EPISODE 04

102 18 36
                                    

කැන්ඩි ඇහුන්නෑ වගේ කෙලිම්ම හෝල් එකෙන් එලියට ඇවිදන් ගියා.සී.කො එහෙමම ඔලුවෙ අතගහත්තෙ ප්ලැටූන් එකේ විනය කොච්චර දුරට පිරිහිලාද කියලා තේරුන්ගන්න ගමන්.ඒ කියපු දේවල් ආපහු අනිත් පැත්තට ගන්නත් බෑ.සමාව අරගෙන වැඩකුත් නෑ.ඒකයි අපි හැමතිස්සෙම වචන පාවිච්චිකරද්දි දෙපාරක් හිතලා බලන්න ඕනේ.කැඩෙඩ් ප්ලැටූන් එකක 25 දෙනෙක් හිටියට ඇත්තටම ප්ලැටූන් එක කියන්නෙ එක්කෙනෙක් වගේම ප්ලැටූන් එක කෑම්ප් ගියාට පස්සෙ අපිව බලාගන්න කෙනා වගේම හැමෝගෙම අම්මා වෙන්නෙ තමන්ගෙ සාජන් ( uuufffff mommyyyyyyy😩noooo ) කියලා සීනියර් අක්කලා ඇවිල්ලා කටකැඩෙනකල් මේ ලමයින්ට දේශනා දෙන්න ඇති.ඒත් ඒ කිසි දෙයක් හිතට අරන් නැහැ කිව්වම පොලව පලාගෙන යන්න හිතෙනවා.කන්ඩායම් හැගීම "0".

"කැන්ඩි......"

"පොඩ්ඩක් ඉන්න මම එයා ගැන බලන්නම්"

සාජන් ඇවිත් කැන්ඩිගෙ පස්සෙන් යන සී.කො ව නතර කරා.කැන්ඩිත් එක්ක තනියම කතා කරන්න හිතාගෙන සින්ක් එක තියෙන තැනට වෙලා ඉන්න කැන්ඩි ගාවට ගියා.

"මේහ් ඔයා හොදින් නේද"

"ඔයාගෙ කකුල හොද වෙන්නෑනේ ඇවිද්දොත්.වාඩිවෙලා හිටියොත් සනීපවෙන්නෙ."

"මං ඇහුවෙ ඔයා හොදින්ද කියලා"

කැන්ඩි සින්ක් එක උඩ තිබ්බ කෝප්පෙට වතුර එකක් පුරවලා ලා හිනාවක් දාන ගමන් සාජන් දිහාට දික් කලා.

"මම ප්‍රශ්නෙක වගේ පේනවද ?මම වතුර බොන්න ආවේ.ඔයාටත් ඕනෙද?"

"එපා ඔයා බොන්න.ඔයාට ප්‍රශ්නයක් නෑනේ ඒ කියන්නෙ එහෙනම් "

කැන්ඩි ඔලුව දෙපැත්තට වනලා නෑ කිව්වා.

"මම එහෙනන් යනවා වතුර බීලා ආපහු හෝල් එකට එන්න හරිද.මොකක් හරි ප්‍රශ්නයක් උනොත් කියන්න මට හරි රෑන්කර් කෙනෙක්ට හරි "

" යන්නෙපා ඉන්න ටිකක්"

කැන්ඩි වතුර කෝප්පෙ හයියෙන් සින්ක් එක උඩින් තිබ්බා.එකපාරට සාජන් ගැස්සිලා ගියා මොකද්ද මේ උනේ කියලා හිතාගන්න බැරුව.කවදාවත් ලොකු කම අතෑරලා කැන්ඩි කාත් එක්කවත් කතා කරලා නෑ.ඒත් සාජන් ඉස්සරහ යන්නෙපා කියලා කියන්න තරන් කැන්ඩිට මොකද උනේ?

සාජන් පිටිපස්ස හැරිලා ආපහු කැන්ඩි දිහාවට ඇවිදගෙන ආවා.

"ඒකනේ මං කිව්වෙ ඔයා මොකක් හරි ප්‍රශ්නෙක කියලා.කෝ දැන් කියන්න හොද ලමයා වගේ මොකද උනේ? ඇයි සී.කො ඔයාත් එක්ක කතා කරන්න ආවෙ ? "

කැන්ඩි තාම මූන බිමට බර කරගෙන.සාජන් කැන්ඩිගෙ උරහිසෙන් අල්ලලා කැන්ඩිත් එක්ක කතා කලා.මේ මුරන්ඩු ලමයාව කැඩෙට් වලින් හරි හැදුනොත් ලොකු දෙයක් හැබැයි.

"ඇයි සාජන් මම අනිත් ලමයින්ට වඩා වෙනස්? ඇයි ඔයා විතරක් මාත් එක්ක මෙහෙම කතා කරන්නෙ"

"අයියෝ කැන්ඩි මෙහෙ බලන්නකෝ.අනිත් අය කියන දේවල් ඔයා ගනන් ගන්න එපා.මම හැමෝත් එක්කම කතා කරනවා.අපි පවුලක්නෙ කැන්ඩි.කැඩෙට් කියන්නෙ ඇත්තටම කිව්වොත් පවුලක්.ඒකනේ අපි හැමතිස්සෙම අනිත් කෙනා ගැන හොයලා බලන්නෙ?කැඩෙට් කියන්නෙ තරගෙට මූන දෙක එකම නෙවෙයි.

"මම අමුතුයිද , ඇයි මට ගොඩක් තරහ යන්නෙ , ඇයි මට අනිත් අය වගේ යාලුවෝ හදාගන්න බැරි ඇයි මටම විතරක්!!!! "

සාජන් කැන්ඩිගෙ බිමට හැරවිලා තිබුන මූන ආපහු උඩට කලා.අනේ නහය රෝස පාටට හැරිලා.යකෙක් වගේ ඕනෙ දේකට සැලෙන්නැතුව හිටපු කැන්ඩිගෙ ඇස් පේන්නැති තරමට කදුලුවලින් පිරිලා.කදුලක් කම්මුලට වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි සාජන් කැන්ඩිගෙ ඇස් දෙක පිහිදාලා හයියෙන් බදාගත්තා.ඇත්තටම එයා එවලේ අහපු දේවල් වලට සාජන්ට එවලේ කරන්න තිබ්බ එකම දේ හග් කරන එක විතරයි.සාමාන්‍යෙන් දුකින් ඉන්න කෙනෙක්ව හග් කලාම ඒ කෙනාට පොඩි සහනයක් දැනෙනවා කියලා සාජන් දැනගෙන හිටියා.ඒ වෙලාවේ හැටියට කරපු දේට කැන්ඩිට පලවෙනි පාරට දැනෙන්න ගත්තා තමන් වෙනුවෙනුත් කෙනෙක් ඉන්නවා කියලා.සාජන් ටික වෙලාවකින් එයාව අතෑරලා කැන්ඩිගෙ මූන දිහා බලලා එකම එක වචන තුනක් විතරක් කිව්වා.





3 DAY CAMPWhere stories live. Discover now