EPISODE 08

103 21 28
                                    

" ලෙසන් එකට පරක්කු වෙනව නේද යන්නැද්ද"

"ආ ඔව් සාජන් මං යන්නම් එහෙනම්"

කැන්ඩි සාජන්ගෙ උකුලෙන් නැගිටින්න හැදුවා.

"ආ දැන් කොහෙද යන්න හදන්නෙ"

"ඇයි දැන් ලෙසන්ස්වලට යන්න කිව්වෙ"

"ඉතින් දැන් මං යන්න කිව්වද"

"නෑ ඉතින් පරක්කු වෙනවද ඇහුවෙ"

"ඇයි මට එහෙම අහන්න බැරිද "

"පුලුවන් සාජන්"

"මේ සුරනී....අපි දෙන්නා විතරක් ඉන්නකොට සාජන් නොකියා ඉන්න බැරිද"

"ඒත් එහෙම "

"එහෙම තමා ඕනේ.බබා , පැටියෝ ඕනෙකක් කියන්න"

"ඒත් සාජන්..."

"ඔය ආපහු සාජන්ලු.දැන් නම් හපනවා හරිද "

සාජන් කැන්ඩිගෙ බෙල්ල ගාවට ලං වෙලා එයාව හපන්න හැදුවා.කැන්ඩි ඇස් දෙක තද කරන් පියාගත්තා.එයාට රිදෙයි කියලා හිතෙන්නැති.සාජන් හපන්නෙ නැතුව බෙල්ල පාමුලට පුංචි හාද්දක් දුන්නා.කැන්ඩි ඇස් දෙක හිමීට ඇරලා සාජන් දිහා බලලා එකපාරටම දඩිබිඩි ගාලා නැගිටලා ආපහු හෝල් එකට දිව්වා.

අනේ මෙහෙමත් පිස්සු කෝච්චියක්.

"සාජන්...... කොහෙද ඉන්නේ"

මැඩම් කටහඩ ඇහුන පාර සාජන් ගැස්සිලා වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා එලියට ආවා.

"ඇයි දැන් තමුන් ලෙසන්ස් වලට ඉන්නෙ නැද්ද "

"ඉන්නවා මැඩම්."

"එහෙනන් මොකද්ද ඔතන කරන්නෙ"

"වොශෲම් එකට ගියා මැඩම් "

"දැම්ම යනවා හෝල් එකට.රෑන්කර්ස්ල එක්ක ඉන්න එහෙ මෙහෙ තනියම ඉන්නැතුව.මං දුන්න ෆයිල්ස් ටික රෙඩි කරලා ගන්න.අද හවස ඒ ටික අරන් මගෙ රූම් එකට එන්න ඕනේ ඔයා 6 වෙද්දි."

"තේරුනා මැඩම්"

"හරි එහෙනම් දැන් යන්න"

සාජන් ඉක්මන් කරලා හෝල් එකට දිව්වා.කොහොමත් ලෙසන්ස් ඉවර වෙන්න පොඩි වෙලාවයි තිබ්බෙ.ඉස්කෝලේ හෝල් එකේ අපි අපේ අපේ කෑම්ප් එක ඇරේන්ජ් කරලා තිබ්බෙ.ඒක නිසා මැඩම්ට සැරින් සැරේ හෝල් එකට ඔලුව දාලා අපේ වැඩ කටයුතු බලන එක ලොකු පහසුවක් උනා.ඒත් ඒක අපිට අපහසුවක් හිහී.

ඩ්‍රිල් පීටී ප්‍රැක්ටිස් කරලා ඉවරා වෙලා ටී බ්‍රේක් එකේදි සාජන් ෆයිල් ටිකත් අරන් මැඩම්ගෙ රූම් එකට ගියා.මොකද 6 වෙද්දි ලමයින්ව අම්මලට බාර දීලා කෑම්ප් එකෙන් පිටත් කරලා යවන්න ඕනේ නිසා, සාජන්ට මැඩම්ගෙ රූම් එකට වෙලාවට යන්න බැරි උනොත් බැනුම් අහගන්න වෙන නිසා.

"එක්ස්ක්‍යුස් මී මෑම්.මේ අයි කමින්"

"එන්න ඇතුලට. කෝ මං කියපු වැඩේ කලාද"

"ඔව් මැඩම්"

"එහෙනම් ඔය ෆයිල්ස් ටික මෙතනින් තියලා පොඩ්ඩක් ඉදගන්නකො "

"හරි මැඩම්"

" සුරනි එක්ක යාලුවෙලා දැන් ඔයා මොනවද සාජන් බලාපොරොත්තු වෙන්නෙ? සාජන් පටි ගලවගන්නද ? ඉස්කෝලෙන් අස් වෙන්නද? "

"මට තේරුන්නෑ මැඩම් කියපු එක"

ඒ කියපු දේ නිකන් සාජන්ගේ කනට ගැහුවා වගේ.එයාගෙ අනුමානෙත් හරි ගියා ඒත්...මැඩම් ඒ ගැන දැනගන්නෙ කොහොමද....අපි දෙන්නා එකට හිටිය තැන් වල වෙන කවුරුත් හිටියෙ නෑනේ.

"මොනාද කල්පනා කරන්නෙ මම කොහොමද දැනගත්තෙ කියලද.මං ගැන අවතක්සේරුවෙන් හිතන්නෙපා සාජන්
......... මම හැමවෙලේම ඔයාලා ගැන ඇහැගහගෙන බලන් ඉන්නෙ.මීට ඉස්සර මේ වගේ කිසිම සිද්දියක් මට දැනගන්න ලැබිලා නෑ.වැරැද්ද පිලිගන්නද ඔයා "

"වැරැද්දක් කලේ නෑ මැඩම්"

"මොකද්ද ත..."


3 DAY CAMPWhere stories live. Discover now