EPISODE 14

100 14 2
                                    

EPISODE 14

"මැඩම් තාම ගෙදර ගිහින් නැද්ද හත්තික්කේ..... කැන්ඩි රිංගපන් ඔය මේසේ යටට"

කැන්ඩි පුලුවන් තරන් ඉක්මනට මේසේ යටට රිංගුවා.එවලෙම හිගන්නගෙ පාත්තරේට හෙනහුරා වැටුනා වගේ වේටර් කෙනෙක් බිල් එකත් අරන් මේ දෙන්නගෙ මේසේ ගාවට ආවා.

"මිස් බිල් එක"

වේටර් බිල් එක තියලා යන්න හදනකොටම කැන්ඩි මේසේ යටටවෙලා ඉන්නවා දැකලා නැවතුනා.

" මිස් මොනාහරි උදව්වක් ඕනෙද"

මේ යකාට කරන වැඩේ කරලා පාඩුවෙ යන්න බැරි හැටි මෙතන බෙරිහන් දෙන්නෙ නැතුව.තව මොනාහරි කිව්වොත් නන් අනිවාරෙන් මැඩම් මේ පැත්ත බලනවා.මට මේකගෙ හොම්බට දෙකක් අනින්නනමයි හිතෙන්නෙ.කටේ සද්දෙත් වැඩියි මුගෙ. කෙලවෙන්නයි යන්නේ.ඇයි දෙයියනේ අපිටම මෙහෙම වෙන්නෙ.

සාජන් දත් මිටි කාගෙන වේටර්ට හිතින් බනින ගමන් සැරින් සැරේ මැඩම් මේ පැත්තට එනවද බලනවා.කැන්ඩි මේසේ යට ඉදන් මොනාහරි නැතිවෙලා වගේ හොයනවා.

"මිස් මමත් උදව් කරන්නද"

"නෑ මට තනියම හොයාගන්න පුලුවන්"

"නෑ මිස් කමක් නෑ "

"එක පාරක් කිව්වනේ එයාට පුලුවන් කියලා.කන් ඇහෙන්නැද්ද ඔයාගෙ"

සාජන් ඉවසලා ඉවසලා බැරිම තැන කට ඇරියා.ඒ ඇස් දෙක දිහා බලනවට වඩා හොදයි ලෝදිය හැලියක ඔලුව ඔබාගන්නවා.වේටර් ආපහු මොකුත් නොකියා ආපසු හැරිලා කෙලිම්ම කුස්සිය බලා ගමනේ ගියා.

ආපහු බලද්දි නම් මැඩම් ගිහින්.සාජන් මේසෙ උඩින් සල්ලි ටික තියලා කැන්ඩිවත් එක්කන් ඉක්මනට කඩෙන් එලියට පැනගත්තා.ඊට පස්සෙ කැන්ඩිගෙ ගෙදරට කෝල් එකක් දීලා ශේප් කරලා ආපහු බස් හෝල්ට් එකට ඇවිදගෙන ආවා.කැන්ඩිට වෙච්ච සිද්දියට තනියම හිනා.

"එහෙනම් ඉතින් ඔයා යන්න.තැන්කියු කෑම අරන් දුන්නට"

"මාව යවන්නමයි නේ ඕනේ.හරි හරි මම යන්නන් එහෙනම්.මෙච්චර කරන මට සලකන්නෙ මෙහෙමනේ.කමක් නෑ කමක් නෑ."

"ඒයි ඒයි දැන් එහෙම දෙයක් කිව්වෙ නෑනේ රිතූ.මං තෑන්ස් කලේ.දැන් කොහොමත් ඔයාට ගොඩක් පරක්කු වෙලා.ගෙදර යන්න පරිස්සමින්."

"ඔයා යනකල් ඉන්නන්"

"ඇයි ඔයත් එනවද අපේ ගෙදර"

"හ්ම්ම්.. ඔයා කැමති නන් ඉතින්."

"ඒවට නම් උඩ පැනගෙන හා නේ"

එවලෙම බස් එකක් ඇවිල්ලා හෝල්ට් එකේ නැවැත්තුවා

"මේ මම එහෙනම් යන්නම්"

අනේ යන්නෙපා... තව ටිකක් ඉන්නකෝ...තවුසෙව ගෙදර යවන්න ලෝබයි ඕයි.මගදි කරදරයක් එහෙම උනොත්...අනේ මාත් එන්නද...ගෙදරින් අවුලක් වෙයිද...ඒත් මගේ අනිත් පන බස් හෝල්ට් එකේ දාලා එන්නෙ කොහොමද...අයියෝ අපරාදේ බයික් එකේ ආවේ.

සාජන්ගෙ හිතේ කියන්න දේවල් ගොඩක් තිබුනත්;

"පරිස්සමින් යන්න.නිදාගන්න එපා බස් එකේ.ගෙදර ගිහින් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දාන්න.."

"හරි හරි.. ඔයත් පරිස්සමින් හිමීට යන්න."

කැන්ඩි සාජන්ට අතවනලා බස් එකට නැග්ගා.බස් එක විනාඩි පහක් වගේ හෝල්ට් එකේ නවත්තන් ඉදලා එතනින් යන්න පටන් ගත්තා..

සාජන් හෝල්‍ට් එකේ ඉදන් බස් එක පේන්නැති වෙන දුරට යනකල්ම බලන් හිටියා.

- නිමි -

Author note💀

කට්ටිය හිතනවා ඇති ඇයි මම කැඩෙට් ගැනම අල්ලන් ලියන්නෙ කියලා.ඇත්තටම මේ ලෝකෙ අපි දන්නැති දේවල් ගොඩක් තියෙනවා.ඒක නිසා ඒකට හේතුව මම දන්නෙත් නෑ ගායිස්.මම ගොඩක් කෑම්ප් වලට සහභාගී වෙලා තියෙනවා.ඒවායේ මේ කතාවලට වඩා ආතල් සිද්දි වෙලා තියෙනවා ඒත් ඒවා රෙද්දක් ඇදන් ලියන්න බැරි දේවල් 👉👈😂ඇත්තටම කෑම්ප් වලදි රෙස්ට් හම්බෙන්නෙ ගොඩක් අඩුවෙන්(මට මේක කියලා එපා වෙලා.ඒත් ඒක ඇත්තක්) වගේම අමතර දේවල් ගැන හිතන්නවත් වෙලාවක් එන්නෑ. සම්පූර්ණයෙන් ඔලුව තියෙන්න ඕනේ එකම ට්‍රැක් එකක.නැත්තන් ඔහේ නිකන් කාලේ කනවා වගේ වැඩක් වෙන්නෙ.රෙස්ට් එකක් හම්බුන ගමන් මනෝලෝකෙට අඩිය තියලා බීලා වගේ අන්තෙටම මනෝ පාරවල් ගහන කෙනෙක් තමයි මම 💀.මගේ මනෝපාරවල් ගැන අනිත් උන් දන්නවා නම් මාව ප්ලැටූන් එකෙන් දැනටමත් එලවලා යාලුවනේ.කෑම්ප් එකක වෙන්න ඕනේ නොවෙන්න ඕනේ සියල්ල මම මගේ කතා වලට දාලා මගේ ආධ්‍යාත්මික සුවය උපරිමේටම විදිනවා.මං ලියන කතා ගොඩක් දුරට මගේ ජීවිතේට සම්බන්ධයි වගේම ඇත්තටම මේ දේවල් නිකන් ගොතපු දේවල් විතරයි.ඇත්ත තියෙන්නෙ 0.000001% කටත් අඩුවෙන්.ඉතින් මගේ කතා කියවලා මාව සතුටු කරවන ඔයාලාට ගොඩක් විස්කෝතුයි වගේම ආදරෙයි මං අහස තරන් 💙❤️🥺

3 DAY CAMPWhere stories live. Discover now