අන්තිම දවසෙ ඇත්තටම කෑම්ප් එක දාලා එන්න මාර දුකයි.ගිහින් ආවට පස්සෙත් හිතෙන්නෙ අනේ ආපහු යන්න තිබ්බානම් කියලා.ඒක නිසා කැඩෙට් යුනිෆෝම් එක අදින්න පුලුවන් පුංචිම කාලේ ඉදලා උපරිම කාලේ වෙනකල් අදින්න ට්රයි කරන්න.කැඩෙට් වලින් ජීවිතේට ලැබෙන අත්දැකීම් ගොඩායි.කැඩෙට් කියන්නෙත් වෙනම ජීවිතයක්.ඉතින් අපි කොහොමහරි කෑම්ප් යන්න ඕනෙ ලමයි.ඒක හිතට අරන් හොදට ප්රැක්ටිස් කරමු.අපි කෑම්ප් යනවා නේද.............."
"ඔව්ව්"
"ආපෝ යන්න ඕනෙ නෑ වගේ මෙයාලට නම්"
"අපි කෑම්ප් යනව නේද.........."
"ඔව්ව් සාජන්"
හිහී පැවිලියන් එකේ වහලෙත් පොඩ්ඩක් හෙල්ලුනාද මන්දා.
"දැන් ඔයාලගෙ අම්මලා ඇවිල්ලා ඇති ඒක නිසා දැන් හැමෝම බෑග් අරන් පෝලිමට එන්න."
YOU ARE READING
3 DAY CAMP
Random_ප්ලීස් ඕක නම් කරන්නෙපා මං ඔයාගෙන් වැදලා ඉල්ලන්නම්_ Aaaaaaaaashhhhhhhhh..........!!!!!!!!!! "ආයි නොකිව්වා කියන්නෙපා හොද හිතින් පැත්තකට වෙලා ඉන්නවා මට මේ නසරානියව ඉවරයක් කරන්න දීලා"